• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආශාව නතුවූ ශලිනිගේ පිපාසය

April 25, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ආශාව නතුවූ ශලිනිගේ පිපාසය
Share on WhatsAppShare on Facebook

මින් පෙර අසා නැති නාමයක් සහිතව අනාරාධිතවම පැමිණි නන්නාඳුනන ‘කොරෝනා’ මිනිස් ජීවිතවලට කළ හානිය සුළුපටු නැත. පොදු මිනිසා වාගේම සුවිශේෂී යන සැලකිල්ලට බඳුන් වූ කලාකරුවන්ද තම සැලසුම් සියල්ල අතරමග නතර කොට දැමුවේ බලාපොරොත්තු විරහිතවය. මොකක්ද මේ වුණේ? කියා කවුරුන් හෝ අසනවාටවත්, එයට පිළිතුරු දීමටවත් අකැමැති තරමට ඇතැම් කලා ශිල්පීන් නොසන්සුන්ව ඇත. තවත් ඇතැමුන්ගේ ජංගම දුරකතන ක්‍රියාවිරහිතය.

තවත් අය ෆෝන්වලට උත්තර නොදෙති. ඒ අතර සමහර කලා ශිල්පීන් සහ ශිල්පිනියන් ඉතා සුහදව මාධ්‍යයට මුහුණ දෙති. ‘හාට්’ වෙතින් කළ ආරාධනය පිළිගෙන හදවතින්ම අප හා එක්වූ ජනප්‍රිය නිළි තාරකාවිය ශලනි තාරකාද එකී සුහදත්වය අප වෙත පෑ තවත් එක් අයකු විය.
ඉතින් ශලනි, නොසිතූ ලෙස ‘කොරෝනා’ සියල්ල වෙනස් කළා නේද?
සත්තකින්ම ඔව්. බලාපොරොත්තු නොවූ සිදුවීමකටයි අප මේ මුහුණ දෙමින් සිටින්නේ.
ගෙදරට කොටුවීම ඔබ වැනි රංග ශිල්පිනියකට බොහෝ නුහුරු අත්දැකීමක්?
මොනවා කරන්නද? එන දේට මුහුණ දිය යුතුයි. මෙයද තවත් එක් අත්දැකීමක් ලෙස උපේක්‍ෂාවෙන් බාරගත යුතුයි.
‘ගිරිදේවි’ ගැන ටිකක් කතා කරමුද?
කතා කරමු. ‘ගිරිදේවි’ කියන්නේ මම හරිම සතුටින්, උනන්දුවෙන් කළ චරිතයක්.
ඒ වාගේම එය මගේ රංගන ජීවිතයේ ඉතාම සුවිශේෂී කඩඉමක්. හරිම උfiා්ගයෙන් ‘ගිරිදේවි’ ගැන තොරතුරු පවසන්නට ඈ ගැන බොහෝ දෑ කතා කරන්නට මා තුළ තිබෙන උනන්දුව අසීමිතයි.
එහෙනම් ‘ගිරිදේවි’ ඔබ වෙත පැමිණි ආකාරය ගැන තොරතුරු කියමුද?
ගිරිදේවි ශාන්ති දිසානායක මහත්මියගේ කෘතියකට අනුව නිර්මාණය වූ ටෙලිනාට්‍යයක්. අධ්‍යක්‍ෂණය ඉන්දික ධර්මතිලකගේ. නිෂ්පාදනය සඳහා සහාය වන්නේ ශ්‍රිනාත් පෙරේරා. මෙහි තිර රචනය සමන්ත කුමාර ගමගේ විසින් තමයි නිර්මාණය වූයේ. ගිරිදේවි කතාවේ ආශා නම් තරුණියගේ චරිතය සඳහා මාව තෝරාගත් බව මම පළමුවෙන්ම දැනගත්තේ ඉන්දික අයියාගෙනුයි.
ඉන්දික අයියා මට තිරපිටපත දෙන මොහොතක කිව්වා ආශාගේ චරිතයට අපි ඔයාව තෝරා ගත්තේ තිරපටපත ලියන්නත් කලින් ඉඳලමයි. ආශාගේ චරිතය ගැන අපි කතාබහ කළෙත් ඔයාව හිතේ මවාගෙනමයි කියල.
ඇත්තටම ඉන්දික අයිය කතා කළේ සම්පූර්ණයෙන්ම මා ගැන විශ්වාස කරලයි.
