• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොඳම යාලුවෙක්ද? එස්.බී. කිව්ව වගේ පෙම්වතියද? රන්ජන් බලන්න හිරේ ඇතුළට ගිය කවුද මේ දොස්තර භාග්‍යා?

January 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
හොඳම යාලුවෙක්ද? එස්.බී. කිව්ව වගේ පෙම්වතියද? රන්ජන් බලන්න හිරේ ඇතුළට ගිය කවුද මේ දොස්තර භාග්‍යා?
Share on WhatsAppShare on Facebook

රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරලා හිරේ විලංගුවෙ වැටුණු ජනතා නියෝජිතයෙක් විදියට රන්ජන් රාමනායකව හඳුන්වන්න ලංකාවෙ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම දෙනාම නොපැකිලව ඉදිරිපත් වෙමින් සිටිනවා. ඒ, රන්ජන්ගෙ වචනයෙන්ම කියනවා නම් ‘උන් ඔක්කොම යාළුවො මල්ලි…’ කියන වැකියෙ සත්‍යතාව හැමෝටම වැටෙහෙමින් තිබෙන පසුබිමක. ජනතාවගෙ පැත්තෙ හිටගනිමින් ඔහු අභීතව කතා කළේ ඒ වචන හරහා තමන්ට මුහුණ දෙන්නට සිදුවන භයානක ඉරණම ගැන පවා නොසිතමින්. නීති හදන උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයකගෙ සුදු ඇඳුම්වලින් වැසුණු කළු චරිතය නොබියව නිරාවණ කළ රන්ජන්, සිරගත කරලා ජනවාරි 12 වැනිදාට වසරක් සම්පූර්ණ වෙනවා. ජනතාව වෙනුවෙන් අභීතව හඬ නඟපු රන්ජන් රාමනායක ගැන මේ සාකච්ඡාව පවත්වන්නේ ඔහුගෙ සමීපතම හිතවතියක මෙන්ම පෞද්ගලික වෛද්‍යවරිය වන වෛද්‍ය භාග්‍යා මොහොට්ටි මහත්මිය සමග. නලින් රාජපක්ෂ යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්තු මේ සාකච්ඡාව තුළ රන්ජන්ගෙ ගැන මෙතෙක් මාධ්‍යවල පළ නොවුණු සුවිශේෂ තොරතුරු රැසක් ඇතුළත් වෙනවා.

රන්ජන් හිරේට යන්නේ වසර 04කට. අපි දකිනවා හැම තැනම රන්ජන් නිදහස් කරගැනීමේ සටනක බොහෝ අය නිරත වෙලා ඉන්නවා. ඇත්තටම රන්ජන් නිදහස් කරගැනීම වෙනුවෙන් මොනවද මේ දවස්වල කරන්නේ?

ඒ වෙනුවෙන් ගොඩක් වැඩ සිද්ධ වෙනවා. අපි නොදැනුවත්ව තමයි ඉන් බහුතරයක් සිදුවෙන්නේ. රන්ජන් අයියා සිරගත වුණු මුල් කාලෙ ඉඳලම අපි කවුරුත්ම නොදන්න රන්ජන්ගෙ හිතවතුන්, රන්ජන්ව කවදාවත් හමු නොවුණු අය පවා, වට්ස්ඇප් ගෲප්, ෆේස්බුක් ගෲප් හදාගෙන කටයුතු කළා, ගෝල්ෆේස් එකේ ඔහු වෙනුවෙන් උද්ඝෝෂණ කළා, ජනාධිපති සමාව ඉල්ලලා ජනාධිපතිතුමාට ලිපි භාරදුන්නා රන්ජන් අයියා සිරගත වුණු මුල්ම කාලෙ. මේ දවස්වලත් අපි දකිනවා සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම එකතු වෙලා අස්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහන් අරඹලා තියෙනවා. දැන් ඒක ස්ථාන කිහිපයකටම ගිහින් ඒ කටයුත්ත සාර්ථකව කරගෙන යනවා. ඊට අමතරව රන්ජන් අයියගෙ ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විස් වගේ රටවල ඉන්න මිතුරන් එකතුවෙලා ජිනීවාවලට ගිහින් ඔහු වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන්න තරම් ලොකු කැපකිරීමක් කළා. මම මේ වෙලාවෙ ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ ගරුතර ස්වාමින්වහන්සේලා, පූජකතුමන්ලා රන්ජන් වෙනුවෙන් කරපු දේවල්. උන්වහන්සේලා හඬ නැඟුවා, ආශීර්වාද කළා.

