රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප‍්‍රසාද දීමනා ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ අනුව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියළු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් ඒ සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.
2018 ගිණුම් වර්ෂයේ මූල්‍ය වාර්තා පදනම් කර ගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට ප‍්‍රසාද දීමනා ගෙවන ලෙස එමගින් දැනුම් දී තිබේ.










