• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇස්ට්‍රොලජි මේනියාවෙන් හිටපු සුපිරි තරුවලට දඬුවම් දුන්න කොරෝනා දෙවියෝ

October 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
ඇස්ට්‍රොලජි මේනියාවෙන් හිටපු සුපිරි තරුවලට දඬුවම් දුන්න කොරෝනා දෙවියෝ
Share on WhatsAppShare on Facebook

බොහොමයක් වූ ඉන්දියානු සුපිරි තරු ජ්‍යොතිෂය ඉතා තදින් අදහන්නෝ වෙති. සරලවම කියනවා නම් මේ අතර සිටින ඇතැම්දෙනා බඬේ අජීර්ණයක් ආවත් ආහාර අජීර්ණයකැයි සිතනවාට වැඩිය එය නරක වෙලාවකැයි සිතති. සුවිශේෂීව දකුණු ඉන්දීය තාරකාවනට වඩා උතුරු ඉන්දියානු තාරකාවෝ ජ්‍යොතිෂය නිසා මානසිකව පීඩි විඳිති.

සමහරු රාහු කාලය අසන තුරු ඇඳෙන් බිමට පිය තියන්නේ නැත. තව සමහරදෙනා ඇඳුමෙහි පැහැය දැන ගන්නාතුරු ඇඳුම් අල්මාරියේ දොර නාරිති. තවත් ඇතැමෙක් ගෙදරින් එළියට වාහනය ගන්නට පළමුව හමුවන අය කවුදැයි යන්න ගැන මානසිකව වද වෙති.

ඒ සියල්ලටම වඩා අපූර්වතම කාරණය වන්නේ චිත්‍රපටයකට ගිවිසුම් අස්සන් කිරීම, එහි වැඩ ඇරඹීම සහ තිරගත කිරීම සඳහාද ඔවුන් ජ්‍යොතිෂය ඕනෑවට වඩා පටලවා ගැනීමය. චිත්‍රපටයට ගිවිසුම ගසන්නට පළමුව තිර පිටපත බාර ගන්නා විට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනය ගැන අධ්‍යක්ෂ සහ නිෂ්පාදක සමඟ කතාබහ කරති. තමා තීරණය කරන්නේ එය රාමසාන් උත්සවයට තිරගත කරන්නට නම් චිත්‍රපටයෙහි අධ්‍යක්ෂ මෙන්ම නිෂ්පාදකවරයාද එයට මනාප විය යුතුය. මනාපය නොලදහොත් සුපිරි තරුව ඔවුන් හා අමනාපවේ.

එම අමනාපය තුළ සුපිරි තරුව බායි කියා තිර පිටපත අධ්‍යක්ෂවරයාට දී පිටව යන්නේද කෝටි ගණනක මුදල් නෝට්ටු මිටි ගණනකට කිසිම චකිතයක් නැතුව පයින් පහරක් ගසමිනි.
එච්චරටම ඇස්ට්‍රොලජි ගැන මෙනියාවක සිටින ඒ සුපිරි තරු බොහොමය අතර කිහිපදෙනකු වන්නේ ආමීර් ඛාන්, සල්මන් ඛාන්, ජෝන් ඒබ්‍රහම්, අක්ෂය කුමාර් සහ ෂාරුක් ඛාන්.
ඔවුන්ගේ මෙම ජ්‍යොතිෂය මේනියාව තුළ වන තවත් එක් අමුතු සිද්ධාන්තයක් වන්නේ උත්සව නිකුතුවක්ද එයට ඈඳී තිබීමය. ෂාරුක් හිතන්නේ තම චිත්‍රපට රාමසාන් උත්සව සිරියත් සමඟ මහා වාසනා මහිමයක් ලබන බවය.

සල්මන් සහ අක්ෂය කුමාර් දීපවාලියට තම චිත්‍රපට නිකුතුව යහපත් යැයි සිතති. ජෝන් ඒබ්‍රහම් සහ අජේ දේව්ගන් ගාන්ධි ජයන්තිය හෝ ඉන්දියානු ජාතික දිනය ඒ සඳහා තෝරා ගනිනි. අමීර් ඛාන්ගේ වාසනාවන්ත නියමය වන්නේ නත්තලය.
මේ සුපිරි තරු කාණ්ඩය සිතන සේම එය එලෙස සිදුවන්නේද?
සත්තකින්ම බොහෝ අවස්ථාවන්වල එය එලෙසම සිදුවිය. පසුගිය 2018 සහ 2019 අවුරුද්ද වනතුරුම එය එයාකාරයෙන්ම සිදුව පැමිණියේය.

එහෙත්,
සල්මන්ගේ ‘රේස් 3’ චිත්‍රපටයත් ෂාරුක්ගේ ‘හීරෝ’ චිත්‍රපටයත් නොසිතූ ලෙස කඩාවැටීමත් සමඟ ඔවුන්ගේ ඇස්ට්‍රොලොජි නියමයන් යකාට ගියේය. පත්තරකාරයන් ඒ පිළිබඳව මහා ලොකුවට කතා කරමින් ඔවුන් උපහාසයට පත්කරන විට උත්සව නියමයන් සමඟ ඇස්ට්‍රොලොජි ශාස්ත්‍රය ඈඳාගත් අනෙකුත් සුපිරි තරුද යම් සසලවීමකට බඳුන්ව සිටියහ.