රන්ජන් රාමනායකට බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් හිමි වෙනවා. ඔහු අඟුණකොළපැලැස්සේ ඉඳලා වැලිකඩට එනවා. මේකට විශේෂ හේතුවක් තියෙනවද?

ඔබ දන්නවා රන්ජන් අයියා සිරගත වෙන්න කලින් උසස් පෙළ විභාගයට පෙනීසිටියා. ඒත් එක්කම ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ පදනම් පාඨමාලාව කරලා සමත් වුණා. ඒක සමත් වෙලා තමයි විවෘත විශ්වවිද්‍යාලයේ බී.ඒ. ඉන් යූත් ඇන්ඩ් කොමියුනිටි ඩිවෙලොප්මන්ට් කියන උපාධි පාඨමාලාවට සම්බන්ධ වුණේ. ඒ අධ්‍යයන කටයුතු පටන් අරගෙන තිබුණා. ඔහු සිරගත වීමත් එක්ක ඒ කටයුතුවලට සම්බන්ධ වෙන්න ඔහුට බැරිවුණා. කොවිඩ් වසංගතය නිසා විශ්වවිද්‍යාලවල පාඨමාලා කටයුතුත් නැවතිලා තිබිලා දෙසැම්බර් 01 වැනිදා තමයි නැවත ලියාපදිංචිය සිදුවුණේ. ඒ කටයුතු මම සිදුකළා. අපි සජිත් ප්‍රේමදාස මහත්මයාව ඒ ගැන දැනුවත් කළාම එතුමා කිව්වා රන්ජන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පහසුව සඳහා ඔහුට වැලිකඩට එන්න අවස්ථාව හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරමු කියලා. සේරම පාඨමාලා මේ දවස්වල ඔන්ලයින් ක්‍රමයට සිදුවෙන්නේ. ඉතින් අඟුණකොළපැලැස්සේ ඒ සඳහා පහසුකම් අඩුයි. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයෙන් ඔහුගෙ අධ්‍යයන කටයුතුවලට අවශ්‍ය පොත්පත් අරගෙන නිතරම එහෙට යන්න අපහසු වුණා. ඒ සියලු දේවල් බලලා තමයි අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට ඒ ඉල්ලීම කළේ. ඉතින් එතුමා මැදිහත් වෙලා අලි සබි්‍ර ඇමැතිතුමාටත් කතා කරලා රන්ජන්ව වැලිකඩට මාරු කරලා දීලා සහාය දුන්නා. රන්ජන්ගෙ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය දේවල් සපයා දෙන්න කියලා අපි මේ වෙද්දී ඉල්ලීම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහු සිරගත වෙලා ඉන්න වෙලාවෙ ඔහුගෙ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න ලැබේවි කියලා.

රන්ජන් පාඩම් කරනවද?

