• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු ලෝකෙම වහගෙන වහගෙන යනවා… ලංකාව ඇරගෙන ඇරගෙන යනවා… වෙනදාට වහන්න කියපු පොරවල් දැන් කෝ?

January 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මුළු ලෝකෙම වහගෙන වහගෙන යනවා… ලංකාව ඇරගෙන ඇරගෙන යනවා… වෙනදාට වහන්න කියපු පොරවල් දැන් කෝ?
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 වසංගතය පිළිබඳ දැන ගත් මුල් කාල වකවානුවේ සිටම ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉටු කළ කාර්යභාරය සුළුපටු නැත. නිරන්තරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට මෙන්ම රජය ගන්නා ක්‍රියාමාර්ගවල ගුණදොස් විචාරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.

රටේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වද්දී, සංචරණ සීමා පනවන ලෙස මෙන්ම රට වසා දමන ලෙසට රජයට බලපෑම් කිරීමේදීද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි මැදිහත් වීමක් සිදු කරනු දැක ගත හැකි විය. රට වසා නොදමන බවට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියදී පවා රට වසා දැමීම වෙනුවෙන් ඉල්ලීම් කිරීමට එම නිලධාරීහු කටයුතු කළහ.

වර්තමානයේ ශ්‍රී ලංකාව නැවත වරක් සාමාන්‍ය ජන ජීවිතයට හුරු වෙමින් ඇත. බොහෝ දෙනකු සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින බවක් පෙනෙන්නට තිබුණද, එම උපදෙස් පිළි නොපදින ඇතැම් පිරිස්ද සමාජය පුරා දැක ගත හැක. ඒ අතරවාරයේ කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදය වන ඕමික්‍රෝන් ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් ඇත.

නත්තල් සමයේ ඕමික්‍රෝන් පැතිර යාම වැළැක්වීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට නෙදර්ලන්ත රජය පසුගියදා පියවර ගත් අතර ඩෙන්මාර්කය, අයර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, පෘතුගාලය, ෆින්ලන්තය, ස්කොට්ලන්තය සහ ස්වීඩනය වැනි රටවල නත්තල් සමයේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල් තම රටට ඇතුල්වන පිරිස් සීමා කර ඇත්තේ ඕමික්‍රෝන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහාය. අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලි නගරයේද රාත්‍රී කාලයේදී සංචරණ සීමා පැනවීමට මේ වන විට පියවර ගෙන ඇත්තේ ඕමික්‍රෝන් අවධානම හේතුවෙනි. නවතම තොරතුරු අනුව ඩුබායි රාජ්‍යයේද ඕමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන අතර නුදුරේදීම රට වසා දැමීමේ සූදානමක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත.

නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් එකකි. මෙවර නත්තල් උත්සවය අති උත්කර්ෂවත් ආකාරයෙන් සැමරීමට බොහෝ පිරිස් පියවර ගෙන තිබිණි. කොළඹ කඩ සාප්පු සහ සුපිරි වෙළඳ සංකීර්ණ සියල්ල අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. සංචාර සහ නිවාඩු ගත කිරීම සඳහා බොහෝ දෙනෙක් රට පුරා ඇවිදින ආකාරයද දැක ගත හැකි විය.

කෙසේ නමුත් මෙවර ඒ කිසිවක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කතා කරන බවක් පෙනෙන්නට නැත. වෙනදා දත්ත විශ්ලේෂණ සහිතව තොරතුරු ඉදිරිපත් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිහඬ බව මේ වන විට බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති බවක්ද පෙනෙන්නට ඇත. අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය අංශයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඇමතුවේ ඒ පිළිබඳව විමසා බැලීම සඳහාය.

“අපි කරපු කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. අපි කලින් වගේම රට පුරාම දත්ත එකතු කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම සිදු කරනවා. අපේ සංවිධානය පෙර වගේම ඒ සියල්ල සිදු කරනවා. ඒ දත්ත ඉදිරිපත් කිරීමත් අපි කරනවා. ඒත් මාධ්‍ය මඟින් පෙර වගේ ඒ සඳහා ප්‍රචාරණයක් ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ හින්දා තමයි ඔහොම හැඟීමක් එන්නේ.”

අපේ ප්‍රශ්නයට එලෙස පිළිතුරු ලබා දෙමින් කතාබහ ඇරඹූ කොළඹගේ මහතා ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වීය.

