• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කිඳුරාදරී ගොඩක් වෙනස්

February 22, 2020
in Heart
Reading Time: 1 min read
A A
කිඳුරාදරී ගොඩක් වෙනස්
Share on WhatsAppShare on Facebook

සද්ද බද්ද නැතුව කරන වැඬේ හරියට කරන නිර්මාණකරුවන් අතර තවත් සුවිශේෂී නිර්මාණකරුවෙක් අපට හමුවුණා. පසුගිය ආදරවන්තයන්ගේ දිනයදා පුංචි තිරයට ආදරයෙන් තිළිණ කළ ‘කිඳුරාදරී’ කාගේ වැඩක්ද කියලා ගොඩදෙනෙක් හොයන්නට පටන් ගත්තේ කරපු වැඬේ හඬ පැතිරෙද්දී. ඒ වෙන කවුරුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පී සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසයි.
ප්‍රදීප් ඔබ කළ නිර්මාණ අතර ‘කිඳුරාදරී’ වෙනස් නිර්මාණයක් නේද?
‘කිඳුරාදරී’ ආදරණීය කතාවක්. එය විකාශය වීමට පටන්ගෙන වැඩි කාලයක් නැහැ. පෙබරවාරි 14 වැනි දින ආදරවන්තයන්ගේ දිනයේ තමයි විකාශය වීම ආරම්භ වුණේ. ඉතින් ඒ වෙනස් මාවත තමයි මම නිර්මාණ කිරීමට උත්සාහ කළේ. මම කාටවත් දෝෂාරෝපණය කරනවා නෙමේ. අද ගොඩක් මෙගා ටෙලිනාට්‍ය පවුලේ කතා, නැතිනම් අල්ලපු ගෙදර අය සමඟ බැඳුණු කතා තමයි නිර්මාණය වෙන්නේ. ඔය අතර හොඳ නිර්මාණත් විකාශය වෙනවා. අපි හැමෝම ආදරයට කැමැතියි. විවිධ ආදරයන් තිබෙනවා. පාසල් කාලයේ අය ආදරයට පිස්සු වැටෙනවා. නමුත් තාරුණ්‍යයේදී ඔවුන් ආදරය කරන්නේ අත්දැකීම් එක්ක. ‘කිඳුරාදරී’ ආදරය ගැන කතා කරනවා වගේම ඩාන්සින් පැත්තට බර ටෙලිනාට්‍යයක්.
අද පවතින ටෙලිනාට්‍ය රැල්ලට අභියෝගයක් වේවිද ‘කිඳුරාදරී’?
කිසිම ටෙලිනාට්‍යයකට අභියෝග කරන්න, තරග කරන්න නෙමේ ‘කිඳුරාදරී’ නිර්මාණය වුණේ. ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් වෙනස් රසවින්දනයක් ලබාදීමටයි අපි උත්සාහ කළේ. සියලුම දෙනා අදහස්, උදහස් යෝජනා බලා උරෙන් උර ගැටිලා අපි සියලුම දෙනා එකම තීරණයට ඇවිත් සාමූහිකව හදපු කතාවක් ‘කිඳුරාදරී’. ප්‍රේක්ෂකයා කැමැති දෙය අප ඔවුන්ට ලබාදිය යුතුයි.
බහුතරයක් නිර්මාණකරුවන් එකම රාමුවක තමයි නිර්මාණ කරන්නේ. එයට හේතුව?
එයට හේතුව මම කියන්න දන්නේ නැහැ. නමුත් මම හිතන විදියට අපි එකිනෙකාට වෙනස්. අපි හැමෝටම නිර්මාණකරුවන් වශයෙන් විවිධ දේවල් නිර්මාණ කරන්න පුළුවන්. මම ටෙලිනාට්‍ය දහයක් කළොත් දහ විදිහක්. ‘සමනලයන්ට වෙඩි තියන්න’, ‘ඇහිපිල්ලමක් යට’, ‘ත්‍රෛලෝකා’ එකිනෙකට වෙනස්. ඒ විතරක් නෙමේ ‘දෙයියන්ගේ රටේ’ හරහා මම හාස්‍ය මතුකරන ටෙලිනාට්‍යයක් නිර්මාණය කළා. මම රාමුවකට කොටුවෙන්න කැමැති නැහැ. මගේ පාත් එකක් නැහැ. වැඬේ අවුට්පුට් එක තමයි මට වැදගත්. ඒ වෙනුවෙන් මම අවංකවම වැඩ කරනවා.
දැන් පවතින ජනප්‍රිය ටෙලිනාට්‍ය අනුකරණයෙන් සැකසුණ නිර්මාණ. ‘කිඳුරාදරීත්’ ඒ තැන ගනීවිද?
කොපි කිරීමක් නැහැ. හැමදේම පවතින්නේ තියෙන දේවල් එක්කයි. ඔබට කියවන්නේ නැතුව ලියන්න බැහැ. ලෝකේ චිත්‍රපට බලන්නෙ නැතුව චිත්‍රපට හදන්න බැහැ. නමුත් ලෝකයේ ටෙලිනාට්‍ය බලා ටෙලිනාට්‍ය හදන්න, ලියන්න බැහැ.
ප්‍රදීප් දැන් ටෙලිනාට්‍යවල රඟපානවට වඩා නිර්මාණකරණයට මූලික වෙලා වැඩ කරන්නේ. ඔබේ නිර්මාණයක ඔබ රඟපෑවොත් නරකද?
මට නළුවෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. අහම්බෙන් තල්ලු කිරීමක් එක්ක තමයි මම රඟපෑමට සම්බන්ධ වුණේ. මගේ ලොකු ආශාවක් තිබුණේ එදා ඉඳලා සිනමා අධ්‍යක්ෂවරයකු වෙන්න තමයි. ටෙලිනාට්‍ය කිහිපයකයි මම රඟපෑවේ. මම අධ්‍යක්ෂණය කළ ‘අත්තටුවක පිහාටුවක’ ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. එය සමහර විට මම රඟපාන අවසාන ටෙලිනාට්‍ය වෙන්න පුළුවන්.
ඔබ හාපුරා කියා රිදී තිරයට නිර්මාණය කළ ‘අයිස්ක්‍රීම්’ සිනමා නිර්මාණය ගැන කතා කළොත්?
චිත්‍රපටයේ සියලුම වැඩකටයුතු අවසන් මේ වසරේ. එය මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන් වෙයි. එතකොට අපි එය ගැන කතා කරමු.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රාමා වෙනුවෙන් සීතගේ දෑසින් ගැලූ කඳුළු පොකුණ…

Next Post

වැල්ලවාය සිසිල් කරන අලිහොඬය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.