පාඩම් කරන්න දෙසැම්බර් 11 වැනිදා තමයි පාඨමාලා පටන්ගත්තේ. ඒ අදාළ පොත්පත් රන්ජන්ට තවම ලැබිලා නෑ. සමහර පොත්පත් අඟුණකොළපැලැස්සේ. ඒවා ඔහුට ලබාදෙන්න ඕනෙ.
රන්ජන් රාමනායක සිරගත වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් ගතවෙලා. මේ කාලය ඔහු කොයි විදියටද හිරගෙදර ගතකරලා තියෙන්නේ? ඔබත් එක්ක ඔහු ගොඩක් දේවල් කියලා ඇති?
රන්ජන් සිරගත වෙලා මාසෙකට කිට්ටු කාලයක් යනතුරු කාටවත් බලන්න ලැබුණෙ නෑ. මුල් සති දෙක ඔහුව පල්ලන්සේන සිර කඳවුරේ නිරෝධායනයට යැව්වා. ඊට පස්සේ අඟුණකොළපැලැස්සට මාරු කරල ටික කාලයක් යනතුරුත් විසිට් කරන එක නවත්තලා තිබුණා කොවිඩ් නිසා. ඉන් පස්සෙ මාසෙකට එක දවසයි බලන්න හම්බවුණේ. බොහොම සීමිත දින ගණනක් තමයි ඔහුව මුණගැහිලා කතා කරන්න ලැබුණේ. ඒකත් විනාඩි 15ක වගේ කාලයක්. ඊට අමතරව අපි රන්ජන් ගැන විස්තර දැනගත්තේ ඔහුව බලන්න ගිය මන්ත්‍රීවරුන්ගෙන්. රන්ජන් කියන්නේ දුක, සතුට හැම දේටම බොහොම ධෛර්යවත්ව මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් කෙනෙක්. අපි යනකොට හැමදාම හිනාවෙලා, මොකක් හරි පරණ කතාවක් මතක් කරලා විහිළුවක් කරලා අපේ දුකත් නැති කරලා එයත් සන්තෝසෙන් ඉන්න උත්සාහ ගන්නවා. සමහර වෙලාවට එයා දුකෙන් ඉන්නව ඇති කියලා අපට තේරෙනවා. ඒ අතර එයා භාවනා කරන්න, යෝග ව්‍යායාම කරන්න පටන් අරගෙන තිබුණා. ඒ තුළින් එයාගෙ හිත හදාගන්න පුළුවන් කියලා ඔහු නිතරම කිව්වා. ඒ වගේම බෞද්ධ, කතෝලික පොත්පත්, හිතවතුන් දීපු පොත්පත් බොහොම ආසාවෙන් ඔහු කියවනවා. ඔහු පොත් ලියන්න උත්සාහ අරගෙන තිබුණා. ඒත් ඔහුට ලියන්න තියෙන්නේ බිම දිගාවෙලා. ඒ වගේ අපහසුතා මැදත් අපිට අවස්ථා කිහිපයකදි ලියුම් එව්වා.

අපි දැක්කා රන්ජන් විවිධ අවස්ථාවල අසනීප වෙලා රෝහල්ගත කරනවා. ඔහුට මේ දවස්වල තියෙන රෝගාබාධ මොනවද?

සිරගත වෙන්න ගොඩක් කලින් ඉඳලම ඔහුට තිබුණා දණහිසේ ආබාධයක්. ඊට අමතරව ඔතපීඩික් ඉෂූස් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. සමහර විට බිමම ඉන්න නිසා වෙන්නත් පුළුවන්. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඒ රෝග ගැන කියන එක මගේ වෘත්තියටත් හොඳ නැහැ. ඒ විවිධ ප්‍රශ්න එක්ක තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙ උපදෙස් ගන්න විවිධ අවස්ථාවලදි සායනවලට ඔහුව එක්කගෙන ගියේ. සමහර විට රෝහල්ගත කරන්න වුණා ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතුවලට.

අපි දකිනවා පාර්ලිමේ න්තුවෙදි සඳහන් කරනවා රන්ජන් සිරගත වෙලා ඉන්නකොට ඔහු විවිධ පීඩාවන්ට පත්වූ අවස්ථා තිබෙනවා කියලා?

ඒකට උත්තර දෙන්න ගියොත් සමහර විට පීඩාවන් වැඩි වේවි. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මම උත්තර නොදී ඉන්නම්.

රන්ජන් සිරගත වෙලා ඉන්නකොට ඔහුට ලැබිය යුතු අවම පහසුකම් පවා නොලැබුණු අවස්ථාවන් ගැන වාර්තා වෙනවා. මොකක්ද ඔහුට ඇත්තටම එහිදි සිදුවෙලා තියෙන්නේ?

රන්ජන්ගෙ පාදයේ ආබාධයක් තියෙනවා. ඒ නිසා කොමොඩ් නැති ටොයිලට් පාවිච්චි කරන එක ඔහුට ප්‍රශ්නයක් වෙලා තිබුණා. පහුගිය දවසෙ ඔහුව බලන්න ගියපු වෙලාවෙ ඔහු කිව්වේ රෝගීන් 20ක් 30ක් වගේ විශාල ප්‍රමාණයක් ඉන්න වාට්ටුවට වැසිකිළි තියෙන්නෙ සීමිත ප්‍රමාණයක් කියලා. වැසිකිළියට යන්න වෙලා තියෙන්නේ පෝලිමේ ඉඳලා. රන්ජන් කියන්නේ කාටවත් හිංසාවක් පීඩාවක් කරපු කෙනෙක් නෙවෙයි. ඔහු ඔය විදියට දුක් විඳින්න ඕනෙ කෙනෙක් නෙවෙයි. තමන්ගෙ වාසියට දෙයක් කරගත්ත කෙනෙකුත් නෙවෙයි. අනෙක් අය වෙනුවෙන් වැඩ කරලා අද මේ විදියට ටොයිලට් පෝලිමක හිටගෙන ඉන්න තරම් ඔහු කරපු වැරැද්ද මොකක්ද කියන එක ගැන හිතද්දී ඇත්තටම කනගාටුයි.

