• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ගොඩගන්න වහා කළ යුතු දේ! හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිගෙන් අලුත් ආණ්ඩුවට ලියුමක්…!

August 1, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
රට ගොඩගන්න වහා කළ යුතු දේ! හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිගෙන් අලුත් ආණ්ඩුවට ලියුමක්…!
Share on WhatsAppShare on Facebook

නව ජනාධිපතිවරයෙක් පසුගියදා පත්වූවේය. ඒ, රනිල් වික්‍රමසිංහය. පත් කළේ පාර්ලිමේන්තුවෙන්ය. ජනාධිපති අමාත්‍ය මණ්ඩලයක් පත් කළේය.

මොනවා වුවත් නව ආණ්ඩුවට මුහුණපෑමට ඇති ආර්ථික අවුල නම් බරපතළය. ඒ නිසා පළමුව ලිහිය යුතු ගැටලු නිවැරැදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකර්ම වශයෙන් අත්‍යන්තයෙන්ම යෝග්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. පමාවට කාලයක් නැත. සදෝසි (වැරදි) සහ පමාවී ගැනෙන නිවැරැදි පියවර වනාහි රටටත් මහජනතාවටත් යන දෙපාර්ශ්වයටම මාරාත්මකය. එබැවින් හොඳින් රෝග විනිශ්චයකර එක වඩියෙන්ම සුවවන බෙහෙතක් දිය යුතුය.

මිනිස් සිරුර සෛල කෝටි ප්‍රකෝටි ගණනකින් නිර්මිතව ඇත්තා සේ ආර්ථිකයද උපාංග ලක්‍ෂ දසලක්‍ෂ ගණනින් අනුශාංගික කොටස්වලින් බැඳුණකි. ඒ නිසා “නියමිත ඖෂධය නියමිත වෙලාවට” යන සිද්ධාන්තය පිළිපැදිය යුත්තේමය. මේ අර්බුදකාරී තත්ත්වයට පත්වෙන ගෝඨා ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියා ගැන අපි “ඉසේ කෙස් ගණනට” ආරම්භයේදීම පැහැදිලි කෙළෙමු. වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අගාධය පිළිබඳ මෙදා සේම එදාද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ සිටි මේ ඇමැතිවරුන් “බුරුත්තට” නුදුරු අනාගතයේදී ඒකාන්තයෙන්ම සිද්ධවෙන ආර්ථික වින්හැහිය පිළිබඳ ඒ සමයේද කළ කී දේ තක්සේරු කර ගළපා කරුණු පෙන්වා දුන් කල්හි ඒ පිරිසට ඒකීම් (කරුණු) “නයින්ට අඳු (කොළ)” මෙන් විය.

ගෝඨාගේ ආණ්ඩුව ආරම්භයේදීම කළ අමනෝඥ බදු කප්පාදුව නිවැරදි කළ නොහැකි ඓතිහාසික වරදක් බව ගෝඨා ආණ්ඩුවේම මුදල් ඇමැති ධුරය දැරූ අලි සබි්‍ර කීවේය. රසායනික කෘෂිකර්මය කාබනිකකරණය කිරීමට එක රැයකින්ම “ගැසූ කරණම” ආහාර සහ වාණිජ භෝග නිෂ්පාදනයේ මළගම කැඳවීමය. ඉන් එක් පැත්තකින් ආහාර ද්‍රව්‍ය මිල අහස උසට නැංවීය. අනිත් අතට අපනයන ආදායම පුවක් ගහේ ‘නෙවලල්ලෙන් බහින ගානට’ බැස්සේය. ඒ වැටිල්ල (බැහිල්ල) තවත් බොහෝ කාලයකට බලපාන්නේය. වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට ආධාර ඉල්ලා ගැනීමට මාන්නය නිසා වහසි බස් කීවා මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියේය. එමගින් සිදුවූයේ විදේශීය ණය ගෙවීමට නොහැකි වීම පමණක් නොව සංචිත හිඳීයාමය. පසුව ගෝඨා තම වරද පිළිගතතේය. ඒ “ගොනා තණකොළ ටික කෑවාට පසුවය” මේ තත්ත්වය විදේශ විනිමය අනුපාතයටද පොලී අනුපාතයටද ආයෝජනවලටද තදින්ම බලපෑවේය.

