• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවංක ආදරයක් හොයන හිතුවක්කාරී

August 16, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අවංක ආදරයක් හොයන හිතුවක්කාරී
Share on WhatsAppShare on Facebook

ජනප්‍රියතාවය එක ලෙස රඳා ගනිමින් එක රැයකින්
දෙස්-විදෙස් රසික රසිකාවියන්ගේ ආදරය, ගෞරවය ලබන්න ඇය පින්වන්තියක් විය. ඒ විතරක් නොව පුංචි තිරයේ, සිනමාවේ ඇරැයුම් පිට ඇරැයුම් ගලාගෙන ආවත් ඇය ඒ කිසිවකටත් සම්බන්ධ නොවී සහේලි වෙනුවෙන්ම ජීවිතය කැප කළා. ඇය එමාෂා සෙනෙවිරත්නයි. ඇගේ කලා දිවියේ අලුත් පිම්ම ගැන අප සමඟ කතා කළේ මේ විදියට.
සහේලි තවමත් ගෙදරට කොටුවෙලාද ඉතින්?
පසුගිය කාලේ ලෝකෙම පැතුරුණු ‘කොරෝනා’ නිසා සියලුම දේම කඩාවැටුණා. ඉතින් ලංකාවටත් එය බලපෑවා. ඉතින් අපිත් ගෙදරට කොටුවුණා. එහෙමයි කියලා හැමදාම ගෙදර ඉන්න බැහැ. එතකොට මම ‘සහේලි’ට කරන්නේ අසාධාරණයක්. ඉතින් ආරක්‍ෂාකාරීව සුපුරුදු පරිදි ‘දෙවැනි ඉණිම’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා.
වසර දෙකක පමණ කාලයක සිට ඔබේ ජනප්‍රියත්වය එක ලෙස රඳවා තබාගැනීමේ විශේෂත්වය ගැන කතාකළොත්?
ඇත්තටම මම ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වීමට අදහසක් නොතිබුණු කාලයක තමයි ‘දෙවැනි ඉණිම’ ටෙලිනාට්‍යයේ සහේලි වීමට වරම් ලැබුණේ. ප්‍රභාත් චතුරංග අයියා හරහා තමයි මගේ ගමනට තවත් එළියක් උදා වුණේ. ඒ විතරක් නෙවේ ‘දෙවැනි ඉණිම’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස් අයියා ඇතුළු ටෙලිනාට්‍ය කණ්ඩායමේ සියලුමදෙනාගේ ලොකු සහායක් ලැබුණා. ඒ සියලුමදෙනාගෙන්ම ලැබුණු ශක්තිය නිසා තමයි. අදටත් දෙස්, විදෙස් සියලුමදෙනාගේ ආදරය, ගෞරවය මට හිමිවන්නේ. ඒ වගේම ‘දෙවැනි ඉණිම’ ටෙලිනාට්‍යයේ තිරරචක සමන් එදිරිමුනි අයියා හරිම ලස්සනට කතාව ලියාගෙන යනවා. ඒ නිසා ‘දෙවැනි ඉණිම’ ටෙලිනාට්‍ය ජනප්‍රිය ටෙලිනාට්‍ය අතර අදටත් විකාශය වීම සතුටක්. ඔය සියල්ල මගේ ගමනට විශේෂත්වයක් වුණා කිව්වොත් හරි.
එකම ටෙලිනාට්‍යයක එක දිගට වැඩ කිරීම එපාවීමක් වුණේ නැද්ද?
අපෝ කවදාවත් නැහැ. එකම පවුලක දරුවන් විදියට පුදුමාකාර සහෝදර බැඳීමකින් තමයි අපි අදටත් වැඩ කරන්නේ. හරිම සුන්දර අත්දැකීම් එක්ක සතුටින් වැඩකරගෙන යනවා.
ජනප්‍රිය නාට්‍ය වැඩිවීමත් එක්ක සමහරු වැලනොකැඩී වැඩ කරනවා. ඒත් සහේලි හෙමින් ගමනක් යන බව අපි දකිනවා?
එහෙම වැඩ ගොඩක හිරවෙලා වැඩ කරන්න මම කැමැති නැහැ. ගොඩාක් නිර්මාණවලින් මට ආරාධනා කළා. ඒත් මම ඒ කිසිවක් බාර ගත්තේ නැහැ. එහෙම දුවන්නම්වාලේ හති දාගෙන දුවන්න මම කැමැති නැහැ.
