• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එදා රෝසි අද ජූරි

December 14, 2019
in Heart
Reading Time: 1 min read
A A
එදා රෝසි අද ජූරි
Share on WhatsAppShare on Facebook

මේ වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමි වුණු බව මේ වෙද්දි හැමෝම දන්නවා. වෙනදට ඉන්දියාවේ එහෙම නැත්නම් වෙනිසියුලාවේ ලෝක රූ රැජිනියෝ ගැන කතා කරන අපේ අය මේ වෙද්දී අපේ රටේ රූ රැජිනියක් ගැන කතා කරනවා. මේ කිරුළ ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ වසර 35කට පසුව නිසා ඒ අවධානය තවත් වැඩි වෙලා තියෙනවා.

2020 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් තරගය පසුගිය 07 වැනිදා පැවැත්වුණේ ඇමෙරිකාවේ ලස් වේගාස් නගරයේදී. ඒ සඳහා රටවල් 51ක් නියෝජනය කරන තරගකාරියන් සහභාගි වෙලා හිටියා. ඒ සියලුම තරගකාරියන් පරාජය කරමින් ජය ගන්න සමත් වුණේ අපේ කැරොලයින් ජූරි. ඒ තරගාවලියේ දෙවැනි තැන අයර්ලන්ත තරගකාරිනියටත්, තෙවැනි තැන ඇමෙරිකාවේ වර්ජින් අයිලන්ඞ්හි තරගකාරිනියටත් හිමි වුණා.

ලෝක රූ රැජින කිරුළ මීට පෙර එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙනවා. මීට වසර 35කට පෙර එනම් 1984 වසරේදී පැවැති මුල්ම ලෝක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගනිමින් රෝසි සේනානායක මහත්මිය තමයි ඒ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි කර දීල තියෙන්නේ.
වත්තල මහබාගේ ප්‍රදේශයේ උපන් 27 හැවිරිදි කැරොලයින් ජූරි මේ වෙද්දි එක් දරු මවක්. ඇයගේ සැමියා නිශාන්ත දීපාල්. කඳාන සෙබස්තියන් බාලිකා විද්‍යාලයයෙන් තමයි ඇය අධ්‍යාපනය හදාරල තියෙන්නේ. පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසු ඩුබායි නගරයේ රැකියාවක නිරත වී ඉන්න අතරෙදි තමයි කැරොලයින් සහ නිශාන්ත මුණ ගැහිලා තියෙන්නේ. ඔවුන් දෙදෙනා සහ සිඟිති දියණිය මේ වෙද්දි ජීවත් වෙන්නෙත් ඩුබායි නගරයේමයි.

තම දියණියත් රැක බලා ගනිමින් රැකියාවකද නිරත වූ කැරොලයින්ට ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විවාහක රූ රැජින තරගාවලිය ගැන තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඇයට ඒ සඳහා ඉදිරිපත් වීමේ ආසාවක් ඇති වෙනවා. ඒ බව තම ස්වාමියාට පැවසීමෙන් පස්සේ ඔහුගේ ආශිර්වාදය මැද්දේ ඒ තරගය සඳහා ඇය ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ කැරොලයින්ට හිමි වීමෙන් පස්සේ තමයි ඇය ලෝක තරගාවලිය සඳහා සිහින දැකීම අරඹන්නේ.
ඒ සඳහා පුහුණු වීම සඳහා තම ස්වාමියා සහ දියණිය ඩුබායි නුවර තනි කරමින් ඇය කිහිප වරක් ශ්‍රී ලංකාවටත් ඇවිත් තියෙනවා. ඇයගේ සැමියාගේ මව තමයි ඒ දිනවල දියණිය බලා ගැනීමේ වගකීම ඉටු කරලා තියෙන්නේ. ඒ සියලු කැප කිරීම් සහ පුහුණුවීම්වල ප්‍රතිඵල තමයි දෙසැම්බර් 07 වැනිදා මුළු ලෝකයම දැක ගත්තේ. මේ වෙද්දි කැරොලයින් ජූරි නාමය ලෝකය පුරා ප්‍රසිද්ධයි. ඒ හරහා ඇය මේ පුංචි ශ්‍රී ලංකාවටත් ගෞරවයක් අත් කරලා දීල තියෙනවා.
මීට පෙර මේ කිරුළ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පැලඳ වූ රෝසි සේනානායක මහත්මිය, කොළඹ පුරපතිනිය විදියට තමයි මේ වෙද්දි කටයුතු කරන්නේ. කැරොලයින්ගේ ජයග්‍රහණය රෝසි සේනානායක මහත්මියට මොන වගේ දැනෙනවා ඇද්ද? මේ ගැන දැන ගන්න අපි එතුමියට කතා කළා. “නැවත වරක් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන් වුණු එක ගැන මට හරිම සතුටුයි. මේ කිරුළ මීට පෙර ලංකාවට ලැබෙයි කියලා මම කිහිප වරක්ම විශ්වාස කෙරුවා. ඒත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අවුරුදු 35කට පස්සේ හරි ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වීම ගැන මට ගොඩක් සතුටුයි. මගේ මුළු හදවතින්ම මම කැරොලයින්ට සුබ පතනවා” රෝසි සේනානායක මහත්මිය ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ එහෙමයි.

අවුරුදු 35කට කලින් ඒ ජයග්‍රහණය ලබපු අවස්ථාව මොන වගේ වෙන්න ඇතිද? අපි ඒ ගැනත් රෝසි සේනානායකගෙන් ඇහුවා.
“දැන් අවුරුදු 35කට කලින් වුණු දෙයක්නේ. මට ඒක හරියටම මතක නැහැ දැන්. ඒත් ඒක ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම සතුටක් ලබපු අවස්ථාවක්. මං හිතන්නේ ඒ වගේ සතුටක් මම ඊට පස්සේ ලබලා නැහැ. ඊට වැඩිය දෙයක් ඇත්තටම මට දැන් මතක නැහැ. මං හිතන්නේ කැරොලයින්ටත් ඒ සතුට ඒ වගේම දැනෙන්න ඇති” එතුමිය පිළිතුරු දුන්නේ එහෙමයි.
කොහොම වුණත් පහුගිය සතිය පුරාවටම ලංකාවේ සමාජ ජාලා භාවිත කරන වැඩි දෙනෙක්ගේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණෙත් කැරොලයින්ගේ මේ ජයග්‍රහණය තමයි. ඒ අතරේ තිබුණු එක අදහසකටත් මෙතැන ඉඩක් දෙන්න හිතුණේ එහි තිබුණු අපූරු බව හින්දමයි. “ලංකාවෙන් විවාහක රූ රැජිනියෝ දෙන්නෙක් බිහි වුණාට, තාම එකම අවිවාහක රූ රැජිනියක්වත් බිහි වෙලා නැහැ. ඒකට හේතුව ලංකාවේ ස්වාමි පුරුෂයෝ තම බිරිඳට රැජිනියකට වගේ සලකන එක.” කැරොලයින්ට වගේම ඒ කතාව හැමෝටම ගැළපෙනවද කියලා අහන්න ඕනෑ ලංකාවේ බිරින්දෑවරුන්ගෙන්ම තමයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආවට ගියාට යන්න බැරි මධුසමය

Next Post

ගෝඨා එක්ක රට හදන්න එන කවුද ‌මේ ‌කෝටිපති අශෝක්?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.