• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අතරමග දාල ගිය ප්‍රාර්ථනාට පණදුන් මේනකා

June 13, 2020
in Heart
Reading Time: 1 min read
A A
අතරමග දාල ගිය ප්‍රාර්ථනාට පණදුන් මේනකා
Share on WhatsAppShare on Facebook

මේ දිනවල විකාශය වන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘ඇය’ ටෙලිනාට්‍ය ගැන බොහෝ දෙනෙක් කතාබහ වන්නේ ඔවුන්ගේ රසාස්වාදයට වුණු අසාධාරණයක් ගැනයි. ‘ඇය’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ මහේෂී මදුෂිකාත් (ප්‍රාර්ථනා), ‘රිතු’ චරිතය රඟපෑ නවක නිළියක්ද එම චරිතවලින් ඉවත්වීම ගැන සොයා බැලීමට අප හිතුවා. එම චරිත රඟපෑ රංගන ශිල්පීන් අප සම්බන්ධකර ගැනීමට අප කිහිප සැරයක්ම උත්සාහ කළත් එයට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු අතර, ‘ඇය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සමන් කුමාර ලියනගේ සහ අලුතෙන් ප්‍රාර්ථනා චරිතයට එකතු වුණු ජනප්‍රිය නිළි මේනකා පීරිස් අපේ කතාබහට සම්බන්ධ කරගත්තේ මේ විදියටයි.
ප්‍රාර්ථනා ඉතින් කොහොමද?
ප්‍රාර්ථනාට ජීවය දීලා වැඩි දවසක් නැහැ තවම. නමුත් හැමෝම මේ දවස්වල ප්‍රාර්ථනා කියලා තමයි මට කතා කරන්නේ. ඒ සතුට එක්ක මම සතුටින් ඉන්නවා.
ඒ කියන්නේ හිතුවාට වඩා ප්‍රාර්ථනාට සාර්ථක ප්‍රතිචාර ලැබෙනවා?
මට ආදරය කරන මගේ ආදරණීය ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇය ටෙලිනාට්‍යයට බැඳුණු තවත් ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම දැන් මට ආදරය කරනවා. මොකද මම ඇය ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන කොටත් සෑහෙන ප්‍රේක්‍ෂක පිරිසක් එකතුවෙලා හිටියේ. ප්‍රාර්ථනාගේ අහිංසකකමට හැමෝම ආදරය කරනවා.
මේනකා ඔබ සුවිශේෂී රංගන ශිල්පිනියක්, නමුත් තව කෙනෙක් අතරමඟ දාලා ගිය චරිතයක් ඔබ නිරූපණය කිරීමට විශේෂ හේතුවක් ඇති?
අනිවාර්යයෙන්ම විශේෂ හේතු සාධක තිබෙනවා.
මොනවද ඒ විශේෂ හේතු?
‘ඇය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සමන් කුමාර ලියනගේ අයියා තමයි මාව නිළියක් කළේ. ඔහු නිර්මාණය කළ ‘මොණරතැන්න’ මගේ පළමු ටෙලිනාට්‍ය. මම 2011 ඒ ටෙලිනාට්‍යය වෙනුවෙන් අභිෂේක ලැබුවා. ඉතින් ඔහු මගේ ජීවිතයේ සුවිශේෂී පුද්ගලයෙක්.
ඔබේ සමකාලීන සහෝදර රංගන ශිල්පිනියක් තමයි මෙයට පෙර ප්‍රාර්ථනා චරිතය නිරූපණය කළේ. ඇය ඉවත්වීම ගැන සොයා බැලීමක් කළාද?
මහේෂි මගේ හොඳ මිතුරියක්. ඒ වගේම ඇය ප්‍රාර්ථනා චරිතය හොඳට නිරූපණය කර තිබුණා. ඇය ඉවත් වුණු හේතුව මට සමන් අයියා කිව්වා. ඇයගේ පෞද්ගලික හේතුවක් මත තමයි ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත්වෙලා තියෙන්නේ. මම ඒ තැන හිටියත් මම වුණත් ඉවත් වෙයි. නමුත් මම කරපු චරිතය තව කෙනෙක් තෝරාගෙන කරනවානම් මම සතුටු වෙනවා.
යම්කිසි ප්‍රශ්නයක් මත මහේෂිව ‘ඇය’ ටෙලිනාට්‍යයෙන් ඉවත් කළානම් ඔබ එම චරිතය නිරූපණය කරනවාද?
කිසිසේත්ම නැහැ. ප්‍රශ්න, ගැටලු මත චරිතයක් අතරමඟ දාලා ගියානම් මම එවැනි චරිතයක් නිරූපණයක් කරන්නේ නැහැ. මම තව කෙනෙක් කපාගෙන යන කෙනෙක් නොවේ. හැමෝම සමඟ සුහදව කටයුතු කරන්නේ.
මෙයට පෙරත් මෙවැනිම අතරමඟ දාලා ගිය චරිත නිරූපණය කරල තියෙනවද?
කවදාවත්ම නැහැ. මට කලින් පැවසූ පරිදි මේ චරිතය මට නිරූපණය කිරීමට විශේෂ හේතු තිබුණු නිසා තමයි මම ‘ඇය’ ටෙලිනාට්‍යයේ ‘ප්‍රාර්ථනා’ චරිතය බාරගත්තේ.
ඔබට හිතෙන්නැද්ද ඔබ හදාගත්ත වටපිටාවට ඔබට හානියක් සිදුවෙයි කියලා මේනකා?
කිසිසේත්ම නැහැ. මහේෂිත් මට ඕන උදවුවක් කරන්නම් කිව්වා. මේ චරිතය වෙනුවෙන්. ඇය මම සමඟ කිසිම තරහක් නැහැ. අපි දෙන්න නිරූපණය කරන්නේ එකම චරිතය. නමුත් මට ඇයව වෙන්නත් බැහැ. ඇයට මම වෙන්නත් බැහැ. මට කළ හැකි උපරිම අයුරින් ප්‍රාර්ථනාට මම සාධාරණයක් ඉෂ්ට කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලංකාව ගොඩගන්න ගෝඨා නාසා එකෙන් ගෙනා මහාචාර්යවරයා කව්ද?

Next Post

හිත හොඳ දොස්තර ලෙඩ කරපු වාස්තු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.