• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොයාගෙන නෑ! හොයමිනුත් නෑ! හොයන්නෙත් නෑ! 2019 අප්‍රේල් 21 බෝම්බ ගහපු එකා කෝ? Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය. අපේ රටේ දේශපාලකයෝ මේ තරම් අවභාවිත කරපු මේ තරම් පට්ට ගහපු, මේ තරම් මැතිවරණ වේදිකාවල පාවිච්චි කරපු, මේ තරම් එක එකාගේ ඕනෑ එපාකම්වලට පාවිච්චි කරපු වෙනත් වචනයක් නැතුව ඇති. පාස්කු ප්‍රහාරය කියන වචනය මේ රටට ඇවිල්ලා අප්‍රේල් 21 වැනිදාට අවුරුදු 5ක්. 2019 ඉඳන් අප්‍රේල් 21 වැනිදා වෙනකල් හැම ඡන්දෙකදීම, හැම තීරණාත්මක අවස්ථාවකදීම, හැම වැදගත් මොහොතකම පාස්කු ප්‍රහාරය කියලා කිව්වා. ලංකාවේ දේශපාලකයන්ගෙන් 95%ක්ම මේ වචනය තැන් තැන්වල පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ දේශපාලකයන්ගෙන් 50%ක්ම මේ වචනය අවභාවිත කරලා තියෙනවා. තමන්ට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න, තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරන්න පාස්කු ප්‍රහාරය කියන වචනය යොදාගෙන තියෙනවා. පාස්කු ප්‍රහාරය කළේ කවුද, වුණේ කොහමද කියන්න විවිධාකාරයේ කයිකතන්දර පැතිරෙනවා. නමුත් තවමත් පාස්කු ප්‍රහාරය කළේ කවුද කියන එක හොයාගන්න අපේ රටට බැරිවෙලා තියෙනවා. විවිධාකාරයේ සෙප්පඩවිජ්ජා, විවිධාකාරයේ නාට්‍ය, විවිධාකාරයේ චෝදනා, විවිධාකාරයේ යෝජනා මේත් එක්ක ආවා. අන්තිමට ආවේ මෛත්‍රීපාල සිරිසේනගේ නාටකය. ඔහු කියනවා මේක කළේ කවුද කියන එක තමන් දන්නවා කියලා. ඔහු දන්නවා නම් ඒක ඇයි රට නොදන්නේ? ඔහු දන්නවා නම් ඇයි අත්අඩංගුවට නොගන්නේ? ඔහු දන්නවා නම් ඇයි තාමත් ඒක පොලිසිය නොදන්නේ? අපිට මේක ප්‍රශ්නයක්. (Sri Lanka Latest News)

ඒ වගේම අපිට මතකයි හිටපු නීතිඥවරයෙක් එක වෙලාවක මේ ගැන ප්‍රසිද්ධියේ කතාකරනවා. දප්පුල මහත්තයා. ඔහු කියපු කාරණාවලදී අපිට හිතෙනවා මේක සිදුවුණු ආකාරය ගැන ඔහු දන්නවා කියලා. මේවා දේශපාලනිකයි, මේකට සම්බන්ධ මෙන්න මේගොල්ලෝ කියලා චෝදනා තියෙනවා. අපි දැක්කා බොරැල්ලෙදී ඉතාම ලස්සන නාට්‍යයක් පෙන්නනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනුකරලා, පුද්ගලයෝ කිහිප දෙනෙක්ව නම්කරලා, ඒ අය මේකට වගකිව යුතුයි කියලා පරීක්ෂණ පත්‍රිකා නිකුත් කෙරුවා. දැන් පාස්කු ප්‍රහාරය කියන එක ආයෙත් නිකන් අවුරුද්දකට දෙකකට සැරයක් මතක් වෙන, ඉටිපන්දම් පත්තු කරන, මැරුණා නේද කියලා කියන පොඩි සොමියකට පාවිච්චි කරන වචනයක් විතරක් වෙලා. පාස්කු ප්‍රහාරයෙන් මියගියේ අපේ මිනිස්සු. උන්ගේ ලේ පල්ලිවල ගලාගෙන ගියා අපි දැක්කා. උන්ගේ මෘත ශරීර කෑලි තැන් තැන්වල වැටිලා තියෙනවා අපි දැක්කා. පත්තරකාරයෝ විදියට අපේ ජීවිතේ වධ වේදනා විඳිමින් අපි මේවා අස්සේ රිංගුවා. මේවා හෙව්වා. ඒ හෙව්වේ මැරුණු එකාට සාධාරණයක් කරන්න ඕනේ නිසා. නමුත් අවාසනාවකට මේ රටේ එකෙක්වත් ඒ සාධාරණය වෙනුවෙන් ඇත්ත කතා කළේ නෑ. මේ රටේ දේශපාලකයෝ තමන්ගේ වාසියට මේක පාවිච්චි කළා විතරයි. මේ රටේ ආරක්ෂක අංශ මේක දැනගෙන හිටියා නම් ඒ දැනගෙන හිටිය හැම එකාවම අත්අඩංගුවට ගන්න ඕනේ. දඬුකඳේ ගහන්න ඕනේ. ඇත්තටම උන්ව කාත්තන්කුඩියේ රටඉඳි ගස්වල එල්ලන්න ඕනේ.