ඔබ ඒ විශ්වාසය රකින මෙහෙවර බාර ගත්තා?
ඔව්. මම ආශාගේ චරිතය බාර ගත්තා. තිරපිටපත දෙන වෙලාවේ ඉන්දික අයියා මගෙන් ඇහැව්වා පොත කියවලා තියෙනවද කියවලා. හැබැයි මම ඒ වෙනකොට ගිරිදේවි කියලා තිබුණේ නැහැ. ශාන්ති දිසානායක කියන්නෙ මම දැඩිව ප්‍රියකරන ලේඛිකාවක්. ඇගේ කෘතිවලට මම කොහොමත් ආසයි.
ආශාගේ චරිතය බාර ගන්න ඔබට එයත් හේතුවක් වුණා?
ඇත්තෙන්ම ඔව්. රූගත කිරීම් ආරම්භ කිරීමට පළමුව මම ගිරිදේවි කිහිපවතාවක්ම කියෙව්වා. ඒ කියවන හැම වතාවකම ආශාගේ චරිතය ගැන ලොකු පිපාසයක් මට දැනුණාය කිව්වොත් හරියටම හරි.
ඒ වගේම ආශාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා මම ශාන්ති දිසානායක මහත්මිය සමඟද මේ ගැන නිතර සාකච්ඡා කළා.
ඒ අතර, ඉන්දික ධර්මතිලක සහ සමන්ත කුමාර ගමගේ සමඟද ආශා සමඟ ගැටිය යුත්තේ කෙසේ දැයි යන්න ගැන සාකච්ඡා කළා.
ආශාගේ චරිතයට ඔබේ හෙයාර් ස්ටයිල් එක ගැටලුවක් වුණු බව ආරංචියි?
ඒකනේ… තව පොඞ්ඩෙන් හොඳම කොටසක් මගේ අතින් නොකියවෙන්න තිබුණා.
ගිරිදේවි කතාවේ ආශාට ලස්සන දිග කොණ්ඩයක් තියෙනවා. එය ඇගේ චරිතයට ඉතා විශේෂයි. ඉන්දික ධර්මරත්න මෙහි තිරපිටපත මට දෙන විට මම මගේ කොණ්ඬේ හුඟක් කොටට කපල තිබුණේ. මම හිනා වෙමින්ම ඔහුට කිව්වා ඉඳලා ඉඳලා කොණ්ඩෙ කැපුවා විතරයි ඔයා දිග කොණ්ඩයක් තියෙන ලස්සන චරිතයක් අරගෙන මං ඉස්සරහට ආවාය කියලා. ඒ කියන්නේ ගිරිදේවි ආරම්භ කළේ 2019 ජූලි මාසේ. එතකොට මගේ කොණ්ඩෙ කොටට තිබුණු නිසයි මම එහෙම කිව්වෙ.
ඉන්දික අයියා නම් එය එතරම් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඒ නිසා පළමු රූගත කිරීම් සඳහා මා වෙනුවෙන් කොණ්ඩයක් සැකසුවා. දැන්නම් කොණ්ඩෙ වැවිලා හොඳටම. ඉතිරි රූගත කිරීම්වලට කෘත්‍රිම විලාසිතාව වුවමනා වෙන එකක් නැහැ මං හිතන්නේ.
ඒ කියන්නේ ගිරිදේවි රූගත කිරීම් අතරමග නතර වුණා?
ඔව්… කොරෝනා උවදුර සමඟ ගිරිදේවිද ඇනහිටියා. සියල්ල සමථයකට පත්වූ පසුව ඉතිරි රූගත කිරීම් ඇරැඹේවි.
‘ආශාගේ චරිතය’ වෙනුවෙන් ඉන්දික ධර්මතිලක ඔබ කෙරෙහි තැබූ විශ්වාසයට ඔබ සාධාරණත්වය ඉටුකළාද ශලනි?
මම හිතන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුර තියෙන්නේ ප්‍රේක්‍ෂකයන් අතෙයි. ගිරිදේවි තවම සිටින්නේ 10 වැනි සහ 15 වැනි කොටස් සීමාවෙයි. ඒ නිසා ආශා වෙනුවෙන් මා කළ මෙහෙවර කෙතරම් සාර්ථකයිද යන උත්තරය දීම එම කාලය මදියි. ඒ හින්දා ඔබේ ඔය ප්‍රශ්නයට අවශ්‍ය හරි පිළිතුර හෙට දවසට කල්තැබිය යුත්තක් බවයි මගේ හැඟීම.
