• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යන්න දැන්ම! ගිහින් ගන්න! ආණ්ඩුවෙන් නිකන් හාල් දෙනවා කිලෝ 10 ගානේ! හැබැයි පුතෝ මාස 2ක් විතරයි හොඳේ! PHOTOS I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (Sri Lanka Latest News)

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය.

මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා. පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. පසුගිය කාලයේ අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සපයා ගත නොහැකිව ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.

2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ කඹුරුගමුව ප්‍රදේශයේදී බව සිහිපත් කරන්න කැමතියි. එහි ඉන්ධන පිරවුම් සැල් ඉදිරිපිට රැය පහන්වන තුරු ජනතාව රැදී සිටින අයුරු මම දුටුවා. ඔවුන් පාලකයන්ට දැඩිව දෝෂාරෝපණය කරමින් සිටියා. එවන් තත්ත්වයක තිබු රට අද ලබා ඇති ප්‍රගතිය බොහෝ දෙනාට සිතා ගැනීමට පවා අසීරු වී තිබෙනවා. අද රට තුළ ඇති වි තිබෙන මෙම ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. එම තීරණ ජනප්‍රිය තීරණ නොවන බව කිවයුතුයි.

මීට පෙර මේ රටේ ආණ්ඩු තිබුණේ එක් පක්ෂයකට අයත් ආණ්ඩු. එසේ නොමැතිනම් පක්ෂ දෙක තුනක් එක්ව ගොඩනගාගත් ආණ්ඩු. නමුත් මෙම ආණ්ඩුව එවැනි එකක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මම විතරයි හිටියේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ සියලු පක්ෂවල අය ආණ්ඩුව සමඟ එක් වුණා. රටේ අවශ්‍යතාව වෙනුවෙන් එම ආණ්ඩුව ගොඩනැගුවා. මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඇතැම් අය පැවසුවා.

කෙසේ හෝ අප රට වෙනුවෙන් වූ අරමුණ සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ පිළිබඳ මම අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම මේ අසීරු කාලයේ ජනතාවට අවශ්‍ය සහන ලබාදිමට ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු අනෙක් නිලධාරින් විශාල සේවාවක් ඉටු කළා. අප සියලුදෙනා එකට වැඩ කළ නිසා තමයි අද මේ ප්‍රගතිය ලබාගෙන තිබෙන්නේ.

අද සංචාරක ව්‍යාපාරය නොසිතු අන්දමේ දියුණුවක් ලබමින් තිබෙනවා. ඒ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අපි මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම තුළින් එම මුදලුත් අද රටේ ආර්ථිකයට එක්වෙලා තිබෙනවා.

අසීරු කාලයේ දුප්පත්, පොහොසත් බේදයකින් තොරව අප සියලුදෙනා දුක් වින්දා. අද රට දියුණු වෙමින් පැවතියත් තවමත් එක් කණ්ඩායමක් අපහසුතාවයන්ට මුහුණ දී සිටිනවා. රුපියලේ අගය අඩුවීම, ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම නිසා පිරිසක් තවමත් අපහසුතාවයෙන් සිටිනවා.
රටේ සංවර්ධන ක්‍රියාවලියේ වාසිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ නිසා අස්වැසුම වැඩසටහනින් ලබාදෙන ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ දැමීමට අප කටයුතු කළා. ඒ වගේම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම මාසයේ සහ ලබන මාසයේ සහල් කිලෝ 10 බැගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

අපි මෙම සහල් මිලදී ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නොවෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. අපි මෙම මිලදී ගැනීම් සිදු කරද්දි වෙළෙඳපොළෙ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නවා. එවිට එම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ටත්, ගොවි ජනතාවටත් සහන ලැබෙනවා.

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ගොඩනැගීමේදී කිසිවෙක් පසුකර හෝ අතහැර යාමට මම එකඟ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව රටේ ආර්ථිකය දියුණු කරනවා. අද සංචාරක ව්‍යාරය හරහා ගමට මුදල් ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ශක්තිමත් අපනයන කෘෂිකර්මාන්තය ඇති කිරීම එහි අරමුණ බව කිවයුතුයි.

