ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 6400ක් ගැන පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී තමා ප්‍රශ්න කළත් ඊට විසඳුම් නොලැබුණු බවත් මෙම ආයතනය සතුව තැන්පත්කරුවන්ගේ වත්කම් මුදලින් බිලියන 11.6ක් සහ බිලියන 5.5ක වත්කම් ද පවතින බවට 2019 වත්කම් තක්සේරුවකදී හෙළිදරව් වී ඇති බවත් දූෂණ වංචාවකින් තොරව ද ෆිනෑන්ස් ආයතනය ඈවර කර තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පතු ලබා දීම හෝ වෙනත් ආයතනයකට හෝ විදේශ ආයතනයකට බාරකාරීත්වය ලබා දී මේ අහිංසක මිනිසුන්ගේ තැන්පතුවලට සුරක්ෂිතභාවයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. (Sri Lanka Latest News)
ඊට අමතරව මෙම ආයතනය වංචාවකින් දූෂණයකින් තොරව අලෙවි කර තැන්පත්කරුවන් සතු මුදල් ලබා දිය හැකි බවත් මේ ගැන අවස්ථා ගණනාවකදී ඇසුවත් විධිමත් පිළිතුරක් නොමැති බැවින් කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.