• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාලි වෙලා ඉන්දියාවට පිම්මක් පැන්න මීනා කුමාරි

July 11, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කාලි වෙලා ඉන්දියාවට පිම්මක් පැන්න මීනා කුමාරි
Share on WhatsAppShare on Facebook

දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් බොහොමයක් අපේ රටේ හිටියත් ඒ අතරින් ජාත්‍යන්තරය ජය ගන්න හැකි වුණු පිරිස ඉතාම සීමිතයි. අපේ කලාව ජාත්‍යන්තරයට වඩා පහළ මට්ටමක පැවතීම ඒකට හේතුව කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒත් ජාත්‍යන්තර කලා නිර්මාණ සඳහා සම්බන්ධ වුණු කලා ශිල්පීන් අපේ රටේ නැතිවාම නෙවෙයි. ඒ විදියට ජාත්‍යන්තර නිර්මාණ සඳහා සම්බන්ධ වුණු අතලොස්ස අතරින් කෙනෙක් එක්ක තමයි අද අපි කතා කරන්නේ. ඒ තමයි මීනා කුමාරි. වේදිකාව හරහා කලා ලෝකයට පිවිසුණු ඇය ටෙලි නාට්‍ය, චිත්‍රපට හරහා අපේ රටේ රසිකයන්ගේ ආදරය දිනා ගත්තා. එතැනින් පස්සේ ඇයට ජාත්‍යන්තර සිනමා නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. සම්මාණලාභී අධ්‍යක්ෂවරයෙක් වන ශාදී නාරායන් කරූන්ගේ ණමඑඑහ ීර්බන නැමැති මලයාලම් චිත්‍රපටයට තමයි ඇය රංගනයෙන් දායක වුණේ. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ කලාත්මක නිර්මාණයක් සමඟ එකතු වුණු පළමු නිළිය ඇය කියලයි ඒ දවස්වල විචාරකයෝ ඒ ගැන කතා කළේ. ඒ මතකය ඇය වර්තමානයේදී අවදි කරන්නේ මෙන්න මෙහෙමයි.
මීනා කුමාරි කොහොමද කලා ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වුණේ?
මම කොළඹ විශාඛා විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. විශාඛා විද්‍යාලයේ කලා උළෙලකදී තමයි මම මුලින්ම වේදිකාවට පිවිසුණේ. ඒත් ඒ වෙද්දී විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩක මම නිරත වෙලා හිටියා. එහෙම ඉඳිද්දී අහම්බෙන් වගේ තමයි ඒ වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. හෙන්රි ජයසේන මහත්තයා, මානෙල් ජයසේන මහත්මිය සහ හයසින්ත් විජේරත්න මහත්මිය තමයි ඒ අවස්ථාවේ විනිසුරු විදියට කටයුතු කළේ. ඇත්තටම ඒ ප්‍රවීණ විනිසුරු මඩුල්ල ඉදිරියේ රඟපෑව පළමු නාට්‍යයෙන් සම්මානයක් හිමි කර ගන්න මට පුළුවන් වුණා.
එතැනින් පස්සේ ඔබ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණු විදිය ගැන කතා කළොත්?
ඒ 1989 වසරේ පැවැති යෞවන සම්මාන උළෙලෙදී. “අපරාජිතයෝ” කියන වේදිකා නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ “මහාමාරිය” කියන වේදිකා නාට්‍යයෙත් රඟපෑවා. ඒ අවස්ථාවෙත් මම ඇගයීමට ලක් වුණා. ඊළඟට සුගතපාල ද සිල්වා මහත්තයාගේ “ශාන්තුවර සෙබලානෝ” කියන නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ තමයි ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ “ට්‍රෝජන් කාන්තාවෝ” කියන දැවැන්ත නිර්මාණයේ රඟපාන්න මට අවස්ථාව හිමි වුණේ.
ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යය ඒ දිනවල විශාල වශයෙන් කතා බහට ලක් වුණා. ඒ ගැන අද ඔබට දැනෙන හැඟීම මොන විදයද?