ඒ වගේම වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. එම ජනතාවට ඉඩම් ලබාදීම පිළිබඳව මේ වන විට කටයතු කරගෙන යනවා. ඒ වගේම ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ මහල් නිවාස 50,000ක අයිතිය එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩකටයුතුවලදී අප දේශපාලන වශයෙන් බෙදිය යුතු නැහැ. අපි බෙදුනා නම් අද රටේ මෙම ප්‍රගතිය දකින්න ලැබෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අමතක කර අප ඉදිරියට යා යුතුයි. ඒ වගේම මෙම ඌව පළතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අද දින ලබා දෙන සහල් කිලෝ විස්සේ ප්‍රතිලාභය මේ ජනතාවට ඉතාම වටිනවා. නමුත් මෙම ප්‍රතිලාභ දිගුකාලීන වශයෙන් ජනතාවට ලබා දිය යුතු වන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ආර්ථික සැලසුම අනුව ජනතාවට දෙපයින් නැගි සිටීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ.
ජනතාවගේ අතට වැඩි ආදායමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා මේ වන විට කටයුතු කරමින් තිබෙනවා. ජනාධිපතිතුමා තමන්ගේ දර්ශනය මහ පොළොව පැල කර වැඩ පෙන්වා තිබෙනවා.

ඒ නිසා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී බංකොලොත් වූ රට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ වගේම ජීවත්වීමට අසීරු තත්ත්වයේ සිට ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා “අස්වැසුම” මගින් රුපියල් 15,000ක් මුදලක් ලබා දුන්නා. ඒ වගේම ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම ” උරුමය ” වැඩසටහන හරහා සිදු කරමින් තිබෙනවා. මේවා කයියනායකලා දෙනවා වගේ දෙන පොරොන්දු නෙවෙයි. ජනාධිපතිතුමා පසුගිය වසර දෙක තුළදී මහපොළවේ පැළ කළ යතාර්ථයයි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා

සහල් ප්‍රතිලාභය ජනතාවට ලබාදීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටට පත්වනවා. සහල් කිලෝ විස්සක් ලබාදීම සඳහා එක් අයෙක් වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් වැයකිරීමට සිදුවෙනවා. නමුත් ජීවත් වීමට අගහිගකම් ඇති ජනතාව වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ලබාදීම ප්‍රශංසනීයයි .
රට බංකොලොත් වී තිබු නිසා එදා රට භාරගන්න නායකයෙක් හිටියේ නැහැ. නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාර ගත්තා. මේ වන විට පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් වී තිබෙනවා. ආසනයට රටට වැඩක් කරන පුද්ගලයින්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් තිබෙනවා.

මා වසර විසි හතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ආර්ථික වශයෙන් රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වුණා. මින් ඉදිරියට පක්ෂවලට ඡන්ද දීමට ජනතාව ඉදිරියට එන්නේ නැහැ. එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු පහ සඳහා ද ඔබතුමාට මේ රට ජනතාව විසින් බාර දෙනවා. එය නියතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා
මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ඉටු කරන මෙහෙවර ප්‍රශංසනීයයි. එදා තිබු පෝළිම් යුගය අවසන් කර ජනතාවට සාමකාමීව ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කිරීමට එතුමාට හැකිවුණා. එතුමාගේ විදේශ සබඳතා මත මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන එමින් අද වන විට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීමටත් එතුමාට හැකි වී තිබෙනවා.

ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ලක්ෂ 24කට ලබා දීමට කටයුතු කර තිබෙනවා. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරනවා. ඒ වගේම රාජ්‍ය සේවා වැටුප රුපියල් දස දහසකින් ඉහළ නංවා තිබෙනවා. මේ සියල්ල සිදු කළේ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. එම නිසා ඉදිරියේදී වතු ජනතාවගේ වැටුප් වැඩි කිරීමත් සලකා බලන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාගේ මිළග මැතිවරණ ජයග්‍රහණය නියත බව කිව යුතුයි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු ඇතුළු ඌව පළාතේ දේශපාලන නියෝජිතයන් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන , වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

හොයාගෙන නෑ! හොයමිනුත් නෑ! හොයන්නෙත් නෑ! 2019 අප්‍රේල් 21 බෝම්බ ගහපු එකා කෝ? Sri Lanka Latest News

Next Post

‘මට එජාපයට යන්න කිසිම අවශ්‍යතාවක් නෑ! මම පුරුදු විදිහටම සජබෙත් එක්ක දේශපාලනය කරනවා!’ එජාපෙට එන්න කියලා සිරිකොතේ ඉඳන් රංගේ කරපු ආරාධනාවට කබීර් කන පැලෙන උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.