• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව අල්ලන්න බයිඩන් එවන්න යන කව්ද මේ කොරියන් කෙල්ල චන්ග්?

December 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාව අල්ලන්න බයිඩන් එවන්න යන කව්ද මේ කොරියන් කෙල්ල චන්ග්?
Share on WhatsAppShare on Facebook

‘2009 වසරේ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ඉතාමත්ම උත්සන්නම වේලාවේදී එල්.ටී.ටී.ඊ. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුදා ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහාඳ මම කටයුතු සංවිධානය කළා කියලා ඉතාමත් ප්‍රබල ප්‍රකාශයක් එකල සිදුකර තිබුණා. එය සිදු කිරීමට යන්නේ, දමිළ සරණාගතයන් පුදුකුඩුඉරිප්පු මුහුදු තීරයෙන් බේරාගෙන වෙනත් තැනකට බෝට්ටු මගින් ගෙනයෑමේ මුවාවෙන් යැයිද ප්‍රකාශ වුණා. එහිදී ප්‍රභාකරන්ද හොර රහසේ සඟවාගෙන ගෙනැවිත් වෙනත් රටකට රැගෙන යෑමට මම කටයුතු සංවිධාන කළා කියලා මෙම පාර්ශ්ව කියා සිටියා. යුද්ධය නිමවී වසර 08ක් ගතවෙලාත් මේ කතාව තවමත් සමහරු කියනවා. මම මේ ගැන මෙයට පෙරත් කිහිප වතාවක් කරුණු කියා සිටියා. මෙය එදා සමහර පාර්ශ්ව සිදුකරන ලද සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් වූ කතාවක්. මම එවකට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස එවැන්නක් සිදුකිරීමට කෙසේවත් අදහස් කළේ නැහැ. එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයට උදව් කිරීමේ කිසිම අදහසක් මා තුළ තිබුණේ නැහැ. එහෙත් ඒ වේලාවේ යම් අදහසක් පමණක් තිබුණා. ඇමෙරිකානු නාවික හමුදා බෝට්ටු මගින් සරණාගතයන් රැගෙන ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දීමට, එහෙත් එයද සිදුවූයේ නැහැ.’

මෙම ආන්දෝලනාත්මක කතාන්දරය කියන්නේ කවුද?

ඔහු නමින් රොබට් ඕ. බ්ලේක් ය. ඔහු 2006 සිට 2009 වසර දක්වා වසර 3ක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළේය. රොබට් ඕ. බ්ලේක් මේ වගතුග කියා සිටින්නේ වාර්ගික යුද්ධය නිමවී වසර 08කට පසුව 2017 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයකදීය. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ඇමෙරිකානු තානාපතිවරුන් 27 දෙනෙකු වරින්වර ශ්‍රී ලංකාවේ සේවය කර ඇතත්, මෙම තානාපතිවරයා තරම් ආන්දෝලනයට ලක්වූ වෙනත් ඇමෙරිකානු තානාපතිවරයකු නොවීය. ඔහුට එරෙහිව එකල යුද සමයේදී රාජ්‍ය පාර්ශ්ව සහ වෙනත් සිංහල පාර්ශ්ව විසින් දෝෂාරෝපණ රැසක් එල්ල විය. යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනාවක් යනතෙක් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මානව හිමිකම් චෝදනා ගෙන ඒමට කටයුතු කළේ යැයිද චෝදනා නැඟිණි. රොබට් ඕ. බ්ලේක් වසර 20ක පමණ කාලයක් පුරා තානාපති ධුර සහ වෙනත් ඇමෙරිකානු රාජ්‍ය උසස් තනතුරු දැරූ රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

අද ඔබට මෙවැනි වගතුගක් ලියා තබන්නට හේතු වූයේ ඇයි?

