විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නැති නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ විදුලි බල මන්ඩලය ආසන්න මාස කිහිපයේ ලාභ ලැබූ බවත් ඒ හේතුවෙන් වර්තමානය ගාස්තු කිරීමේ උවමනාවක් නැති බවත්ය.
තමන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද අමාත්‍යවරයාට ගරු නොකරන බවත් තෙම සඳහන් කළේය.
පනත යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් බවත් පවසන ඔහු දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බව තමන් තවමත් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියේය.
විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සහ තමන් අතර මත ගැටුමක් පමණක් ඇතැයි පවසන ඔහු විදුලි කප්පාදුව නොසලකා හරින්නැයි කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බවත් පැවසීය.
සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.