කොතැනද මේක සාකච්ඡා වුණේ, කවුද ඒ වෙලාවේ සාකච්ඡා කරපු එවුන්ව අත්අඩංගුවට ගන්න නොදුන්නේ? අත්අඩංගුවට ගත්ත එකාව කවුද ආපහු නිදහස් කරගෙන ගියේ? කාත්තන්කුඩියේ තිබුණු ප්‍රසිද්ධ ශාලාවල මොනවද තිබුණු සාකච්ඡා? මේ පල්ලි හැදුණේ කොහොමද? මේ කරුණු බුද්ධි අංශ විසින් හෙව්වා. එහෙම හොයලා පරීක්ෂණ වාර්තා ඉහළට යොමුකළා. පාස්කු ප්‍රහාරයෙන් දවස් කීපයකට පස්සේ කාත්තන්කුඩියට ගිය එකම පත්තරකාරයා මේ ලියුම්කරු. ඒ වෙලාවේ පොලිසිය හමුදාව අපට ඉතා විශේෂ විදියට උදව් කළා. අපි ගියාම දැක්ක දේවලින් අපිට ඇස් අදහා ගන්න බැරුව ගියා. මොකක්ද හේතුව? මේ සියල්ලම එකම නාට්‍යයක කොටස් බව අපට තේරුණා. කළේ කවුද, වුණේ කොහොමද කියලා තේරුම් ගන්න තරම් අපට බුද්ධි තොරතුරු නොලැබුණාට, අපිට ඒක අස්සට රිංගන්න බැරි වුණාට අපිට තේරුණා පහළ පොලිස් නිලධාරීන් ඉහළට එවපු ලියුම් ඉහළ නිලධාරීන් නොකියවපු නිසා මේ කතන්දරේ මෙහෙම සිද්ධ වෙන්න ඇති කියලා.

සියෝන් පල්ලියේ මළසිරුරු කොටස් අපි දැක්ක ඇස් දෙකෙන්. කොච්චිකඩේ පල්ලියේ මියගිය මිනිස්සුන්ගේ අඳෝනාවල් අපි ඇහුවා. මීගමුවේ කටුවාපිටියේ දේවස්ථානයේ මළ සිරුරු ගණින හැටි අපි දැක්කා. ඒවා නම්කරන හැටි, ඒවාට අංක දාන හැටි, පුංචි දරුවන් මියගිය අම්මලා කෑගහලා අඬන හැටි අපි දැක්කා. පල්ලිය මේ වෙනුවෙන් කතාකරනවා ඇහෙනවා. අගරදගුරුතුමා කතාකරනවා. මේක හොයන්න නොකඩවා උත්සාහ කරන්න බවක් පේනවා. ඇත්තටම පාස්කු ප්‍රහාරය කළේ කවුද කියන එක ගැන අපි විශ්වාස කරනවා අදටත් කිසිම වැදගත් පාර්ශ්වයක් විසින් නිසි ආකාර පරීක්ෂණයක් කළේ නෑ කියන එක. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මෙච්චරම හොයාගන්න බැරි මහා රහසිගත අද්භූත කාරණාවක් වෙන්නේ නෑ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත එවුන්ව පහුගිය කාලේ නිදොස් කොට නිදහස් කළා. ඒකට හේතුව මුස්ලිම් වූ පමණින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ මිනිස්සු. නිකන් පාරේ ගිය මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන රැවුලයි, බුර්කාවයි දැකලා ‘මුං තමයි බෝම්බ ගහන්න ඇත්තේ’ කියලා අහිංසක මිනිස්සුන්ව තැන් තැන්වල අමාරුවේ දැම්මා. අන්තිමට සමාව ගත්තේ වැඳලා. හැබැයි මේක කරපු එවුනුයි මුස්ලිම් ප්‍රජාවගෙන් සහ කතෝලික ප්‍රජාවගෙන් දෙගොල්ලන්ගෙන්ම වැඳලා සමාව ගන්න ඕනේ. ඒත් සමාව ගත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා පුද්ගලයන් කිහිප දෙනෙක්ව සැකපිට අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන්. අවුරුදු 5ක් තිස්සේ මේක හොයාගන්න බැරි තරම් අපේ පොලිසිය දුප්පත්ද? අපේ පොලිසියට එච්චර පරීක්ෂණ කරන්න බැරිද? මේවා ඇත්තටම අපිට අදහන්න බැරි දේවල්. ලංකාව රටක් විදියට ගත්තම අපි දන්න කාලේ සිද්ධ වෙච්ච විශාලතම බෝම්බ ප්‍රහාරය. වැඩිම මනුෂ්‍ය ඝාතනය. එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදීන් කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කරන කාලෙවත් මේ තරම් මනුෂ්‍ය ඝාතනයක් එකවර සිද්ධ වුණේ නෑ. නමුත් අපි දැක්කා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා කියපු සාරා ලංකාවෙන් පැනලා ගිහිල්ලා. මිනිස්සු මියගිය තැන හිටපු සාරා ලංකාවෙන් පිටවෙනතුරු කවුද ඇයට උදව් කළේ? කවුද සාරාට පාර කිව්වේ? එතකොට කොළඹ බෝම්බ පුපුරනතුරු කවුද නිහඬව හිටියේ? කොළඹ බෝම්බ පුපුරපු වෙලාවේ ආරක්ෂක අංශ කොහෙද හිටියේ? කොළඹ බෝම්බ පුපුරපු වෙලාවේ ලංකාවේ ප්‍රධාන පුරවැසියෝ ලංකාවේ නොහිටියේ ඇයි? ඒ වගේම කොළඹ බෝම්බ පුපුරපු වෙලාවේ ඇයි ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන කණ්ඩායම එකට එකතු වෙලා සාකච්ඡා නොකළේ? කවුද ඒ අයට උපදෙස් දුන්නේ ඒ සාකච්ඡාවලට එන්න එපා කියලා? මේවා ප්‍රශ්න. පහළ පොලිස් නිලධාරීන්ට සහරාන්ව සැක වෙනකොට, සහරාන් පිළිබඳ දැනුම් දෙනකොට ඇයි සහරාන්ව අත්අඩංගුවට ගන්න අවසර නොදුන්නේ? ඇයි අත්අඩංගුවට ගත්ත සහරාන්ව නිදහස් කරගෙන ගියේ?