එයට හේතුව නම් මෙයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයකු පත්කිරීමේ සිදුවීමයි. එනම් මෙම තානාපතිවරයා ශ්‍රී ලංකාවට පත්කෙරෙන 28 වැනි ඇමෙරිකානු තානාපතිවරයා වෙයි. මෙම නව තානාපතිවරයා කාන්තාවක් වන අතර, ඇයගේ නම ජූලි චන්ග් ය. 49 වැනි වියෙහි පසුවන ඇය කොරියානු ජාතික සම්භවයක් ඇති ඇමෙරිකානු කාන්තාවකි. මෙයට පෙරද තානාපති තනතුරෙහි සිටියේ කාන්තාවක් වන අතර, ඇය ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් විය. 52 වැනි වියෙහි පසුවූ ඇය වසර 03ක් පුරා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපති ධුරය දැරුවාය. පසුගියදා ඇය මෙම ධුර කාලය අවසන් කළ අතර, නව තානාපති ලෙස ජූලි චන්ග් පත්වූවාය. ඇයද ශ්‍රී ලංකාවේ තානාපති ධුරයට අමතරව මාලදිවයිනේද ඇමෙරිකානු තානාපති ධුරය උසුලයි. ඇය මෙම නව තනතුර බාර ගැනීමට ප්‍රථම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු රැසක් දරා ඇත. එසේම ඇය විදේශ තානාපති කාර්යාල කිහිපයකද වගකිවයුතු තනතුරු දැරීය. එලෙස ඇය ප්‍රථම වතාවට චීනයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී තනතුරක් දැරුවේ 1996 වසරේදීය. ඉන් පසුව ඇය එවැනිම තනතුරක් ජපානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළ දැරීය. මේ ආකාරයට රටවල් කිහිපයක දැරූ තනතුරුවලට පසුව ඇයට ප්‍රථම වතාවට නියෝජ්‍ය තානාපති ධුරයක් හිමිවන්නේ කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළදීය.

කෙසේ හෝ මෙම කතාන්දරයේදී හෙළිවන සුවිශේෂ පුවත නම්, ජූලි චන්ග් වෙත ප්‍රධාන තානාපති ධුරයක් හිමිවන්නේ අපගේ රටේ ඇයට හිමිවන නව තානාපති ධුරය හරහාය. එනම් ඇයට හිමිවන ප්‍රථම පූර්ණ තානාපති ධුරය වන්නේ ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයයි. ඒ හෙයින් මෙම සිදුවීම ඇයට මෙන්ම අපගේ රටටද ඉතා වැදගත් වනු ඇතිය. මෙතෙක් ශ්‍රී ලංකාවට සේවයට පැමිණි බොහෝ ඇමෙරිකානු තානාපතිවරුන් මෙරටට පැමිණීමට පෙර අඩුම තරමේ රටවල් දෙකකවත් ප්‍රධාන තානාපති ධුරයන් දැරීය. එවැනි තත්ත්වයක් යටතේ ජූලි චන්ග් මහත්මිය සඳහා මෙම තනතුර මහත් අභියෝගයක් වනු ඇතිය. එසේම ඇය විසින් දරනු ලබන ආකල්පයන් සහ ක්‍රියාකලාපයන්ද ශ්‍රී ලංකාවට අභියෝගයක් වීමටද ඉඩ ඇතිය. එනම් වත්මන් ශ්‍රී ලංකාව යනු විවිධ අයුරින් විදේශීය බලපෑම්වලට යටත් වී සිටින රටකි. කෙසේ හෝ ඇයගේ ශ්‍රී ලංකාව හා අදාළ වන කටයුතු කෙතරම් ඉක්මනින් නිගමනය කිරීමට හෝ නිරීක්‍ෂණය කිරීමට හෝ හැකියාවක් නැත.