ඇත්තටම ට්‍රෝජන් කාන්තාවෝ කියන්නේ මගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක්. මම ඒ නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ. ප්‍රධාන චරිතය රඟපෑවේ අනෝජා වීරසිංහ මහත්මිය. ප්‍රධාන චරිතය සහ තවත් උප ප්‍රධාන චරිත කිහිපයක් වටා තමයි ඒ කතාව නිර්මාණය වෙලා තිබුණේ. ඒ දවස්වල ඒ නාට්‍යයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා. ඒ වගේම ට්‍රෝජන් කාන්තාවෝ අරගෙන ඉන්දියාවට පවා යන්න අපිට පුළුවන් වුණා. එහිදිත් ඒ නාට්‍යයට විශාල ප්‍රසාදයක් හිමි වුණා. ඒ වගේම ට්‍රෝජන් කාන්තාවෝ ඉන්දියාවෙදි ඇගයීමටත් ලක් වුණා. දැනුත් ඒ මතක හරිම සුන්දරයි. වේදිකාවේ රඟපෑව ඒ චරිතය ගැන මම එදා වගේම අදත් උපරිම තෘප්තිමත්.
වේදිකාවේ දක්ෂ නිළියක් ලෙසින් ඇගයීමට ලක් වුණත්, මීනා කුමාරි කියන චරිතය වැඩි වශයෙන් ජනප්‍රියත්වට පත් වුණේ ටෙලි නාට්‍ය හරහා. කොහොමද ඔබ පුංචි තිරයට පිවිසෙන්නේ?
1996 වසරෙදි තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ ආරියරත්න ඇතුගල මහත්මයාගේ “තුන්බිය” කියන ටෙලි නාට්‍යය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රම මහත්මයා. ඒ වගේම අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම එහි රඟපෑවා. ඇත්තමට පළමු ටෙලි නාට්‍යයේදීම ඒ වගේ ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබුණු එක මගේ වාසනාවක් කියලා මම හිතනවා. ඊට පස්සේ මම රඟපෑව පරාක්‍රම නිරිඇල්ල මහත්මයාගේ “මිහිමඩල ගිනි වදී” කියන නාට්‍යයත් විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ වෙලාවේ තමයි මට චාන්දනී සෙනවිරත්න මහත්මිය මුණගැහුණේ. ඊට පස්සේ බෝගල සවුන්දිරිස්, ජීවිතයට ඉඩ දෙන්න වගේ අතිශයින් ජනප්‍රිය වුණු ටෙලි නාට්‍ය රැසක රඟපාන්න මට අවස්ථාව ලැබුණා.
හැබැයි ඔබ එතැනින් පස්සේ රඟපෑව වසූදා ඒ හැම එකකටම වැඩියෙන් ජනප්‍රිය වුණා. මං හිතන්නේ ලංකාවේ මෙගා ටෙලි නාට්‍යය කලාවේ ආරම්භ වෙන්නෙත් එතැනින්. වසූදා ගැන දැන් මොකද හිතෙන්නේ?
ඇත්තටම වසූදා ටෙලි නාට්‍යයේ වසූදා විදියට රඟපාන්න ලැබුණු එකත් මගේ ජීවිතයේ ලබපු එක්තරා භාග්‍යයක්. මොකද වසූදාට ප්‍රේක්ෂකයන් දක්වන ආදරය තාමත් එදා වගේමයි. සමහර වෙලාවට තාමත් සමහර අය මට වසූදා කියලා තමයි කතා කරන්නේ. අනිත් එක තමයි වසූදා ජාති ආගම් භේදයකින් තොරව හැම දෙනෙක්ම ආදරයෙන් වැලඳ ගත්තු ටෙලි නාට්‍යයක්. මට ලැබුණු ප්‍රතිචාර එක්ක ඒක හොඳට තේරුණා. හැබැයි වසූදා හින්දා ඒ දවස්වල බැණුම් අහන්නත් වුණා. වසූදා කියන්නේ දේශීයව කරපු දැවැන්ත නිෂ්පාදනයක්. ඉන්දීය ආභාෂය ලැබුණු නිෂ්පාදනයක් වුණත් ඒක ලාංකිකකරණය කරගෙන ටෙලි නාට්‍ය කලාව තුළ විශාල වෙනසක් ඇති කරන්න අපිට පුළුවන් වුණා. හැම තරාතිරමකම අය වසූදා වැලඳ ගත්තා. ඇත්තටම වසූදා නිෂ්පාදන කණ්ඩායමේ රාධිකාගේ තනි කැමැත්තට තමයි ඇය මාව ඒ චරිතයට තෝරා ගත්තේ. රංගන ශිල්පිනියක් විදියට මම උපරිම තෘප්තිය ලැබුව ටෙලි නාට්‍යයක් තමයි වසූදා.