ලංකාවෙ දේශපාලනඥයෙක් කිව්වාම අපට මතක් වෙන්නේ විශාල ධනස්කන්ධයක් හිමි පුද්ගලයෙක්ව. ඇත්තටම ඔහුට කියලා බිම් අඟලක්වත් නැද්ද?

නැහැ. එයාගෙ නමට හෝ එයාට අයිතියක් තියෙන කිසිම ඉඩමක් හෝ නිවෙසක් නෑ. එයාට තිබුණේ මන්ත්‍රී වැටුපයි, ෆිල්ම් එකකින් හරි රියැලිටි ෂෝ එකකින් හරි එයාට ලැබුණු යම් මුදලක් තමයි ආදායම විදියට තිබුණේ. ඒ මුදලිනුත් ඇත්තටම ඔහුට කියලා කරගත්තු දෙයක් නෑ. රන්ජන් එක දිගට අවුරුදු 14ක් විතර ජනප්‍රියම නළුවා වුණා. මම හිතනවා ලංකාවෙ සුපිරි තරුව කියන්න පුළුවන් රන්ජන්ට විතරයි. ඒ වගේ කෙනෙක් හරි නම් අපි බලාපොරොත්තු වෙන්නේ බොහොම සැප පහසු වාහනවලින් යන, සැපපහසුව ජීවත් වෙයි කියලා. නමුත් රන්ජන් එහෙම සුඛ විහරණයක් බලාපොරොත්තු වුණේ නෑ. එයා කළේ හම්බවෙන එක කවුරු හරි නැතිබැරි කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් ඒ අයට බෙදනවා. එයාගෙ පර්මිට් විකුණලා ඒ සල්ලිත් නැතිබැරි මිනිසුන්ට දුන්නා. ඒ වගේ සමාජයට මොනවා හරි සේවයක් කළා. අඩුම ගානෙ එයාගෙ නමට වාහනයක්වත් නෑ. එයා හිටපු මන්ත්‍රී නිල නිවෙසේම තමයි දිගටම ජීවත් වුණේ. ඒ නිල නිවෙසත් එයාට අන්තිමට නැති වුණා. මේ වෙලාවෙ මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාව. රන්ජන්ට නිල නිවෙස අහිමි වුණාට පස්සේ මනුෂ මන්ත්‍රීතුමා එතුමාගෙ මන්ත්‍රී නිවසෙ රන්ජන්ගෙ බඩු ටික තියාගන්න අවස්ථාව දුන්නා. ඒක ඇත්තටම ලොකු පිනක්. රටේ ජනතාවට සේවය කරන්න ගිහින් රන්ජන්ට තිබුණු දෙයක් වියදම් කරගත්තා මිසක් තමන් වෙනුවෙන් කියලා මුදල් එකතු කරගෙන සැප විඳින්නවත්, ගෙවල් හදාගන්නවත්, වාහන ගන්නවත් ඔහු කල්පනා කළේ නෑ.

රන්ජන් නැති අඩුව කොහොමද දැනෙන්නේ?

රටේ දුප්පත් පොහොසත් පක්ෂ පාට භේදයකින් තොරව මට හමුවෙන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, ‘අනේ අද රන්ජන් හිටියා නම් කොච්චර දෙයක්ද, අපි වෙනුවෙන් කතා කරනවනෙ’ කියන එක. මේ දවස්වල ගෑස් ප්‍රශ්න, බඩුමිල ඉහළ යෑම වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ජනතාවට. මේ වෙලාවෙ විපක්ෂයෙ කාර්යභාරය විදියට බොහෝ දෙනෙක් ඒවට කතා කරනවා. නමුත් මේ වෙලාවෙ රන්ජන්ගෙ හඬ නැති වීමෙන් ලොකු නිහඬතාවක් තියෙනවා කියන එක ජනතාව නිතරම කියනවා. දුප්පතාගෙ හඬ නිහඬ වෙලා කියන එක ජනතාව කියනවා.