මේ ආදී සියලු හේතූන් නිසා පාලනාධිකාරියට දේශීය වශයෙන් හෝ ණය පහසුකම් සපයාගත නුහුණු තත්ත්වයක් උද්ගත විය. මූල්‍ය අවපාතය, විදේශීය සංචිත හිඳී යාම, විදේශීය ණය ගෙවීමේ අවදානම කරණ කොටගෙන ජාත්‍යන්තර රේටිං ආයතන අපේ රට “බී” මට්ටමේ සිට “සී.සී.සී.” මට්ටමට දැම්මේය. එමගින් සිදුවූ අතුරුඵලය එතෙක් බැඳුම්කර තම සන්තකයේ රඳවාගෙන සිටි බැඳුම්කරුවන් ඒවා අඩු මිලකට අලෙවි කර ඉමහත් ලාභයක් උපයා ගන්නට පටන් ගැනීමය. එමගින් සිදුවන අයවැය පරතරය ඉහළ යාම වළක්වා ගැනීමට වගකිව යුත්තන් කළේ බැංකු අංශය “ටැප්” කිරීමය. ඒ හේතුව නිසා 2019 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා කාලය තුළ රුපියල් ටි්‍රලියන 4.4ක් හෙවත් රුපියල් කෝටි හාරදහස් හාරසියයක් රජයට බැංකු අංශයෙන් ණයට ගැනීමට සිදුවිය. එමගින් අවපාතය 59% දක්වා ඉහළ ගියේය. විදේශ විනිම අනුපාතය පහළ ගියේය. ඩොලරය රුපියල් දෙසීයක් වූවේය. එහෙත් හොර පාරේ ඩොලරය හිතූ හිතූ ගණනට නැංගේය. කපුරු දැවුණු තැන අළු ඉතුරු නොවන්නා සේ රටේ ඩොලර් නැතිවිය. ඒ නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා වූවා පමණක් නොව, කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනයටද කණ කොකා ඇඬුවේය.

රෑකියා නැති විය. මහා මාර්ගය පීඩිතයන්ගෙන් පිරි ගියේය. ගාලුමුවදොර ජනපදයක් වූවේය. පාසල් වැසෙන්නට විය. කුස්සියේ විලාපය වීදියෙන් නැඟුණේය. මිනිස්සු මහ මඟ මැරී වැටුණෝය. කවුරුත් අත්දුටු සමස්ත පුරාවෘත්තයේ සංක්‍ෂේපය වනාහි ගෝඨාගේ ආණ්ඩුව නිමාවී රනිල්ගෙ ආණ්ඩුවක් ආරම්භ වීමය.

රනිල් ජනාධිපති වූ හැටියේම වැඩ ආරම්භ කෙළේය. හදිසි නීතිය දැම්මේය. අධිකරණ නියෝග ගත්තේය. හමුදාව බලගැන්නුවේය. අවියේ, නිලයේ, නීතියේ බලයෙන් අරගලකරුවන් උන්හිටි තැනින් පලවා හැරියේය. ඒ ක්‍රමය පිළිකා රෝගියකුට වේදනා නාශකයක් දීමකි. තාවකාලික සහනයකි. එහෙත් ආතුරයා නිරන්තරයෙන් ඝාතනය කෙරෙමින් පිළිකාව පැතිරෙන්නේය.

මේ වල්ගය පාගාගැනීමකි. කළ යුත්තේ ඉතිරිවී ඇති සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. එසේ නැතහොත් පොරොන්දු දේශය ප්‍රජාවට දිය නොහේ.

රටට වහ වහා ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යය. කුඩා ප්‍රමාණයේ, මධ්‍ය ප්‍රමාණයේ සහ දීර්ඝකාලීන සැලසුම් අවශ්‍යය. කඩිනමින් අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමය. කෙටිකාලීන සිට දී්ර්ඝකාලීන වැඩ පිළිවෙළේ මුඛ්‍ය අරමුණ පෙර පැවැති අන්දමට රට්ටු කැටුව යාමේ විශ්වසනීයත්ව ආර්ථික ප්‍රතිපත්තිමය වැඩසටහනක් පමණි. එසේ වූ කල්හි ඉදිරි අවුරුදු විසිපහක හෝ තිහක කාලයේදී අපට නොවැටී ජීවත් විය හැකි වන්නේය.