අංක විද්‍යාවට අනුව 20 ඉලක්කම් හවුලක් සමඟ පැමිණෙන 2020 අවුරුද්ද ගැන සුපිරි තරු ඊළඟට සිහින දකින්නට ගත්තෝය. සකල ලෝකවාසීනට සේම 2020 ඔවුනටද තවත් එක් මැජික් එකක් විය. 2018 අවසානයෙත් 2019 පුරාවටත් සිදුවූ සියලු වස්දොස් 2020 සමඟ අහෝසිව යන බවට ඔවුන් අතර නොසිතූ තරමේ අන්ධ වූ යම් විශ්වාසයක් ගොඩනැඟිණ. හැම සුපිරි තරුවකටම පාහේ එය එලෙසම තම තමන්ගේ ඇස්ට්‍රොලොජි මේනියාව තුළ මුදුන්පත්ව තිබූ සිතුවිල්ලක් විය.

එනමුදු 2020 අවුරුද්ද, 2019 උඳුවප් මස 31 වැනිදාවේ ලොකුවට වෙඩිමුර ගසමින් උදාවූයේ අවාසනාවන්ත කොවිඞ් 19 උවදුරත් සමඟය. ඇස්ට්‍රොලොජි නියමයන් තුළ වූ හීන පොකුරු ඔහේ උඩු සුළඟට ගසාගෙන යන විට සුපිරි තාරකාවෝ මුඛවාඩම් සමඟ නිවෙස්වලට කොටුවූහ. ඊස්ට්මන් වර්ණයේ සිනමා පටයන් සැලොලයිට් පටි අතර එතී නිහඬව සුසුම් හෙළන විට සුපිරි තරු බලා සිටියේ ඊළඟට කුමක් කළ යුතුදැයි යන සිතුවිල්ල කොවිඞ් 19 උවදුරත් සමඟ තරාදියක දමා කිරමිනි.

දින, සති, මාස ගණන් වී 2020 අවුරුද්ද අග භාගයටම පැමිණියේය. මැජික් එකක් වනු ඇතැයි සිතුවද 2020 තියෙන සියල්ලමත් සෝදාපාළු කොට දමමින් තිබිණ. චිත්‍රපට සංස්ථාව කෝටි ප්‍රකෝටි ගණනක පාඩුව අත්විඳින විට සුපිරි තරු සමූහය සමඟ නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්ද හතරගාතේ දමා බිම ඇදවැටිණ.
රාමසන් සමඟ දීපවාලියද ඔහේ ගෙවී යන විට සිනමා ශාලාවලට දැමුණු අගුළුවලට එය දැනුණේවත් නැත.

දැන් ඉතිරිව ඇත්තේ කුමන විකල්පයදැයි සියල්ලත් එක්ව පසුගිය දවසක කතිකාකර තිබිණ. විසඳුම සඳහා වූයේ අසිරිමත් නත්තල් උත්සවය පමණය. ඉතින් සුපිරි තරු සියල්ල නත්තල වඩිනතුරු බලා සිටින්නට විය. ඒ බලාපොරොත්තුව තුළ මයිඛාන්, ලාල් සිං චාදාසුරියවංශි, ඊද් හී සත්‍ය නම් ජයතේ යන දැවැන්ත චිත්‍රපට එක පෙළට ප්‍රේක්ෂකයන් හමුවට තල්ලුකර දැමීමට සියල්ලන් පොරබදමින් සිටියහ. පෙරුම්පුරා බලා සිටියහ.

සිදුවූයේ කුමක්ද? කොවිඞ් 19 උවදුර හිතුවාට වැඩිය දරුණු විදියට ඔවුනට දඬුවම් දුන්නේය. නත්තල සුබ නිමිත්තක් කොටගෙන ඉන්දියාවේ ටවුන් පුරා ඉදිකරන්නට බලා සිටි කටවුට් සියල්ල තවමත් බිමය. චිත්‍රපට නරඹනවා තබා බොහෝ ඉන්දියානු පවුල්වලට එදාවේල කන්නට නැත. ඒ අතර කොවිඞ් 19 ආසාදිත වූවන් සේම දිනෙන් දින සිදුවන මරණ ගණනද ඉවරයක් නැත.
‘රිලයන්ස් එන්ටර්ටේට්මන්ට්’ චිත්‍රපට සමාගමෙහි විධායක නිලධාරි ෂිබාසිෂ් සර්කාර් පවසා සිටින්නේ චිත්‍රපට ශාලා වසා දැමීමේ පාඩුව කෝටි ගණනින්වත් අංක කොට දැක්විය නොහැකි බවය. ප්‍රදර්ශන මණ්ඩල අධ්‍යක්ෂ ‘අක්ෂෙ රතී’ මාධ්‍ය හමුවකටවත් නොඑන්නේ කිව යුතුදෑ ඉතාම කනගාටුදායක බැවිනි.

ඉතින්,
කිවයුතු යමක් තවත් ඉතිරිව නැත. සිදුවූයේ කුමක්දැයි කිසිවකු ඇසුවහොත් එයට උත්තරය ඇත්තේ දෙවියන් අතය.
හැබැයි, එකක් කිවයුතුව ඇත. ඒ ඇස්ට්‍රොලොජි හීනවලට වඩා සොබාදහම බලවත් බවය. මන්දයත් ලොවෙහි අංක එකේ කෙරුම්කාරයන්ටද මුඛවාඩම් දැමීමට තරමට එය බලවත් විය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

HUTCH – oDoc එකතුවෙන් ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්

Next Post

සෙංකඩගල ෆිනෑන්ස්හි අධ්‍යක්‍ෂ මණ්ඩලයට ආචාර්ය රොෂාන් පෙරේරා පත්කරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.