රන්ජන් එළියට ආවොත් මොනවද කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ ඒ ගැන දැනුවත්ද?

රන්ජන් එළියට ආවට පස්සේ මොකද කරන්නේ කියන එකට වඩා ඔහුව එළියට ගන්නේ කොහොමද කියන එක තමයි මේ වෙලාවෙ ගොඩක් වැදගත් වෙන්නේ. රන්ජන් මේ වගේ තැනකට වැටිය යුතු කෙනෙක් නෙවෙයි. මේ වගේ තැනකට වැටෙන්න තරම් දූෂණ, වංචා, මිනීමැරුම් වගේ බරපතළ වැරැදි කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඔහුට අඩුම තරමින් එළියට ඇවිල්ලා මානසික නිදහසේ එයාගෙ කලා කටයුත්තක් කරගෙන, ඥාතීන් එක්ක නිදහසේ ජීවත් වෙන්න එකම එක විදියයි තියෙන්නේ. ජනාධිපති සමාවකින් විතරයි රන්ජන්ට එළියට එන්න පුළුවන්. රන්ජන්ට එළියට ඇවිත් අපිත් එක්ක නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබාදෙන්න ජනාධිපතිතුමා අපේ ඉල්ලීම් සලකා බලයි කියලා මම විශ්වාස කරනවා.

රන්ජන් වෙනුවෙන් ජනතාවට කියන්න දෙයක් තිබෙනවාද ඔබට අවසන් වශයෙන්?

රසික රසිකාවියන්ගෙන් රන්ජන්ට ලැබුණු ආදරයෙ නම් කිසිම අඩුවක් තිබුණෙ නෑ. ඒක විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලින් දකිනවා. ඔහු සම්බන්ධ තොරතුරුවලට, ඡායාරූපවලට ජනතාව දක්වන ප්‍රතිචාරවලින් තේරෙනවා ඔවුන්ට රන්ජන්ව පොඩ්ඩක්වත් අමතක වෙලා නෑ කියලා. ඒක ගැන ගොඩක් සන්තෝෂයි. මොකද රන්ජන් මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඔවුන් වෙනුවෙන් දෙයක් කරලා සතුටු වෙච්ච කෙනෙක්. රන්ජන් වෙනුවෙන් අස්සන් එකතු කිරීමේ වැඩසටහනකුත් මේ දිනවල කරගෙන යනවා. ඔබේ ප්‍රදේශයට ඒ අස්සන් එකතු කරන හිතවතුන් පැමිණියාම ඒකට අස්සනක් යොදලා සහාය දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

රන්ජන් හරිම කැමැතියි රසික රසිකාවියන් ලියුම් එවනවට. අඟුණකොළපැලැස්සේ ඉන්නකොට එයාට ලියුම් ගොඩක් ලැබිලා තිබුණා. එයාගෙ දවස ගෙවාගන්නෙ ඒ ලියුම් කියවලා කියලා ඔහු කිව්වා. ඒත් දැන් රන්ජන් ඉන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ. එතැනට ලියුම් ලැබෙනවද නැද්ද කියලා මම තවම දන්නෙ නෑ. නමුත් ඔබට පුළුවන් නම් රන්ජන්ට ලියලා බලන්න. සමහර විට එය රන්ජන්ට ලැබේවි. ඔහුගෙ ලිපිනය, රන්ජන් රාමනායක, බන්ධනාගාර රෝහල, ශ්‍රී ලංකා බන්ධනාගාරය, වැලිකඩ.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

මුළු ලෝකෙම වහගෙන වහගෙන යනවා… ලංකාව ඇරගෙන ඇරගෙන යනවා… වෙනදාට වහන්න කියපු පොරවල් දැන් කෝ?

Next Post

ආණ්ඩුව තිත්ත වෙලා ඉවරයි! හැබැයි විකල්පය ඔය කයිවාරුකාරයන් නොවෙයි! (VIDEO & PHOTOS)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.