ආරංචිය ලැබණේ නම් ඔබට දැඩි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙන වගයි?
ඇත්තටම ඒක එහෙමයි. මට ආදරය කරන රසිකයන් ලොකු අගයක් දුන්නා මට ගිරිදේවි ටෙලිනාට්‍යයේ ආශාගේ චරිතය මම සාර්ථකව කළාය කියලා.
මෙතැනදී මම ඔබට දුන් පිළිතුරෙහි වූයේ මම ආශාවෙන් චරිතය ඉතා හොඳට කළාය යන පාරට්ටුව මා විසින්ම සහතික කිරීම සුදුසු නැතය යන අදහසයි.
ප්‍රේක්‍ෂකයන් ඔබට ඒ පාරට්ටුව දුන්නා?
ඔව්. එය මට ආශාගේ චරිතයෙහි ඉතිරි අදියර වඩා සාර්ථකව නිම කිරීමට විශාල පිටිවහලක් වුණා.
මල් චරිත සමඟ මෘදුව රඟපෑ ඔබ දැන් දැන් සංකීර්ණ චරිත වෙත ප්‍රවිෂ්ට වෙලාද?
මෙහෙමයි. මම රංග කලාවට පිවිසුණේ මට වයස අවුරුදු 17දී. එවකට රඟපෑ ටෙලිනාට්‍ය තුළින් මට බොහෝ විට ලැබණේ පාට පාට මල් වැනි චරිතයි.
අද මම අවුරුදු 29ක් වැනි පරිණත වයසක ඉන්න රංගන ශිල්පිනියක්. ඒ නිසා පොළොවේ පයගසා සිටින කළු – සුදු චරිත කෙරෙහි දැන් දැන් වෙනදාට වැඩි ඇල්මක් දක්වනවා. කලකට ඉහත අළු ටෙලි නාට්‍ය තුළින්ද මා රඟපෑවේ මඳක් සංකීර්ණ චරිතයක්. එයට දැඩි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. ගිරිදේවි හමුවේද මං එය අද අත්විඳිමින් සිටිනවා. ප්‍රේක්‍ෂකයන් දැන් ඉස්සරට වඩා බුද්ධිමත්. කූඹියෝ, සහෝදරයා, වීරයා ගෙදර ඇවිදින් වැනි ටෙලි කතා ජනප්‍රිය වුණේ එනිසයි.
ගිරිදේවිද ප්‍රේක්‍ෂකයාට එවැනි අමතක නොවන මතකයක් වන බව විශ්වාසයි. චැනල්වලට හෝ අනුග්‍රාහකයනට ඕනෑ විදියට ටෙලිනාට්‍යයන් හරයක් නැතිව ඇදගෙන යනවාට වඩා සීමිත කොටස් ගණනකට සීමාකොට නිම කිරීමෙන් එය එපා නොවෙන ගණයට වැටෙන කලා නිර්මාණයක් වෙන බව දැන් දැන් කලාකාරයන් වූ අප වටහා ගන්නවා නම් හොඳ බවයි මගේ හැඟීම වන්නේ.
පසුගිය දවස්වල ටෙලිනාට්‍යවලින් ඔබ ඉවත් වූයේ ඒ හැඟීම නිසාද?
ඔව්. සත්තකින්ම සිදුවූයේ එයයි.
චිත්‍රපට කිහිපයක ඔබ රඟපෑමට හවුල්ව සිටින බව දැනගන්නට ලැබුණා?
ඔව්. ඒ සියලු රූගත කිරීම් දැන් ඇනහිටලා. සියල්ල යහපත් අතට හැරෙන්නට කියලත් මේ රටට ලෝකයට වගේම කලාකරුවන් වූ අපටත් වෙනදා මෙන් ජීවිතයට සතුටින් මුහුණ දෙන්නට හැකිවේවා කියලත් මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහා සංඝරත්නය හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් (PHOTOS)

Next Post

සැමියා දෙවියකු කරන බිරිඳ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.