• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහසෙන්ට – කාවන්තිස්සට – අග්බෝට – මානාභරණට තීරණාත්මක සති දෙක තුනක්! ජීවිත හානියක් වුණොත් කවුද වගකියන්නේ? Sri Lanka Latest News

February 14, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
මහසෙන්ට – කාවන්තිස්සට – අග්බෝට – මානාභරණට තීරණාත්මක සති  දෙක තුනක්! ජීවිත හානියක් වුණොත් කවුද වගකියන්නේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් අවධානය යොමුකරනු ලබන්නේ ඉදිරි කාලසීමාවේදී සිදුවිය හැකියැයි අනුමාන කළ හැකි සිද්ධි දාමයක් ගැන අපට හැඟෙන දේ පිළිබඳවය. තව සති කිහිපයකින් එළැඹෙන්නේ අස්වනු නෙළන කාලයයි. වයඹ, උතුරුමැද හා අවශේෂ ප්‍රදේශවල අලි ඇතුන්ගේ වසන්ත කාලය එළඹීමට නියමිතයි කියලා කිව්වොත් වඩා නිවැරදියි.
මෙන්න මේ සංක්‍රාන්ති කාලය තමා අපේ ගොවි ජනතාව ඉතා දුක් මහන්සියෙන් වගා කරගත් තමන්ගේ භවභෝගවල අස්වැන්න රැකගැනීමට උත්සාහ කරනු ලබන්නේ. ඉතින් ඒ සඳහා ඔවුන් දිවා රෑ නොබලා කටයුතු කරනවා. කැලෑවැදී සිටින අලි ඇත් රංචුත් මේ කාලයටම තමා හොඳට හැදිලා තියෙන අස්වැන්නට ඉව අල්ලමින් කුරුමානම් අල්ලන්නේ.
මේ අවදානම වැඩියෙන් තියෙන්නේ වයඹ හා උතුරුමැද පළාත්වල. කරුවලගස්වැව, පුත්තලම, නිකවැරටිය, විලච්චිය, කලාවැව, කැකිරාව, අනුරාධපුර, පොළොන්නරුව, ගනේවල්පොල වැනි ප්‍රදේශවල මෙම තත්ත්වය වඩා වැඩි වශයෙන් දකින්නට පුළුවන්. මෙය කාලාන්තරයක් තිස්සේ අලින් හා ගොවියන් මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් තවම අවධානය යොමුකරමින් මෙකී ගැටලුවට විසඳුම් සොයන්න ක්‍රියාත්මක වෙන්නේ නෑ.Sri Lanka Latest News

අලින්ගෙන් වන වගා හානි වළක්වා ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හරහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. අවශ්‍යතාව හඳුනා නොගෙන ක්‍රියාත්මක වුවහොත් රටට අහිමි වන මිනිස් හා ස්වභාවික සම්පත්වල මිල ගණනය කරන්න බෑ. මහසෙන්, කාවන්තිස්ස, අග්බෝ, මානාභරණ, රට්ඨ ඇතුළු අනෙකුත් අලි රංචු වැඩි වශයෙන් ජීවත් වන්නේ වනජීවී කලාපවලින් බැහැරව. අන්න ඒ නිසා ඔවුන්ට මෙකී වකවානුව තුළ තිබෙන අනතුරු හා ජීවිත අවදානම වැඩියි.

ගොවි ජනතාව තමන්ගේ අස්වන්න රැකගැනීමට විවිධ උපක්‍රම භාවිත කරනවා. එයින් අලි ඇතුන්ට ජීවිත පවා නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. වගා හානිවලට වන්දි ගෙවීමේ නිසි වැඩපිළිවෙළක් නැතිකම ඊට කදිම නිදසුනක්. ඇඳිරි වැටීමෙන් පසු හිමින් රංචු පිටින් ගම්වදින අලි රංචුවලින් බඩඉරිඟු හේන්වලට හා කරල් පැසුණු ගොයම් යායවල්වලට වෙන හානිය සුළුපටු නොවේ.