මේ වන විට අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් අන්දමකට පෑහී කටයුතු කරයි. ශ්‍රී ලංකාව පැත්තෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පාර්ශ්වයේ තාක්‍ෂණික විශේෂඥයන්ගේ පැමිණීම අපේක්‍ෂිතය. මේ දෙපාර්ශ්වය සම්මුඛ වීමේ ප්‍රධාන තේමාව ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය කෙතෙක්ද යන කරුණුද සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ඔවුනොවුනට පිළිගත හැකි අන්දමේ විශ්වසනීයත්ව සැලැස්ම ගැන සාකච්ඡා කිරීමය.

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට අනුව සඳහන් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන විසිහතරක් හෙවත් කෝටි දෙදහස් හාර සියයකි. එහෙත් මීට වැඩිමනත් වශයෙන් අපේ රට තවත් ගෙවිය යුතු විදේශ ණය ඩොලර් බිලියන 45ක් හෙවත් කෝටි හාරදහස් පන්සියයක් ගෙවීමටද ඩොලර් අවශ්‍යය. එහෙත් ඩොලර් හිඟය නිසා ඒ ප්‍රමාණය ගෙවීම් අත්හැර දැමීමට සිදුවන්නකි.

මොනවා වුවත් මේ කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට පෙරාතුව නිරවුල් කළ යුතුව ඇත්තේය. කෙසේ හෝ මේ කඩුල්ල පැන්න පසු මෙරට මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා යන දෙදෙනා විසින් අස්සන් කරනු ලබන්නා වූ ණය ඉල්ලුම් පතක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු වන්නේය.

අනතුරුව අරමුදලේ විධායක මණ්ඩලය විසින්ද ඒ ඉල්ලුම්පත අනුමත කළ යුතුම වේ. එසේ ඉදිරිපත් කෙරෙන ණය ඉල්ලුම්පතක් සිරිතක් වශයෙන් ප්‍රතික්‍ෂේප නොවී අනුමත කරන්නේමය. ඒ අවස්ථාව පසුකළ විට ඇමෙරිකාවේ සෙනෙට් එකේ විදේශ සම්බන්ධතා කමිටුවෙන් ණය නිර්දේශ කිරීම සඳහා කොන්දේසිද පනවනු ලැබේ.

මහ බැංකුව ස්වාධීන විය යුතු බව, රටේ කටයුතු නීති පද්ධතියට අනුගත විය යුතු බව සහ දූෂණ වංචා වැළැක්වීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව ඉන් ප්‍රධාන වේ. මෙහි පළමු කරුණ වන මහ බැංකුව පිළිබඳ කරුණ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව සමයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කොමිටියකින් කෙටුම්පතක් (draft) පිළියෙල කරනු ලැබ ඇත්තේය.

කෙසේ වෙතත් එම සියලු කරුණු කාරණා මූල්‍ය අරමුදලේ ඊළඟ සාකච්ඡාවට පෙරාතුව සකස්කර ගැනීමේ දුෂ්කරතාවක් නැත. අරමුදලෙන් සහනයක් ලැබුණද එම ප්‍රමාණය මේ රටේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට තරම් ප්‍රමාණවත් නොවේ. කෙසේ වෙතත් ඒ කොටස මේ වර්ෂාවසානය වීමට පෙර ලැබිය හැකිය. ලැබිය හැකි ප්‍රමාණය ඩොලර් බිලියන 1.2ක් හෙවත් කෝටි එකසිය විස්සක් තරම් වේ. ඒ සැපයෙන්නේ මහ බැංකුවේ විදේශ සංචිතය වර්ධනය කරගැනීම උදෙසාය. නැතහොත් විදේශ විනිමය සඳහා නම් නොවේ. රටේ අවශ්‍යතා පිරිමසා ගැනීමේ මාසික ඩොලර් අවශ්‍යතාව ඩොලර් මිලියන අටසියයක් හෙවත් කෝටි අසූවකි. මේ නිසා තවත් බිලියන පහක් හෙවත් කෝටි පන්සියයක් හිතවත් රටවලින් අතමාරුවට ලබාගත යුතු වේ.

