‘හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් සමග දේශපාලනමය හා ප්‍රතිපත්තිමය වශයෙන් මා එකග නොවුනත් එතුමන් තුළ තිබු ක්‍රීඩා කුසලතාවය අගය කරන අතර රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සදහා අප සැවොම පක්ෂ පාට භේදයෙන් තොරව එක්විය යුතුය.’ යනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ජායාරූපයක් පළ කොට ඇත.
මෙම ජායාරූපය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කරන ලද ජායාරූපයක් වීමද විශේෂත්වයකි.
‘සුගතදාස ක්‍රීඩාංගණය විවෘත කරන උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නගරසභා මන්ත්‍රීවරු අතර සුහද පාපන්දු තරගයක් පැවැති අතර එහිදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ යෙදුනු අයුරු.‘ යනුවෙන් සටහන් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම ජායාරූපය සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබිණ.











