• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එක රැයින් හිට්වුණු අවුරුදු කුමාරි

October 3, 2020
in Heart
Reading Time: 1 min read
A A
එක රැයින් හිට්වුණු අවුරුදු කුමාරි
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ
අපි ඔබට ‘ධරණි’ ටෙලිනාට්‍ය පටලැවිල්ලක් ගැන කිව්වා. එහි කතා නායිකාව ‘ධරණි’ ලෙසට ඔබ හමුවට එන ඇය ගැන කතා නොකළොත් අඩුවක්. ඒ නිසා ඇය ‘ධරණි’ වුණේ කොහොමද කියා ඇයගෙන්ම දැනගැනීමට අප හිතුවා.
හේෂාණි දැන් දෙදරු මවක් නේද?
හ්ම්… ඔව් නේ… ’ධරණි’ නිසා දෙදරු මවක් වුණා.
ධරණිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩ දෙනෙක්ගේ ආදරය, අනුකම්පාව තමා ලැබෙන්නේ. ‘ධරණි’ ටෙලිනාට්‍ය විකාශය වෙන්න පටන්ගෙන සති දෙකක පමණ කාලයක් තමයි තවම. මේ ගෙවුණු කාලය තුළ හොඳ ප්‍රතිචාර ලැබුණා.
පෙම්වතියකගේ චරිතය රඟපාන්න සුදුසු කාලවකවානුවක ඇයි ඔබ හා පුරා කියලා අම්මා කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරන්න හිතුවේ?
මගේ පෙනුම ගැන මම හිතුවේ නැහැ. මට ලැබුණු චරිතය තුළ පෙම්වතියකට වඩා යමක් මට කරන්න තිබෙනවා. ඉතින් ඒ චරිතයට මම ගොඩාක් ආශා කළා. ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලැබීමත් සතුටක්.
මෙය හේෂාණිගේ මුල්ම රංගනය. මෙවැනි සුවිශේෂී චරිතයකට ඔබට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු හැටි කතා කළොත්?
ඔව්. ‘ධරණි’ ටෙලිනාට්‍යය මගේ පළමු රංගනය තමයි. මම මෙයට පෙර වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තමයි කටයුතු කළේ. 2020 දෙරණ අවුරුදු කුමරිය තරගයේ කිරුළ පැලඳුවේ මම. ඉතින් ඒ හරහා තමයි මට ‘ධරණි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව උදා වුණේ.
ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම සුළුපටු කරුණක් නෙවේ. ඉතින් අත්දැකීම් නැති ඔබට බයක් හිතුණේ නැතිද?
වතුරට බහින්නම වෙනවා පීනන්න පුරුදු වෙන්න. අන්න ඒ වගේ තමා රංගනය කියන දේ. ගොඩාක් කැපකිරීම් කරන්න සිදුවෙනවා චරිතය වෙනුවෙන්. මම ආධුනික රංගන ශිල්පිනියක් නිසා මට ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂකගෙන් වගේම සියලුම ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබුණා. වැරැදුණත් ඔවුන් කිසිම කෙනෙක් බැන්නේ නැහැ. ඔවුන් හැමදේම මට කියලා දුන්නා. මට තිබුණු බය තමයි මම චරිතයට සාධාරණයක් කළාද කියන එක. ටෙලිනාට්‍යයේ පළමු කොටස නැරැඹුවාට පස්සේ තමයි මගේ චරිතය ගැන මට ලොකු වැටහීමක් ලැබුණේ. ‘ධරණි’ ටෙලිනාට්‍යයේ පිටපත් රචක නිදුක් මධුෂික අයියා මගේ චරිතය ගැන නිරන්තරයෙන්ම පැහැදිලි කළා. දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා සාධාරණයක් කර ඇති බව. නමුත් තවත් හොඳට ඉදිරියට ‘ධරණි’ වෙනුවෙන් මම කැප වෙනවා.
අවුරුදු කුමාරිකාවක් ලෙසට කිරුළ පැලඳූ ඔබ හිතුවේ නැද්ද මුලින්ම සිනමාවෙන් පටන් ගන්න?
එහෙම ලොකුවට මම හිතුවෙ නැහැ. මට චිත්‍රපටයකින් ආරාධානවක් ආවා. ඒ වන විටත් මම ‘ධරණි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් ‘ධරණි’ට සාධාරණයක් කරන්නයි මට වුවමනා වුණේ. අනෙක මම සෞන්දර්ය පැත්තෙන් උපාධියක් හදාරනවා. ඉතින් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කරගන්න කැමැති නැහැ. බලමු ඉදිරියේදී.
ලැබුණු ජනප්‍රියතාවත් එක්ක චරිත තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වයි නේද?
එය ගැන නම් විශේෂ සැලකිල්ලක් දක්වනවා. මම කැමැති නැහැ මට කරන්න බැරි දේවල් කරන්න. දක්‍ෂතාව පෙන්වන්න හොඳ චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් කරනවා.
හේෂාණි දැන් පෙම්වතියක්ද?
තවම මම පෙම්වතියක් නෙවේ. ඒ පැත්ත ගැන තවම මම හිතලා නැහැ.
පුංචි තිරයට තවත් ‘ධරණි’ කෙනෙක් එන බව ඔබ අහලා ඇති. එය ඔබට අභියෝගයක් වෙයිද?
ඔය කියන දෙයක් ගැන ඇත්තටම මම දන්නේ නැහැ. මම ධරණි කෙනෙක් ඉන්න බව අහලා තිබුණේ ‘රාවණ’ ටෙලිනාට්‍යයේ තමයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

20 මැද මෝඩි මහින්දට කතා කළේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දුම්බර සීතලේ තෙමුණු හැටි නා ඇලේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.