• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායකකම ගන්න ආ කරුට වට කොට ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)

August 16, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 5 mins read
A A
නායකකම ගන්න ආ කරුට වට කොට ප්‍රහාරයක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පසු එක්සත් ජාතික පක්ෂය ඇතුළේ බරපතළ නායකත්ව අර්බුදයක් නිර්මාණය වීමට නියමිත බව අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කළේ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙරාතුවය.

‘රාජ්‍ය රහස්’ කලින්ම කිව්වා

එහිදී අප පැහැදිලිවම පෙන්වා දුන්නේ මැතිවරණය නිමවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නායකත්ව අර්බුදයක් නිර්මාණය වීමට නියමිත බවත්, ඊට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ වැන්නවුන් සටන් වැදීමට නියමිත බවත්ය. අප කීවා වාගේම මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එජාප අභ්‍යන්තරය එකම ගිනි ගොඩක් බවට පත්වන ලකුණු පහළ කොට තිබිණ. බොහෝ දේශපාලන විශ්ලේෂකයන් මැතිවරණයෙන් අවම වශයෙන් එජාපය ආසන 6ක් හෝ 7ක් දිනාගනු ඇති බවට මත පළ කර තිබුණද ඉතිහාසයේ පළමු වතාවට එජාපයට එකම ආසනයක් හෝ දිනාගත නොහැකි වීම හේතුකොටගෙන මෙම ගිනි ගොඩ මහා ගිනි ජාලාවක් බවට පසුගිය සතියේ පත්ව තිබිණ.

නායකත්වයෙන් යන කතාව බොරු

මැතිවරණ ප්‍රතිඵල බ්‍රහස්පතින්දා දින නිකුත් වීමත් සමඟම පක්ෂ නායකයා ලෙස රනිල්ට එල්ලවූ දැඩි පීඩනය සමනය කර ගැනීම සඳහා රනිල් සිකුරාදා දිනයේදී (7දා) තමන්ට සුපුරුදු පරිදි පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බවට ප්‍රචාරයක් මාධ්‍ය වෙත මුදාහැරියේය. ඒ සමඟම එජාප ජ්‍යෙෂ්ඨයන්ද එජාප පාක්ෂිකයන්ද සිතුවේ මෙවර නම් ඇත්තටම රනිල් නායකත්වයෙන් ඉවත් වී දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇතැයි කියාය. ඒ නිසාම සෙනසුරාදා (8දා) දිනයේදී උදෑසනම පස්වන පටුමගේ පිහිටි රනිල්ගේ නිවෙසේදී රනිල්ව මුණගැසුණු පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා රනිල්ට දැනුම් දී සිටියේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වනවා නම් ඊළඟ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් බවත්, පක්ෂයට හිමිව ඇති එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට තමන් පත්කිරීමට කටයුතු කරන ලෙසත්ය. පක්ෂ මහලේකම්වරයා වශයෙන් තමන් එම නිල දැනුම් දීම මැතිවරණ කොමිසමට දැනුම් දීමට සූදානම් බවද අකිල එහිදී රනිල්ට දැනුම් දී සිටියේය.

අකිලට වඩා රනිල් ඉක්මන් වෙයි

කෙසේ වෙතත් අකිලගේ මේ ලියුම් කතාවෙන් රනිල් තරමක කලබලයට පත්වූ බවක් දැකගන්නට තිබිණ. ඒ අනුව අකිලට වඩා ඉක්මන් වූ රනිල් වහාම මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියේ තමාගේ අනුමැතියකින් හෝ අනුදැනුමකින් තොරව පක්ෂයේ කිසිවකු විසින් හෝ මැතිවරණ කොමිසමට එවනු ලබන ලිපි පිළිනොගන්නා ලෙසත්, පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති අනුව පක්ෂය සම්බන්ධයෙන් වූ අවසන් තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ පක්ෂ නායකත්වයට බවත්ය. ඒ හරහා රනිල් නොකියා කියා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් යම් නමක් සඳහන් කරමින් අකිල විසින් කොමිසම වෙත එවනු ලබන කිසිදු ලිපියක් පිළිනොගන්නා ලෙසය.