වේදිකාව සහ ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණු මීනා කුමාරි ඊළඟට සිනමාවට යොමු වෙනවා. අපි ඒ ගැන කතා කරමු.
වසන්ත ඔබේසේකර මහත්මයාගේ “අසනි වර්ෂා” තමයි මගේ පළමුවැනි චිත්‍රපටය. ඇත්තටම වසන්ත ඔබේසේකර මහත්මයා වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක රඟපානවා කියන්නේ කලාව පිළිබඳ විශ්වවිද්‍යාලයකට ගියා හා සමානයි. මොකද අපි ඉගෙන ගනිමින් තමයි ඒ චිත්‍රපටයේ රඟපෑවේ. අපේ රටේ ප්‍රවීණ කලාකරුවකු වන කමල් අද්දරආරච්චි මට මුණගැහුණේ එතැනදි. අසනි වර්ෂා සඳහා මට කුසලතා සම්මානයකුත් හිමි වුණා. ඊට පස්සේ මම වඩාත් කතාබහට ලක් වුණේ “කන්‍යාවි” චිත්‍රපටය හරහා. සනත් ගුණතිලක මහත්මයත් එක්ක තමයි මම එහි රඟපෑවේ. එතැනින් පස්සෙ ආරාධිත රංගන ශිල්පිනියක් විදියට තමයි මම ගොඩක් සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ.
වසූදා ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබට ජාත්‍යන්තර සිනමාව කරා ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව උදා වෙනවා. මං හිතන්නේ ඒක අපේ රටේ කලාකාරිනියකට ලැබුණු දුර්වල අවස්ථාවක්. අපි ඒ ගැන කතා කරමු?
ඇත්තටම ඒක මගේ ජීවිතයේ ලැබුණු විශාල භාග්‍යයක්. ඉතාම ජනප්‍රිය මලයාලම් අධ්‍යක්ෂවරයෙක් වෙන ශාදි නාරායන් කරූන් මහත්මයා තමයි ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ළඟකදී සම්බන්ධ වුණු නිර්මාණයක වීඩියෝ කොටසක් එවන්න කියලා තමයි ඒ අය මුලින්ම කිව්වේ. මට ඒ වෙලාවේ පහසුවෙන් හොයා ගන්න පුළුවන් වුණේ වසූදා. ඒ හින්දා මම එහි කොටස් කිහිපයක් තමයි ඒ අයට යැව්වේ. ඒ චරිතයට අපේ රටේ පස් හය දෙනෙක්ම ඉල්ලුම් කරලා තිබුණත් ඒ අය මාව තෝර ගත්තා. මගේ රංගනය සහ පෙනුම ඒ සඳහා හේතු වුණු බව තමයි පස්සේ මට දැන ගන්න ලැබුණේ.
ජාත්‍යන්තර වශයෙන් කලාත්මක චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වුණු පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස ඉතිහාස ගත වෙන්න ඒ හරහා මීනා කුමාරිට අවස්ථාව හිමි වෙනවා?
ඒ දවස්වල විචාරකයෝ ඔය ගැන කතා කළා. මීට පෙර මෙවැනි චිත්‍රපටයක් සඳහා ලංකාවෙන් නිළියක් සම්බන්ධ වෙලා නොතිබුණු බව ඒ අය තමයි කිව්වේ. මම ඒ ගැන හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් ශාදි නාරායන් වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණයකුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක මගේ ජීවිතයේ භාග්‍යයක්. මොකද මම ප්‍රසිද්ධ වේදිකාවට එන්න කලින් ඔහුගේ චිත්‍රපට නරඹලා තිබුණා. ඒ හින්දා ඔහු යටතේ චිත්‍රපටය රඟපාන්න ලැබුණු එක මගේ හීනයක් සැබෑ වීමක් කියලයි මම හිතන්නේ.