හෙමින් හෙමින් ආපු ආගමනේදි ඔබ ‘හිතුවක්කාරී’ ළඟ නතර වීමේ විශේෂත්වය?
‘හිතුවක්කාරී’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ ජී. නන්දසේන මහතා මට ආරාධනා කළා. ඉතින් එය මෙගා ටෙලිනාට්‍යයක් නොවන නිසාත්, එය මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වන නිසාත් මම ‘හිතුවක්කාරී’ ටෙලිනාට්‍යට සම්බන්ධ වුණා.
පසුගිය කාලවකවානුවේ ඔබට චිත්‍රපටයකින් ආරාධනා ලැබුණා. නැවැත එය මඟහැරීමට හිතුවේ ඇයි?
චිත්‍රපට ගොඩකින් මට ආරාධනා ලැබුණා. ඒ සියල්ලම ආරාධනා ලැබුණේ ‘සහේලි’ නිසා තමයි. නමුත් මම ඒ කිසිවක් බාර නොගත්තේ වෙන කිසිම හේතුවක් නිසා නෙවේ. මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කරගන්න බැරි නිසා. මේ සියල්ල අවසන් වූ පසු තෝරාබේරාගෙන හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.
ඔබේ ජනප්‍රියතාවත් එක්ක තවත් සමහරු ඔබට අකුල් හෙලනවා ඇති නේද?
එහෙම කියන්න මම දන්නේ නැහැ. ජනප්‍රියත්වයට, ලස්සනට, ප්‍රසිද්ධියට කවුරු හරි විශේෂ කෙනෙක් හිටියොත්, මට ප්‍රහාර, චෝදනා එල්ල වෙනවා. එය මට විතරක් නෙවේ ඔබටත් විය හැකියි. එහෙම බලාගෙන ඉන්න බැරි පිරිසක් තමයි ඔය දේවල් කරන්නේ. ඉතින් ඒ සියල්ල දැනගෙන තමන්ගේ පාඩුවේ සියල්ල තේරුම් අරගෙන කටයුතු කළොත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්.
ඔබ ආගම-දහම ගැන ලොකු විශ්වාසයකින්ද, අවබෝධයකින්ද කටයුතු කරන්නේ?
ආගම – දහම එක්ක හැදුණු පරිසරයක තමයි මම පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන්නේ. මගේ මවුපියන් ඒ සියල්ල අපට අවබෝධ කරදුන්නා. ඔවුන් පැවසුවේ පන්සිල් පද පහ එක්ක ජීවත් වෙන්න කියලා තමයි. මම අද වෙනකම් මදුරුවෙක්වත් මරලා නැහැ. ඉතින් මගේ ජීවිතයේ ආපස්සට හැරිලා බලනකොට මම සතුටු වෙනවා. අපට තීරණය කරන්න පුළුවන් අප කරන දේ හොඳද, නරකද කියලා.
එමාෂාටත් එකදිගට ආදර ඇරැයුම් ගලාගෙන එනවා කියන්නේ ඇත්තද?
ගැහැනු ළමයෙක් විදියට එවැනි ආදර ඇරැයුම් එන්නේ නැහැ කිව්වොත් එය බොරුවක්. නමුත් මම ඒ කිසිවක් ගැන හිතලා නැහැ. එය ගැන හිතන්න තරම්වත් මට තවම හිතක් නැහැ.
මොනවගේ කෙනෙක්ද ඔබ පතන්නේ?
ගුණ, යහපත්, අවංකව ආදරය කරන කෙනෙක්ට මම කැමැතියි. රූපය, සල්ලි, බලය කිසිවක් වැඩක් නැහැ. ගුණ, යහපත්කම නැතිනම්, සමහරු ඉන්නවා ආදරය නිසා දහදුක් විඳලා හදපු මවුපියන් පවා අමතක කරල ආදරය
හොයාගෙන යන අය.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නාමල්ගේ ෆේස්බුක් එකේ ප්‍රේමදාසගේ ෆොටෝ එකක්…

Next Post

නායකකම ගන්න ආ කරුට වට කොට ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.