යනවා කියපු කරු යළි එයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ නිහඬව සිටි හිටපු කතානායක කරු ජයසූරිය මහතා යළිත් වරක් සක්‍රිය ලෙස දේශපාලනයට පිවිසෙන ලකුණු පහළ කළේ මේ අයුරින් රනිල් නායකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කොට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නායකත්වයට පත්වීම සඳහා විශාල සටනක් පක්ෂය ඇතුළේ දියත් කරමින් සිටි පසුබිමකය. පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉවත් වී වෙනත් බලවේගයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටියදී කරු කටයුතු කළේ දෙපැත්ත සමාදාන කරන සාම විනිසුරුවරයකු ලෙසටය. කරු එහිදී බොහෝ දෙනාට පෙන්නුවේ තමන් බොහෝ මධ්‍යස්ථව සිටිමින් පක්ෂය සමඟි කිරීමට අවංකව කටයුතු කරන බවත්, පක්ෂය දෙකට කැඩෙනවාට තමන් කිසිසේත්ම අකැමැති බවත්ය. එමෙන්ම පක්ෂයේ නායකත්වය ඒකමතිකව තමන්ට ලබාදෙනවා නම් තමන් එය භාරගැනීමට සූදානම් බවද ඒ අවස්ථාවේ කරු සියල්ලටන්ම කියා සිටියේය. නමුත් සජිත් වෙනම බලවේගයක් නිර්මාණය කිරීමත් සමඟ එජාපය පැහැදිලිවම දෙකඩ විය. එහිදී සමඟි ජන බලවේගයට එක්වන ලෙසට සජිත් කරුට ආරාධනා කළත් කරු එම ආරාධනාව පිළිගත්තේ නැත. නමුත් රනිල් කරුට එජාපයට පැමිණෙන ලෙසට ආරාධනා නොකළ නිසා කරුට ඒ පැත්තෙන්ද පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි විය. මේ නිසා කරු කියා සිටියේ තමන් දේශපාලනයෙන් විශ්‍රාම යනවා යැයි කියාය. කරු ඒ වන විටත් අවුරුදු 82 ඉක්මවා තිබූ නිසා බොහෝ දෙනා සිතා සිටියේද කරු විශ්‍රාම යනු ඇතැයි කියාය.

කරුගෙන් සජිත්ට ඇමතුමක්

නමුත් දේශපාලනයෙන් විශ්‍රාම යනවා යැයි කී අසූ දෙහැවිරිදි කරු නැවැතත් කළඑළි බැස්සේ එජාපය එක් ආසනයක් හෝ දිනාගත නොහැකිව අන්ත පරාජයකට පත්වීමත් සමඟය. එජාපයේ නායකත්වය ලබාගැනීමේ කරුගේ පරණ ආසාව එළියට ආවෙත් ඒ සමඟය. ඒ අනුව වහාම සජිත්ට දුරකතන ඇමැතුමක් දුන් කරු එජාපය ආරක්ෂා කරගත යුතු බවත්, එය ඓතිහාසික වටිනාකමකින් යුත් පක්ෂයක් බවත්, එම පක්ෂය විනාශ වීමට ඉඩදිය නොහැකි බවත් කියා සිටියේය. එම නිසා පක්ෂය යළි ගොඩනැඟීම සඳහා ඉදිරියේදී එකට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා සහාය දක්වන ලෙසත් කරු සජිත්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙසේ සජිත්ට කතා කළ කරු අනෙක් පැත්තෙන් කළේ තම බෑණා වූ නුවරඑළියෙන් තරග කොට පරාජයට පත්වූ නවීන් දිසානායකට කතාකොට පක්ෂ නායකත්වයට තමාගේ නම යෝජනා කරන ලෙස දැනුම් දී සිටීමය.

