ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීම දේශපාලන කාරණාවක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ තිබෙන ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසදන්න අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් මිස ආණ්ඩුවක් නොවන බවකි.
විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ඊට සහාය දැක්වීඹට සූදානම් බවද මන්ත්‍රීවරයා කීය.