ජාත්‍යන්තර අරමුදලෙන් ලැබෙන ආධාර ඉතා අවශ්‍යය. එහෙත් ලැබෙන ප්‍රමාණය නම් අපේ අවශ්‍යතාවට කොහෙත්ම ප්‍රමාණවත් නැත. අපේ ඉතුරු ගෙවීමවල ස්ථාවරභාවය රැකගැනීම උදෙසා, එමගින් රටේ වත්කම් වර්ධනයවී, විරැකියාවට විසඳුම් සහ මහජනයාට ආදායමක් උපයාගත හැකි හෙයිනි.

ඇත්ත වශයෙන්ම එක් එක් පාර්ශ්වවල සංවර්ධනය මහ බැංකුවේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ කාර්යභාරය නොවේ. එය ආණ්ඩුවේ වගකීමකි. ඒ සඳහා නියම සංවර්ධන පැකේජයක් හඳුන්වා දීම රජයේ යුතුකමක් නොව වගකීමය. ශ්‍රී ලංකාව 1965 සිට මේ දක්වා අවස්ථා දාසයකදී යම් යම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජාත්‍යන්තර අරමුදලෙන් ණය පහසුකම් ලබාගෙන තිබේ. එහෙත් ඒ කිසිදු මුදලක් නියම සංවර්ධනය උදෙසා නම් යොදවා නැත. මේ ආණ්ඩුවද මෙවර ලබාගන්නා ණය පහසුකම්ද අර්ථවත් ව්‍යාපෘතියකට නොයෙදුව හොත් අත්වන්නේ පරණ ආනිශංසයමය. පල ප්‍රයෝජන ලැබෙන අර්ථවත් ආයෝජන හෙවත් යෙදවුම්වලට උචිත දිශානතිය (සැලසුම) කවරක්දැයි විමසා බලනු වටී.

පළමුවෙන්ම අපේ රටට විනිමය උපයාගත හැකි අංශ සඳහා ප්‍රමුඛතාව වෙන් කළ යුතුය. ඒ, මේ ඌනතාවට පිළියමක් වශයෙනි. විදේශ මුදල් ගලා එන වැඩසටහන් ඒ සඳහා සැලසුම් කළ යුතුය. ඒ නිමිත්තෙන් මහ බැංකුවට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකිය. 9%ක් තරම් වූ අවම ඉපැයීමක් පාදක කර ඒ සඳහා කෝටි දෙදහස් දෙසීයක් වෙන්කර දිය හැකිය. මෙමගින් ආකර්ෂණීය ආයෝජන කළ හැකිය. 30%-34% අතර ඉහළ ප්‍රමාණයකට දේශීය ආයෝජකයන්ට දීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් කුඩා තලයේ ඉපැයීම් යෙහෙකි. මේ යෝජනා ක්‍රමය 2009 දී පටන්ගත්තකි. එය 2014 වන විට බිලියන 4ක් හෙවත් කෝටි හාරසියය ඉක්මවා සංචරණය වූවේය.

ඉන් පසු අවාසනාව අතවැනුවේය. එවක් පටන් පිරිහෙන්නට පටන් ගත්තේය. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව සමයේ එසේ වැටී මිලියන එකයි දශම එකක් හෙවත් ලක්‍ෂ එකොළහක් වූවේය. ඒ පිරිහීම විදේශ විනිම අර්බුදයටද මඟ පැදුණේය. එකී ක්‍රමවේදය යළිදු ස්ථාපනය කිරීම ප්‍රඥාගෝචරය.

මධ්‍යකාලීන සිට දීර්ඝකාලීන වැඩසටහන් වශයෙන් අපනයනික භාණ්ඩ සහ සේවා වෙනුවෙන් වඩාත් අවධානය යොමුකරවනු වටී. රෙදිපිළි සහ ඇඟලුම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික වෙළෙඳ භාණ්ඩ වී තිබේ. වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන 5ක් හෙවත් කෝටි පන්සියයක විදේශ විනිමයක් එමගින් අපට ලැබේ. එය අපනයන ආදායමෙන් 40%කි. එහෙත් කරුණු දෙකක් නිසා මේ ආදායම් මාර්ගය වැඩිදියුණු කිරීමේ හැකියාවක් නැත. පළමුවැන්න, වර්ධනය වන වැටුප් හා වේතනය. ජාත්‍යන්තර වෙළෙඳපොළට අලුතෙන් ප්‍රවිෂ්ටවී ඇති බංග්ලාදේශය, නැගෙනහිර අප්‍රිකාව සහ මියන්මාරය වැනි රටවල ශ්‍රමිකයන් අපටත් අඩු වැටුප්වලට ශ්‍රමය අලෙවි කිරීමට සැදී පැහැදී සිටීමය.