ඒ වගේම කාත්තන්කුඩිවල තිබුණු තත්ත්වය ගැන පොලිසිය දැනගෙන හිටියේ නැද්ද? නැත්නම් මුස්ලිම් සංවිධාන අතර ගැටුම් ඇතිවෙනකොට පොලිසිය මේ සම්බන්ධයෙන් ඉහළට වාර්තා නොකළේ ඇයි? කොහොමද මේ ආරක්ෂක අංශවල ඇස් වහලා, බෝම්බත් අරගෙන කොළඹට ආවේ? එක ප්‍රහාරයක් එල්ල වෙනකොට දෙවැනි ප්‍රහාරය එල්ල වෙනකොට, තුන්වැනි ප්‍රහාරය එල්ල වෙනකොට අපිට ආරක්ෂාව තර කරලා පියවර ගන්න තිබුණා. නමුත් එහෙම පියවරක් ගත්තේ නෑ. ඒ සියල්ල දැන් සිදුවෙලා ඉවරයි. මිනිස්සු මියගිහිල්ලා ඉවරයි. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කරගන්න අපොහොසත් මිනිස්සු අපි. අහිංසක මිනිස්සු ආරක්ෂක අංශ ගැන විශ්වාස කරලා, රජය ගැන විශ්වාස කරලා, නීතිය ගැන විශ්වාස කරලා නිදහසේ තමන්ගේ ආගම අදහනකොට ඒ මිනිස්සුන්ගේ පල්ලිය ඇතුළේ බෝම්බයක් ගහලා පුපුරුවලා වහලේ තිබුණු උළු හිසට කඩාගෙන වැටිලා ඒ මිනිස්සු මියගියා. ඒ වෙලාවේ අපේ අසමත් බව අපේ බැරිකම, අපේ නොහැකියාව තමයි ලෝකෙට ඉදිරිපත් වුණේ. තවදුරටත් අවුරුදු 5ක් තිස්සේ අපි මේ පෙන්වන්නේ අපේ නොහැකියාව. අපි තාමත් අඳුරේ අතපත ගානවා. හරියට පරීක්ෂණ කළොත් මාස 6කින් මේක හොයාගන්න පුළුවන්. ඒත් අවාසනාවකට අපිට හිතෙනවා මේ පරීක්ෂණ හරි පාරට තාම වැටිලා නැද්ද කියලා. අපි දන්නේ නෑ එහෙම වැටිලා තියෙනවා නම් අපි මේ කියන ඒවට සමාවෙන්න. හැබැයි අපි විශ්වාස කරනවා අපේ රටේ ආරක්ෂක අංශ ඒ තරම් දක්ෂයි කියලා. හරි පොටක් පාදගන්නවා නම් මේක අමාරු නෑ. පොටක් පාදගන්න ලේසියි. ‘පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා මම දන්නවා’ කියලා කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ මනුස්සයාගෙන් ප්‍රශ්න කරන්න. එතකොට කතාව ඉවරයි.

ජීවන පහත් තිළිණ

SendShareShare
Previous Post

දකුණේ පොහොට්ටු මහඇමැති විලී ඉල්ලා අස්වෙයි! ලිපිය ජනාධිපති ලේකම්ට යවයි! I Sri Lanka Latest News

Next Post

යන්න දැන්ම! ගිහින් ගන්න! ආණ්ඩුවෙන් නිකන් හාල් දෙනවා කිලෝ 10 ගානේ! හැබැයි පුතෝ මාස 2ක් විතරයි හොඳේ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.