• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවුරුදු 35ක් නොගියත් නොවෙනස් අනුපම්ගේ ආදරය

August 29, 2020
in Heart
Reading Time: 1 min read
A A
අවුරුදු 35ක් නොගියත් නොවෙනස් අනුපම්ගේ ආදරය
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක වීමට කිසිදිනෙක සුන්දර පෙනුමක් අවැසි වූයේ නැති තරම්ය.
එලෙසම සුපිරි තරු ලෙස වැජඹුණු ඒ සුපිරි වීරයන් වයසට ගියද රසික උන්මාදය ඔවුන් වෙතින් ගිලිහී ගියේද නැත.
උතුරු ඉන්දීය නළුවන් වූ රාජ් කපූර්, අමිතාබ්, රිෂී, දිලිප් සේම දකුණු ඉන්දියාවේ කමලනාතන්, රැජිණි සහ එම්. ජී. ආර්. ද එයට හොඳ නිදසුන් වෙයි.අනුපම් කේර්ද එවැනිම වූ තවත් එක් සුපිරි තරුවකි. අභිමානවත් ඔහුගේ පිරිමි පෙනුම නිසාත් විවිධ චරිත රංගනයන් නිසාත් අනුපම් ඉන්දීය රසිකයන් අතර සුපිරි තරුවක සේම ජනප්‍රියය.
අනුපම් බොහෝ විට රංගනයෙහි යෙදුණේ පිය පදවිය සඳහාය. වරෙක නැහැවුණු කපටි වංචනිකයකු වූ අනුපම් තවත් විටෙක සංවේදී තාත්තා කෙනෙකි. අණක් ගුණක් නැති සමාගම් ප්‍රධානියකු ලෙස ඔහු රඟපෑ චරිත ගණන අසීමිතය.
ඒ සියල්ලටම වැඩියෙන් අනුපම් ප්‍රහර්ෂණය තුළ කරන මිරිහිමය රංගනයන් රසිකයන්ගේ ඉල ඇදෙන සිනාවට හේතු විය. කිතිකවා හිනැහෙන තියරියට පටහැනි අනුපම් ප්‍රේක්‍ෂකයන් හට සිනමාවේ රසය දුන්නේ ඔරිජිනල් පැටන් එකටමය.
ඉතින්, ඔය කී සියලු හේතුන් ගත්කල අනුපම් කේර්ද තාරුණ්‍යය නියෝජනය නොකළ සුපිරි තරුවක බවට පත්වූයේ ඉබේටමය.
එලෙසම අනුපම් සමාජජාලා හරහා තම සුහදත්වය මනාව ඔප්නංවාවූ සිනමා තරුවකි. සිය ඉන්ස්ටග්‍රෑම් සාමාජිකයන් හරහා තම තොරතුරු සහ සුන්දර සේයාරූ බෙදාහදා ගන්නට කැමැති අනුපම් පසුගිය දිනයක තම 35 වැනි විවාහ සැමරුමෙහි සතුටද රසිකයන් සමඟ බෙදාහදා ගත්තේය.
ඒ සඳහා ඔහු භාවිතයට ගෙන තිබුණේ අපූරු පින්තූර එකතුවකි. එහි විශේෂය වූයේ සියල්ල කළු – සුදු රූප වීමය. තමා සමඟ දුක, සතුටේදී මෙන්ම සුව සැපේදීද චකිතයකින් තොරව ළඟම ගැවසුණු තම යහපත් සුරූපී බිරිය ගැන ඔහුට පැවැසිය හැකි උපරිම වූ සෙනෙහස පිරි වදන් රාශියක් අනුපම් සටහන් කොට තිබිණි.
දයාවෙන් ලියමි, ආදරණීය කිරන්, වසර 45කට ආසන්න අපේ පෙම ගැන අලුත් කතා ඔබට මම කුමට ගොතන්නද? මගේ පෙම ඔබ හොඳින් හඳුනන්නීය. මා අසල මා අසනීප වූ මොහොතේ ඔබ රැඳී සිටීමට එයට හොඳ සාක්‍ෂියකි. දේශපාලනික වශයෙන් කොයිතරම් නම් රාජකාරි බහුල වුවද මම ඔබේ සැමියා බව ඔබ කිසිදිනෙක අමතක නොකළේය.
නමුත් කනගාටුවට කාරණය වන්නේ මම රංගන ජීවිතය තුළ කාර්යබහුල වන සමහර මොහොතක නම් මට ඔබට දුරකතන ඇමැතුමක් දෙන්නට නොහැකි විය.
‘ඇයි කෝල් එකක්වත් නුදුන්නේ. මිස් කෝල් මැසේජ්වත් දැක්කෙ නැද්ද, යී’
කියා ඔබ මගෙන් ඇසුවේ නැත. කවදාවකවත් එලෙස නෑසූ ඔබගෙන් මම නම්,
‘කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තෙ ඇයි කිරන්…’
අසන්නේ ඉඳහිටක සමහර දිනෙක ඔබට දෙන ඇමැතුමට ඔබ පිළිතුරු නොදුන්විටය.
අහන්න කිරන්, පිළිකා මාරකය මගේ ජීවිතය අද්දරට පැමිණ සියුම්ව දොරට ගසන විට මට බය නොදැනුණේ ඔබ නිසාමය. මම ලෙඩකු වීම ගැන දුක හිතුණේ මටම විතරය. ඔබට එය දුකක් නොවීය.
ලෙඩ හැදෙන්නේ මිනිසුනට නැතුව ගහකොළවලටද? ඔබට වඩා ඕනෑ තරම් දුක්විඳින රෝගීන් ඉන්නවා. සතුටු වෙන්න අපහසු නම් උපේක්‍ෂාවෙන් හෙට දවස දිහා බලන් ඉන්න.
මගේ රාත්‍රී බෙහෙත් පෙති ටික මා අතේ තබන ඔබ හෙට උදාවන හිරු පිළිවෙළට මා සිත තුළ බලාපොරොත්තු ඇතිකළේ එලෙසින්ය.
දයාබර කිරන්, මම ඔබ වෙනුවෙන්ම දැන් ජීවිතය ගෙවමි. හැම මොහොතකම ඔබ අසලම සිටිමි. ඔබ ශ්‍රේෂ්ඨ ගැහැනු දරුවෙකි. සැමදාමත් මම ඔයාට ආදරය වෙමි. ඒ ඔයා මට දෙන ආදරය නිසා ඒ හිලව්වට නොව. සැබැවින්ම මම ඔබට ආදරය නිසාමය.
ඒ රසවත් කෙටි සටහන සමඟ අනුපම් කේර් මුදාහැර තිබූ කළු – සුදු සේයාරූ පෙළ ඉතාම ප්‍රේමණීය විය.
වරෙක එය නර්ගීස් සහ රාජ් කපූර් හෝ දිලිප් සහ වෛජන්ති මාලා රඟන ප්‍රේමණීය ආදර කතාවක් තරමට රසික සිත අමන්දානන්දයට පත්කර තිබිණි. ඒ තරමටම අනුපම්ගේ ඉන්ස්ටග්‍රෑම් රසිකයන් ඔහුගේ ආදරණීය විවාහ සැමරුමට සෙනෙහස පිරි ප්‍රතිචාර දක්වා තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

Singer වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් දැන්

Next Post

එජාපයට උසාවියෙන් තහනමක්

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.