දෙවැන්න නවීන විලාසිතාවලට ඉහළ ළැදියාවක් දක්වන එංගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල් ඉතා කෙටි කාලයකින් තම ඉල්ලුම් සපයා ගැනීමට දක්වන යුහුසුලුවීමේ කැමැත්තය.

ඒ නිසා ඇඟලුම් අපනයන කර්මාන්තය ඔය මට්ටමේම පැවතීමට ඉඩදෙමින් මේ නිෂ්පාදන කර්මාන්තයට අදාළ උසස් (high) තාක්‍ෂණ ක්‍ෂේත්‍රය පුළුල් කිරීම වඩා උචිත වේ. මේ අරමුණ සඳහා විදේශීය ඍජු ආයෝජන අධිතාක්‍ෂණය (F.D.I-Foreign Direct Investments) අත්කර ගැනීම ආක්ෂණීය ගුණාත්මකභාවයෙන් කළ යුතුය.

මේ වන විට තායිලන්තය සහ වියට්නාමය එමගින් නෙසෑහෙන දුරක් ගොස් තිබේ. නව තාක්‍ෂණික ක්‍රමවේද සොයාගැනීම සඳහා පර්යේෂණ පැවැත්වීමට අපේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණායතනවලට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් දිරිමත් කළ යුතුය. මේ වනවිට කර්මාන්ත විප්ලවයේ සිවුවැනි තලය ලෙසට හඳුන්වනු ලබන කර්මාන්ත 4.0 නැතහොත් 41R තලයට ලෝකය සේන්දු වී කරණම් ගහන යුගයක අප (ශ්‍රී ලාංකිකයෝ) තවමත් දෙවැනි තලයේ “කොකං” ගාමින් සිටින බව පමණක් ශ්‍රී ලාංකිකයන් වශයෙන් හොඳටෝ..ඕ..ඕ..ම හිතේ ධාරණය කරගනිත්වා. (ඒ ඇති)

තුන්වැනි කර්මාන්ත විප්ලවය පසුකර සිවුවැනි තලයට ලෝකෙන් උතුම් අපේ රට (ශ්‍රී ලංකාව) වහ වහා යා යුතු බව අපි යළි යළිදු අවධාරණය කරන්නෙමු. එය දුෂ්කර බව සැබැවි. එහෙත් නොහැකි (බැරි) දෙයක් නොවේ. කවර ආණ්ඩුවක් බලයේ සිටියත් ඒ කවර ආණ්ඩුව හෝ දීර්ඝකාලීන මාර්ග සැලසුම් සකසා ඉලක්ක සනිටුහන් කර අවශ්‍ය ධෛර්ය දෙන්නේ නම් නොකළ හැක්කක් නැත. If there is a will, there is a way ‘හිත ඇත්නම් පත කුඩාද?’

වියට්නාමය 2030දී ඒ තලයට ළඟා වීමට එවන් මාර්ග සැලැස්මක් 2019දී ඉදිරිපත් කෙළේය. වියට්නාමය ඒ මාර්ග සැලැස්මෙන් අධිතාක්‍ෂණික අපනයන භාණ්ඩ ප්‍රවර්ධනය කළා පමණක් නොව I.C.T වැනි අධි තාක්‍ෂණික සේවාවන් සහ ආගන්තුක සත්කාරය, ශාරීරික සුරක්‍ෂාව, අධ්‍යාපනය වැනි සෙසු සේවාවන්ද ඇතූළත් කෙළේය.