නොදන්න භාෂාවක් කතා කරන නොදන්න පිරිසක් එක්ක චිත්‍රපටයක රඟපාද්දි ලැබුණු අත්දැකීම මොන වගේද?
ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ කාලි කියන ගොළු චරිතයක්. නමුත් එක්තරා අවස්ථාවක මට වචන කිහිපයක් කතා කරන්න තිබුණා. දෙබස් පාඩම් කර ගෙන මම ඒ කොටස රඟපෑවා. චිත්‍රපටය රඟපාන අතරෙදි නම් මට විදේශ රටක කියලා කිසිම වෙනසක් දැනුණේ නැහැ. ඒ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ කාන්තාවක්. ඇයගෙනුත් අපිට ඉතාම ලොකු සහයෝගයක් ලැබුණා. ඇයට ඒ චිත්‍රපටය සඳහා සම්මානයකුත් හිමි වුණා. නමුත් ලංකාවෙන් කෙනෙක් ගිහින් රඟපෑව එක ගැන පොඩි කැපිල්ලක් වගේ දෙයකුත් තිබුණා. ඒ චිත්‍රපටයේ කතා කළේ බුහු දහම ගැන. ඒ හින්දත් ඒකට පොඩි කැපිලිලක් වගේ තිබුණා. ඒ හින්දා චිත්‍රපටයට නිසි ඇගයීම ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා. ඒ වුණත් ඒ චිත්‍රපටයේ රූගත කිරීම් කරපු කාලය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. කමලිනී කියන දක්ෂ ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියත් ඒ චිත්‍රපටයේ රඟපෑවා. ඒ හින්දා මේ චිත්‍රපටයේ බොහෝ රූගත කිරීම් නරඹන්න අති විශාල ජන ගංගාවක් ඇවිත් හිටියා. ඒ අය අපේ නම් කිය කිය කෑ ගැහුවා. මම ලංකාවේ කෙනෙක් කියලා වෙනසක් නැහැ. මටත් ඒ ප්‍රතිචාර ඒ විදියටම ලැබුණා. එහෙ ජනතාව තුළ රංගන ශිල්පීන් කෙරෙහි තියෙන ගෞරවය මට හොඳටම තේරුණා. ඇත්තටම ලංකාවෙදි කවදාවත් අත් විඳින්න බැරි අත්දැකීමක් තමයි ඒක. ඒ කාලය හරිම සුන්දරයි. ඒ වගේම ඒ නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබුණු වෘත්තිමය සේවයත් ඒ වගේමයි. ඒ අය මුළු හදවතින්ම සේවයට කැපවෙලා ඉන්නේ.
වර්තමානය වෙද්දී මීනා කුමාරිව වැඩිය දකින්න නැහැ කියලා කවුරුහරි කිව්වොත්?
දකින්න නැතිවම නෙවෙයි. දැන් ක්ෂේත්‍රයේ අලුත් අය ඉන්නවා. ඉතිං ඒ හින්දා ඒ අය පේන්න ඉන්නවා වැඩියි. මම රඟපෑව ටෙලි නාට්‍ය කිහිපයක් පසුගිය කාලයෙදි විකාශනය වුණා. ඒ වගේම මට ලැබුණු ආරාධනා රාශියක් ප්‍රතික්ෂේප කරන්නත් සිද්ධ වුණා. මොකද දුව එක්ක කාලය ගත කරන්න අවශ්‍ය හින්දා මම වැඩිය ගෙදරින් පිට ඉන්න කැමති නැහැ. ඒ හින්දා දුර ප්‍රදේශවල රූගත කිරීම් අඩංගු නිර්මාණ කිහිපයක්ම මම බාර ගත්තේ නැහැ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හදයිද රනිල් ඒ වගේ ආණ්ඩුවක් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ස්වර්ණමාලී මහා සෑයට පළිඟු මැණිකක් සොයා බුරුමයට ගිය ගමන

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.