කැකිරාව, මරදන්කඩවල ආශ්‍රිත ප්‍රදේශයේ හුදකලාව වාසය කරන මහසෙන් ඇතාගේ ජීවිතයට තියෙන අවදානම ඉතා වැඩියි. සති කිහිපයකට පෙරත් වෙඩිවැදීම නිසා තුවාලවලට ප්‍රතිකාර කරනු ලැබුවා. මහසෙන් ඇතා දැන් ඉන්නේ ජීවිතේ සැඳෑ සමය ගතකරමින්. එක් ඇසක පෙනීමත් හොඳටම දුර්වල තත්ත්වයේ සිටින මේ හස්තියා රැකගැනීමට තවමත් නිසි වැඩපිළිවෙළක් නෑ. මෙරට විශාලම දළ යුගලයට හිමිකම් කියන මහසෙන්ව ආරක්ෂා කරදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ අනුඛණ්ඩයක් සමග වනජීවී නිලධාරීන් යොදාගන්න පුළුවන් නම් තවත් කාලයක් මහසෙන්ට අතුරු ආන්තරාවලින් තොරව ජීවිතය රැකගන්න පුළුවන් වෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඔහුගේ සංචරණ රටාව ඉතා සීමිත ප්‍රදේශයකට ලඝුවෙලා තියෙන නිසා එය අපහසු කාර්යයක් නොවන බව අපගේ හැඟීමයි.

ගල්ගමුව, ඇහැටුවැව, පාළුකඩවල, අඹන්පොළ ආශ්‍රිත ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස මහ ඇතාත් අලි රංචුවත් මේ වනවිට සිටින්නේ ජීවිත අවදානමක. මේ ගැන තවමත් කිසිවකු අවධානය යොමු නොකරන්නේ මන්දැයි අපට නම් ප්‍රශ්නයක්. යම් දෙයක් සිදුවූ පසු මාධ්‍ය සාකච්ඡා තියා ඵලක් නොවන බව අපි අතීත පාඩම්වලින් ඉගෙන ගෙන තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ නිසි කලට නිසි විසඳුම් ක්‍රියාත්මක නොවීමයි.

වෙනත් අලි ඇතුන් සිටින ආසියාතික රටවල මෙවැනි ඇතුන් ජාතික වස්තූන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ආරක්ෂාව ලබාදීමට ඔවුන් ක්‍රියා කරනවා. උදාහරණයක් ලෙස අසල්වැසි ඉන්දියාව හා තායිලන්තය හඳුන්වන්න පුළුවන්.

අනෙක් අනතුරුදායක කලාපයේ ඉන්න ඇතා වන්නේ අග්බෝ. තිරිප්පනේට ආසන්න ප්‍රදේශයේ කුඩා කැලෑ කුට්ටිවලට කොටුවී ජීවත් වන ඔහුගේද ජීවිත අවදානම වැඩියි.
ඉහත සඳහන් ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ වීමට පෙර ගොවි ජනතාවගේ බවබෝග ආරක්ෂා කිරීමටත් අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් ක්‍රියාත්මක වීමට තවමත් බලධාරීන් ප්‍රමාද නැත. ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට බලධාරීන්ට හා නිලධාරීන්ට නුවණ පහළ වේවායි කැලෑ කොලමේ අපි බලාපොරොත්තු වෙමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

නීතීඥ සංගමයත් පත්තු වෙයි! අවුරුදු 14කට පසු සියලුම නීතීඥවරුන්ට කොළඹට එන්න කියයි! I Sri Lanka Latest News

Next Post

‘අරලිය’ හාල් විකුණලා ඩඩ්ලි රෝල්ස් රොයිස් කාර් එකක් ගෙනාවා! ලංකාවටම එකයි! ‘රත්න’ හාල් විකුණලා මිත්‍රපාල රෝල්ස් රොයිස් ජිප් එකක් අරන් ඇවිත්! ඒකත් ලංකාවටම එකයි! සෙල්ලම්ද කොල්ලෝ.. කොහොමද හාලෙ රඟේ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.