• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20 මැද මෝඩි මහින්දට කතා කළේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 3, 2020
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
20 මැද මෝඩි මහින්දට කතා කළේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සිය කලාපය වන දකුණු ආසියාවේ රටවල හමුදා නායකයන් රාජ්‍ය නායකයන් බවට පත්වීම ගැන දක්වන්නේ නොසන්සුන්තාවයකි. එයට හේතුව පාකිස්තානයේ බලයට පත් සියා උල්හක් මෙන්ම මුෂාරෆ්ද, බංග්ලාදේශයේ බලයට පත් එර්ෂාඞ්ද කලාපය තුළ ඉන්දීය විරෝධී කල්ලි නිර්මාණය කිරීමට පුරුදුව සිටි නිසාය. වරක් ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ද මේ කල්ලියට එක්වී සිටියේය. එකල ඇමෙරිකාව දකුණු ආසියාවේ සියා උල්හක්, අර්ෂාඞ්, ජේ. ආර්. සහෝදර කල්ලිය දකුණු ආසියාවේ ලොකු අයියා වූ ඉන්දියාවට එරෙහිව මෙහෙයවීය. ඉන්දියාවට මේ මතකය තිබේ. දැන් ඉන්දියාව ඇමෙරිකාවේ සහෝදරයෙක් වුවද දකුණු ආසියාවේ චීනයට ළැදි පාකිස්තානු හිතවාදී නායකයන් ගැන ඉන්දියාව ඉන්නේ ඇහැ ගහගෙනය.

2010 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්‍ෂකයෙක් ලෙස හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාව ඉදිරිපත් කළ විට චීන ළැදි මහින්ද ගැන ඉන්දියාවට ප්‍රශ්න තිබුණත්, ඉන්දියාව මහින්ද දිනනවාට කැමැත්තෙන් සිටියේය. ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් දිනනවාට වඩා මහින්ද ජනාධිපතිවරණයෙන් දිනනවාට ඉන්දියාව වඩා කැමැති බව ඉන්දීය මාධ්‍ය ඉඟි කළේය. එකල පාකිස්තාන මාධ්‍යයක් වන ‘ද නේෂන්’ පුවත්පත වාර්තා කළේ ෆොන්සේකාව හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලෙසට මහින්දට උපදෙස් දුන්නේ ඉන්දියාව බවය. මහින්ද ෆොන්සේකාව ඉවත් කළේ ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලන්න යන බවට ඉන්දියාව දුන් තොරතුරු මත යැයි එකල එම පුවත්පත වාර්තා කළේය. එය සත්‍ය වාර්තාවක් යැයි කිව නොහැකි වුවත් ෆොන්සේකා තමිල්නාඩු දේශපාලනඥයන් විකටයන් ලෙස හැඳින්වීම සහ යුද්ධය දින්නාට පසු උතුරට ගොස් හමුදාව අමතා තමන් දිනාගත් භූමිය දේශපාලන විසඳුමක් කියා දමිළ ජනතාවට පූජා කිරීමට තමන් තරයේ විරුද්ධ යැයි ඔහු කළ ප්‍රකාශයට ඉන්දියාව එළිපිටම විරෝධය දැක්වීය. යුද ජයග්‍රහණයෙන් පසු යුද නායකයන් ලංකාවේ පාලනය සියතට ගනු ඇතැයි ඉන්දියාව බිය නොවුණා නම් පුදුමය. ඒත් 2010 ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉන්දියාව ෆොන්සේකා සමඟ දැඩි සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තේ ඔහු හමුදා හැව අතහැර දේශපාලනඥයෙක් ලෙස මතු වූ නිසාය.

ෆොන්සේකාගේ ඉවත් වීමෙන් පසු මහින්දගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගැනද ඉන්දියාවට මේ බිය තිබුණේය. වරක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් ගෝඨාභයව ඉන්දියාවට ගෙන්වා කොළඹ වරායට චීන සබ්මැරීන්වලට එන්න ඉඩ දීම ගැන විරෝධය පළ කොට තිබියදීත් ගෝඨාභය දෙවැනි චීන සබ්මැරීනයටද ලංකාවට එන්න ඉඩ දුන් බවය.

මේ නිසාම 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වී මැදමුලනට ගිය මහින්ද ඉන්දීය අගමැති මෝඩි ලංකාවට ආ විටදී ඔහුව හමුවෙන්න අවස්ථාවක් ඉල්ලූ විටදී ඒ හමුවට ගෝඨාභය පැමිණීම ගැන ඉන්දියාව එතරම් සතුටු නොවීය. එහිදී මෝඩි ගෝඨාභය සමඟ කතා කළ බවක්ද වාර්තා නොවීය. මෙය ඉවෙන් දැනගෙන ගෝඨාභය ගැන ඉන්දියාව තුළ විශ්වාසය ඇති කළේ බැසිල්ය. බැසිල් එය කළේ මහින්ද හරහාය. මහින්ද ඉන්දියාව එක්ක ගනුදෙනු කරන්නේ ඉතා සූක්‍ෂ්මවය. 2015 ජනාධිපතිවරණයෙන් තමාව පරාජය කරන්න ඉන්දියාව ගේමක් ගහපු බව දැන දැන මහින්ද මෝඩි හෝ මෝඩිගේ ආණ්ඩුවට එරෙහිව වචනයක්වත් කීවේ නැත. ඔහු කීවේ මෝඩි සහ ආණ්ඩුව නොදැන ඉන්දීය බුද්ධි අංශ තමාව පරද්දන්න කුමන්ත්‍රණය කළ බවය. අනෙක ඉන්දියාව තමන්ව පරාජය කරන්න හවුල් වූවා කියා මහින්ද ඉන්දියාව එක්ක තරහ නොවීය. ඔහු ඉන්දියාවට තව තවත් ළං විය. ඉන්දියාවේ ගාන්ධිවරුන් බලයේ සිටියදී මහින්ද ගාන්ධිවරුන්ට සමීප මාධ්‍ය ප්‍රධානියකු වූ හින්දු කර්තෘ එන්. රාම් ළංකර ගෙන ගාන්ධි පවුලේ හොඳ හිත දිනා ගත්තේය. මෝඩිගේ ආණ්ඩුවේ මෝඩිට සමීප ජනතා පක්‍ෂයේ නායක සුබ්‍රමානියම් ස්වාමි ළංකරගෙන මෝඩිගේ හිත දිනා ගන්න උත්සාහ ගත්තේය. මහින්ද සහ බැසිල් කෙසේ හෝ 2019 ජනාධිපතිවරණයේදී ඉන්දියාව නිෂ්ක්‍රීය කොට තබා ගන්න සමත් විය. ඉන්දියාව ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථ චරිතයක් රඟපෑම ගැන තමා සතුටු වන බව බැසිල් ප්‍රසිද්ධියේ කීවේය.