හොරෙන්ම නුවරඑළි ගිහින් නවීන්ට කැම්පේන් කරයි

සාමාන්‍යයෙන් කරු රටට පෙන්වන්නේ තමන් පවුල් දේශපාලනය ප්‍රතික්ෂේප කරන දේශපාලකයෙක් ලෙසටය. එසේම මෙවර මැතිවරණයේදී තමන් එජාපයට හෝ සජිත් පාර්ශ්වයට සහාය නොදී ස්වාධීනව සිටින බවද කරු මීට ප්‍රථමව කියා සිටියේය. නමුත් මෙම කරුණු දෙකම සම්පූර්ණ අසත්‍යයක් බවට වූ තොරතුරක් මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබී තිබේ. ඒ, මෙවර මැතිවරණයේදී මධ්‍යස්ථව සිටින බව කී කරු, එසේත් නැත්නම් පවුල්වාදයට සහාය නොදක්වන බව කී කරු හොර රහසේම නුවරඑළියට ගොස් දින හයක් තිස්සේ එහි ඉතාම රහසිගතව නවාතැන් ගෙන සිටිමින් නවීන්ගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දක්වා ඇති බවය. කරු මෙසේ කර තිබුණේ මෙවර මැතිවරණයේදී නුවරඑළියෙන් ජයග්‍රහණය කිරීමට නවීන්ට ඉතා අසීරු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟය. ඒ අනුව ඉතා රහසිගතව නුවරඑළියට ගිය කරු එහි අප්‍රසිද්ධියේ රැඳී සිටිමින් මල්වතු – අස්ගිරි පාර්ශ්වයන්හි ඉහළ පෙළේ හිමිවරුන්ට කතා කරමින් තමන් වෙනුවෙන් තම බෑණා වූ නවීන්ට සහයෝගය දක්වන ලෙසට දැනුම් දී සිටීමට පියවර ගත්තේය. එපමණක් නොව නුවරඑළියේ ඇතැම් පන්සල්වලට ඍජුවම කතා කළ කරු නවීන්ට සහාය දක්වන ලෙසට ඉල්ලා සිටීමටද කටයුතු කළේය. එදා මේ බව රහසක් ලෙස තබාගත් එම පන්සල්වල ඇතැම් හිමිවරුන් අද ප්‍රසිද්ධියේම කරු කළ මෙම ක්‍රියාව තැන් තැන්වල ප්‍රකාශ කරමින් සිටින බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

කරුට වටකරගෙන පහර දෙයි

ඒ කෙසේ වෙතත් කරු කළ දැනුම්දීමට අනුව පසුගිය අඟහරුවාදා පැවැති එජාප නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ කළමනාකරණ කමිටු රැස්වීමේදී නවීන් කරුගේ නම යෝජනා කිරීමට පියවර ගත්තේය. එසේ කරුගේ නම යෝජනා වනවාත් සමඟම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුට එල්ල වූයේ නවීන්වත් නොසිතූ බරපතළ විරෝධයකි. මේ අවස්ථාවේදී පාක්ෂිකයන් ඉල්ලන්නේ තරුණ නායකත්වයක් බවත්, කරු යනු අවුරුදු 82ක් වයසැති පුද්ගලයකු බවත් එහිදී පෙන්වා සිටි ජ්‍යෙෂ්ඨයින්, කරු පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් සිටියදී මන්ත්‍රිවරුන් 17 දෙනකු රැගෙන මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩුවට එක්වූ බවත් පෙන්වා දුන්නේය. මේ නිසා කිසිසේත්ම පක්ෂ නායකත්වය සඳහා කරු නුසුදුසු බවද එම ජ්‍යෙෂ්ඨයෝ එහිදී පෙන්වා දුන්හ.

මොන අන්තර්කාලීන නායකයන්ද

එහිදී විරෝධය මැද නවීන් නැවැතත් කියා සිටියේ මේ අවස්ථාවේදී කරු පක්ෂ නායකත්වයට පත් කළ යුත්තේ අන්තර්කාලීන නායකයකු ලෙස බවත්, නව නායකයකු පත්කර ගන්නා තෙක් ඔහුට පක්ෂය භාරදීම සුදුසු බවත්ය. ඊටද විරෝධය පළ කළ අතිබහුරයක් වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කියා සිටියේ මේ අවස්ථාවේදී අන්තර්කාලීන නායකයන් පක්ෂයට අනවශ්‍ය බවත්, පක්ෂය ඉදිරියට ගෙනයා හැකි ස්ථිර නායකයකු මුල් අවස්ථාවේදීම පත්කර ගත යුතු බවත්ය.
මේ ආකාරයට තම නම යෝජනා වූ අවස්ථාවේදීම ප්‍රතික්ෂේප වුවත් අඩියක් පස්සට ගැනීමට කරු සූදානම් වූයේ නැත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිය නිවෙසට ගෙන්වා ගනිමින් තමන් පක්ෂයට ආදරය කරන බවත්, පක්ෂ නායකත්වය ගැනීම සඳහා මේ අවස්ථාවේ තමන්ට සහාය දක්වන ලෙසත් කරු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
නමුත් කරුගේ නායකත්ව සිහිනය බොඳ කරමින් ඒ සම්බන්ධයෙන් අවසන් වරට සාකච්ඡා කෙරුණු රනිල්ගේ නිවසෙහි පැවැති රැස්වීමේදී කරුගේ නම කුණු බක්කියට වැටිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

අවංක ආදරයක් හොයන හිතුවක්කාරී

Next Post

සුෂාන්ත්ගේ බෙල්ලට තොණ්ඩුවදාපු රියා

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.