“කොවිඩ් වසංගතය ආව මුල් අවස්ථාවේ ඉඳන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එය මැඩ පැවැත්වීම සඳහා මැදිහත් වුණා. කොවිඩ් මැඩලීමේ වැඩසටහනේ මූලාරම්භය අපි අරන් දුන්නා. අපේ රටේ සෞඛ්‍ය ඇමැතිවරු තුන්දෙනෙක් ඉන්නවා. ලේකම්වරු තුන්දෙනෙක් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක් එක් අංශයට පත් කෙරුව අධ්‍යක්ෂවරු ඉන්නවා. හැබැයි මේ අයත් අපි කෙරුව මැදිහත් කිරීම කරනවාද කියන එක ප්‍රශ්නයක්. මොකද අද සෞඛ්‍ය ඇමැතිවරයා හොයන්නේ වෙන වෙන දේවල්. රටේ කොවිඩ් පැතිර යාම එතුමාට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාමරයක් ආවේ කොහොමද කියන එක එතුමාට ප්‍රශ්නයක්. දේශපාලනඥයෝ වයසට ගියාට පරිණත වෙන්නේ නැහැ. අදාළ නිලධාරීන්ගෙන් වැඩ කර ගන්නේ කොහොමද කියන එක දැන ගෙන ඒ අනුව ක්‍රියා කිරීමෙන් තමයි දේශපාලනඥයන්ගේ පරිණතභාවය මැන ගන්න පුළුවන්. අවාසනාවට අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ.

තව කොවිඩ් රැල්ලක් ආවොත් ඒකට මොකක්ද කරන්නේ කියලා කවුරුවත් සැලසුම් කරන්නේ නැහැ. එහෙම එකක් ආවොත් ඒ වෙලාවට තමයි ඒක ගැන හිතන්නේ. මේකට සෞඛ්‍ය ඇමැතිවරයා විතරක් නෙවෙයි ජනාධිපතිවරයාගේ ඉඳන් වග කියන්න ඕනේ. මේක හරිම අවාසනාවන්ත දෙයක්.”
ඒ කොළඹගේ මහතාගේ අදහස්ය.

වර්තමානයේදී රටේ ජනතාව හැසිරෙන ආකාරය සහ ඉදිරි කොවිඩ් අවධානම සම්බන්ධයෙන්ද කොළඹගේ මහතාගෙන් කරුණු විමසීමට අප අදහස් කළේ එය පාඨක ඔබට ඉතා වැදගත් බැවිනි.
“මේ යන විදියට ජනවාරි අන්තිම හෝ පෙබරවාරි මැද වන විටදී තත්ත්වය නැවතත් භයානක අතට හැරේවි කියන එකයි අපට පෙනෙන්න තියෙන්නේ. දැනටම විශේෂඥයන් ඒ පිළිබඳව අනතුරු අඟවලා තියෙනවා. අපේ දත්ත අනුවත් ඒක අපිට පේනවා. මේ විදියට ගියොත් නම් කොවිඩ් අවධානම නැවතත් බරපතළ තත්ත්වයට පත් වෙනවා. ඒ හින්දා සිවුවැනි එන්නත ලබා දීම හෝ ඒ වෙනුවෙන් ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග හෝ හැකි ඉක්මනින් ගන්න කියන එකයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලන්නේ.”

ඒ කොළඹගේ මහතා එයට ලබා දුන් පිළිතුරය.

ශ්‍රී ලාංකිකයන් මෙවර නත්තල සැමරූ ආකාරය දුටු බොහෝ දෙනකුට සිහිපත් වූයේ පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දය. පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දද, දැඩි උත්කර්ෂවත් ආකාරයෙන් සැමරීමට ජනතාව පියවර ගත් අතර ඒ හේතුවෙන් කෙටි කලක් ගත වද්දී නැවත රට තුළ කොවිඩ් පැතිර යාම වේගවත් විය. අලුත් අවුරුදු සමය නිමවී මසක් ගත වී යාමටද මත්තෙන් නැවත රට වසා දැමීමට තරම් ඒ තත්ත්වය බරපතළ විය.

නත්තල් සමයෙන් අනතුරුවද රට තවදුරටත් සාමාන්‍යකරණය වෙමින් ඇත. මෙතෙක් කලක් තහනම් වී තිබූ එළිමහන් සංගීත ප්‍රසංග සඳහා නැවත අවසර ලබා දීමටද පසුගියදා රජය තීරණය කළේය. රට විවෘත නොකොට සෑම දිනකම වසා තැබීමේ හැකියාවක් නැත. රටක් වශයෙන් අප කළ යුත්තේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන ඊට මුහුණ දීමය. ප්‍රශ්නය ඇත්තේ අපේ ජනතාව එය නිසියාකාරව තේරුම් ගෙන තිබේද යන්නය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ආකාරයට දැන් කොවිඩ් පිළිබඳ මාධ්‍යයේ තිබූ උනන්දුවද අඩු වී තිබේ. අවධානය අඩු වීමෙන් සිදුවන්නේ අවදානම වැඩිවීමය. පාලකයන් මොනවා කෙරුවත් ඔබේ ජීවිතය වටින්නේ ඔබටය. එබැවින් මේ තත්ත්ව තම තමන්ම තේරුම් ගන්නවා නම් වඩාත් හොඳය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තෙල් මිල නැග්ගුවාට මිනිස්සු පාරට බැස කැරලි ගහයි! කසකස්ථාන ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යයි!

Next Post

හොඳම යාලුවෙක්ද? එස්.බී. කිව්ව වගේ පෙම්වතියද? රන්ජන් බලන්න හිරේ ඇතුළට ගිය කවුද මේ දොස්තර භාග්‍යා?

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.