ගෝඨාභය ඉන්දියාවට අලුත් චරිතයකි. කාලයක් ඉන්දියාව සැකයෙන් බලපු චරිතයකි. ඒත් මහින්ද ඉන්දියාව 90 දශකයේ සිට ගනුදෙනු කරන දන්නා කියන චරිතයකි. 2015 ඉන්දියාවට අලුත් චරිතයක් වූ මෛත්‍රිපාල ගැන ඉන්දියාවට චරිත සහතික දුන්නේ ඉන්දියාව සමඟ ගනුදෙනු කර පුරුදු චන්ද්‍රිකා සහ රනිල්ය. 2019 ගෝඨාභය වෙනුවෙන් ඉන්දියාවට චරිත සහතික දුන්නේ මහින්ද සහ බැසිල්ය. ගෝඨාභය ජනාධිපති වෙද්දී මහින්ද අගමැති වීම ගැන ඉන්දියාව සතුටු වන්න ඇත. මහින්ද ඡන්දයකින් අගමැති වීමට පෙර ඉන්දියාව මහින්දව ඉන්දියාවට ගෙන්වාගෙන රාජ්‍ය ගෞරව දුන්නේ මහින්ද ඉන්දියාවේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතා ආරක්‍ෂා කරයි යන හැඟීමෙන් විය යුතුය. ඒ අතර ගෝඨාභයද ඉන්දියාව සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තේය.

හමුදා නායකයකු වූ ගෝඨාභයගේ ජනාධිපති ධුරය ගැන ඉන්දියාවට ප්‍රශ්නයක් නැති වුණත් 20 වැනි සංශෝධනයෙන් මහින්දගේ තටු කැපීම ගැන ඉන්දියාව අවධානයෙන් සිටින බව පෙනෙන්න තිබේ. ඉන්දියාව 20 වැනි සංශෝධනය ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක්වත් කතා කළේද නැත. ඇත්තටම ඉන්දියාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නය තියෙන්නේ 20 වැනි සංශෝධනයට වඩා නව ව්‍යවස්ථාව ගැනය. ඉන්දියාව බය වන්නේ අලුත් ව්‍යවස්ථාවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරයිද කියන එක ගැනය. ගෝඨාභයගේ ආණ්ඩුව පළාත් සභා බාර දී ඇත්තේ පළාත් සභා අහෝසි කළ යුතුය කියන සරත් වීරසේකරටය. ගෝඨාභයගේ ආණ්ඩුව ඉන්දියාවේ ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර යවන්නේ පළාත් සභා අහෝසි කළ යුතුය කියන මිලින්ද මොරගොඩවය.

ඉතින් ඉන්දියාව නොසන්සුන් වීම පුදුමයක් නොවේ. ඉන්දියාව තිගැස්සෙන මේ සියල්ල මධ්‍යයේ ඉන්දියාව විශ්වාසය දිනාගෙන සිටින මහින්දගේ තටු කපන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇවිත් තිබේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක්වත් නොකියා මෝඩි හිටි හැටියේ මහින්ද එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා පටන්ගෙන 13 ආරක්‍ෂා කළ යුතු යැයි කීවේ ඉන්දියාව තවමත් විශ්වාස කරන්නේ මහින්දගේ වචනය යන පණිවුඩය ලංකාවට දෙන්නය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෝඩි මෙලෙස අන්තර්ජාලය හරහා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වපු දකුණු ආසියාවේ පළමු රට ලංකාව කියාය. පළමු නායකයා මහින්ද කියාය. මීට පෙර ඔහු මෙවැනි සාකච්ඡාවක් පවත්වා තිබුණේ ඕස්ටේ්‍රලියානු අගමැති සමඟය.

‘මෝඩි කළේ මහින්දව ශක්තිමත් කිරීමද…’

කියන්න දන්නේ නැත. ඒත් මෝඩි සහ ඉන්දියාවේ මේ හදිසි මහින්ද වන්දනාව ගැන ගෝඨාභය කොහොම හිතනවාද කියා දන්නේ ගෝඨාභය විතරමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨා හිඹිලියාකඩ ගමට ගිහින් ප්‍රශ්න විසඳපු හැටි (PHOTOS)

Next Post

එක රැයින් හිට්වුණු අවුරුදු කුමාරි

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.