අපේ රටට ප්‍රවර්ධනය කිරීම සඳහා මහා පරිමාණයේ අපනයන වෙළෙඳ භාණ්ඩ නැති බව සැබැවින්ම සැබැවි. එහෙත් අපට සොබාවධර්මයාගෙන් පිරිනැමුණු සෑම අතින්ම නෛපුන්‍ය මානව ශ්‍රම සම්පතක් ප්‍රාග්ධනය වශයෙන් තිබේ. මේ සම්පත ඉදිරි දස වසර තුළදී උපරිමයෙන්ම යෙදවිය යුතුය.

එසේ යෙදවිය යුත්තේ වියට්නාමය සිය දස අවුරුදු මාර්ග සැලසුමේ අඩංගු කළ I.C.T වැනි අධි තාක්‍ෂණික සේවාවන් සහ ආගන්තුක සත්කාරය, ශාරීරික සුරක්‍ෂාව, අධ්‍යාපනය වැනි තාක්‍ෂණික සේවාවන් ප්‍රවර්ධනය කෙරෙමිනි.

මේ නව ජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නව සන්නාම ගතකළ යුතුය.Should be rebranded. අපේ රට හංවඩු ගසා ඇත්තේ ‘ලාභයට ශ්‍රමිකයින් සිටින රට’ හැටියටය. මේ වන විට අපේ කලාපයේ මියන්මාරය සහ බංග්ලාදේශය විසින් අප මට්ටම් කර දමනු ලැබ තිබේ.

කොල්ලනේ, කෙල්ලනේ… ශ්‍රී ලංකාවේ සිටියේ යකෙකුට හෝ බය නැති ඕනෑම දේකට ඔට්ටු මිනිසුන් බව අපේ මුතුන් මිත්තෝ ලොවට ඔප්පු කර ඇත්තාහ. ඒ පරපුරෙන් පැවැත එන තෙපි ඒ බැව් ජාත්‍යන්තරයට සනාථ කළ යුතු කාලය දැන් එළැඹ තිබේ. එව. බලව. I.C.T වැනි අධි තාක්‍ෂණික සේවාවන් තොපට තවදුරටත් දුෂ්කර සේවාවන් නොවන්නේය. ඒවා කජු ඇට කොස් ඇට මෙන් වන්නේමය.

එකල්හි ජාත්‍යන්තර ආයෝජකයෝ ඔබ වටා රොදබැඳ රොක්වන්නෝමය.

කළ යුතුව ඇත්තේ නිදිගැට පිසදමා, කුසීතකම දුරැලා අපේ ජවය දෑතට ගැනීම පමණි. දස වසරකට පෙර අප පිටුපසින් උන් බංග්ලාදේශය මේ වනවිට අප පෙරළා දමා ගව් ගණනක් ඉදිරියෙන් ඇත.

බංග්ලාදේශය ඇනිමේෂන් ස්ටුඩියෝ (සජීවීකරණ චිත්‍රාගාර) 05ක් සහිත රට බව ලොවම පිළිගෙන තිබේ. ඔවුනට හැකි නම් අපට නොහැක්කේ මන්ද? අපට අත්පා නැත්ද? අප බීවේ (පානය කළේ) මවුකිරි මිස මදු (කැලේ වැවෙන වැල්වර්ගයකි) කිරි නොවේ. අප කිරෙන් බාල වී නැත.

කිව යුත්තේ පෞද්ගලික අංශයට ඇනිමේෂන් ස්ටුඩියෝ (සජීවීකරණ චිත්‍රාගාර) ස්ථාපනය කිරීමට පහසුකම් සපයාදීම පමණි.

මේ අපේ ශ්‍රී ලංකාවේ අනාගතයයි. ප්‍රමුඛතාව දියයුතු ක්‍ෂේත්‍රයයි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පක්ෂ නායකයන්ට කතා නොකර රනිල් මන්ත්‍රීවරු 225ටම ලියුම් යැව්වේ ඇයි? එතුමා මේක දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන! දැන් ඕනේ සර්වපාක්ෂික ආණ්ඩු නෙමෙයි සර්වපාක්ෂික වැඩපිළිවෙළක්! විපක්ෂය ඊට පාර්ලිමේන්තුවේදී සහාය දෙන්න සූදානම්! (VIDEO)

Next Post

ආණ්ඩුව තමන්ගේ මාධ්‍ය ‌යොදාගෙන අරගලය ගැන රටට බොරු කියනවා! නීතීඥවරු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නැගී සිටින්න සූදානම් වෙයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.