තත්ත්වය කෙසේ වුවත්, ජූලි චන්ග් නැමැති මෙම ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා තමන්ගේ රාජකාරී කටයුතු බොහෝ අකුරටම සිදුකරන කාන්තාවක ලෙස ප්‍රකටය. එනම් ඇය පසුගිය හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේදීද ඉහළ රාජ්‍ය තනතුරු උසුලා ඇත. කෙසේ හෝ ඉන් පසුව ඇය නව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යටතේ තවත් ඉහළ රාජ්‍ය තනතුරු හිමි විය. ජෝ බයිඩන් එසේ කරන්නට කටයුතු කළේ ඇයගේ සුවිශේෂී දක්‍ෂතා අවධානයට ගනිමින්ය. කෙසේ හෝ එම තත්ත්වය තව, තවත් උද්දීපනයට පත්කරමින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් ජූලි චන්ග් වෙත ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපති ධුරය පිරිනැමුවේය. ජෝ බයිඩන් එහිදී ඇයගේ විශේෂ දක්‍ෂතා අවධානයට ගෙන ඇති අතර, ඇය ආසියාතික සම්භවයක් ඇති කාන්තාවක වීමද අවධානයට ගෙන ඇත. එසේම ඇය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විශ්වාසය බොහෝ ඉහළින් දිනාගෙන සිටින රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙසද ප්‍රකටව ඇත. ඇයට තානාපති ධුරය හිමිවන්නේ මෙවැනි වටාපිටාවක් යටතේදීය.
ජූලි චන්ග් මහත්මිය තම කොරියානු ජාතික මවුපියන් සමග ඇමෙරිකාවට සංක්‍රමණය වන්නේ තමන්ට වයස අවුරුදු 05දීය.

එනම් ඇය උපතින් කොරියානු ජාතිකයකු වන අතර, පසුව ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවන්නීය. කුඩා කාලයේදී සිටම ඇමෙරිකානු පාසල්වලින් අධ්‍යාපනය ලබන ඇය පසුව ඇමෙරිකාවේ විශ්වවිiාල දෙකකින් උපාධි හිමිකර ගනියි. ඒ අනුව ඇමෙරිකාවේ කීර්තිමත්, පැරැණි විශ්වවිiාල දෙකක් වන කැලිෆෝනියා විශ්වවිiාලය මගින් දේශපාලන විiා උපාධියද, කොලොම්බියා විශ්වවිiාලය මගින් ජාත්‍යන්තර සබඳතා උපාධියද ඇය හිමිකර ගන්නීය. මේ අතර මෙම කාන්තාවගේ අනෙක් සුවිශේෂී කරුණ නම්, විවිධ භාෂා 07ක් කතා කිරීමට ඇති දුර්ලභ හැකියාවයි. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, කොරියානු, ජපන්, චීන, වියට්නාම් සහ තායි භාෂාවන් කතා කිරීමේ හැකියාව ඇත. මෙලෙස ඇය චීන භාෂාවද චතුරව කතා කිරීමට ඇති හැකියාවද ශ්‍රී ලංකාවේ තානාපති ධුරය ලබා දීමට යම් ඉවහල් වීමක් වන්නට ඇතිය. එනම් ශ්‍රී ලංකාව තුළ චීන බලපෑම් බොහෝ ප්‍රභලව ඇත.

ලෝකයේ කුමන රටක තානාපති ධුරයකටත් වඩා ඇමෙරිකානු තානාපති ධුරය යනු, අංක එකට ඇති ඉතාමත්ම ප්‍රබල තානාපති ධුරය වෙයි. එසේ වන්නේ ලෝකයේ අංක එකේ මහ බලවතා ලෙස ඇමෙරිකාව සැලකෙන හෙයිනි. මෙවැනි වටපිටාවක් යටතේ ලෝකයේ බොහෝ රටවල සිටින ඇමෙරිකානු තානාපතිවරුන් සිදුකරන ක්‍රියාවලිය බොහෝ පිරිසකගේ අවධානයට ලක්වෙයි. එසේම දැඩි ආන්දෝලනයට ලක්වන අවස්ථාද බොහෝය. මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් එවැනි ආන්දෝලනාත්මක චරිතයකි. පසුගියදා සේවය අවසන් කර පිටත්ව ගිය හිටපු ඇමෙරිකානු තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස්ද එවැනි ආන්දෝලනාත්මක චරිතයක් ලෙස පිළිගැනිණි. කෙසේ හෝ වත්මන් නව තානාපති ජූලි චන්ග් මහත්මියද ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ විශේෂ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි දේශපාලනික අංශ ප්‍රකාශ කර සිටියි. එය ශ්‍රී ලංකාවේ යහපත හෝ අයහපත හෝ සඳහා යැයි දැනට කිසිවකුටත් කියන්නට බැරිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බස් ගාස්තුවටත් බඩු හරි! හෙට හරියටම ගාණ කියන්නම්!

Next Post

කාන්තා හිංසනයට උඩගෙඩි දෙන පාකිස්තාන නාට්‍ය!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.