• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර ඉන්දියාවේ ඉඳන් ලංකාවට එද්දී යානය පදවපු ගුවන් නියමුවා එළියට ඇවිත් අනුරට කවුරුත් දන්නෙ නැති මාර කතාවක් කියලා! I Sri Lanka Latest News

March 1, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවෙන් අමෙරිකාවට! අමෙරිකාවෙන් ජපානයට! ජපානෙන් ආපහු ලංකාවට!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ නවදිල්ලි සංචාරය පිළිබඳ කිසිදු මාධ්‍යයක පළ නොවූ තොරතුරු කිහිපයක් අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමට පියවර ගත්තෙමු. නමුත් මේ සතිය වනවිට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ තවත් සුවිශේෂ තොරතුරු රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත ලැබී තිබේ. ඉන් පළමු සිදුවීම වාර්තා වන්නේ ජනාධිපතිවරයා නවදිල්ලිය බලා පිටත්වූ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යානය නවදිල්ලි ගුවන් තොටුපළට ගොඩබෑමෙන් අනතුරුවය. වෙනදා නම් විදෙස් රාජ්‍ය නායකයකු නවදිල්ලියට පැමිණි විට ගුවන් යානයෙන් බැස රතු පලස මතින් පැමිණීමෙන් අනතුරුව එරට රාජ්‍ය නායකයා විසින් පිළිගැනීම සාමාන්‍ය සම්ප්‍රදායය. නමුත් එදින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයා වෙනුවෙන් වෙනත් කිසිදු රාජ්‍ය නායකයකුට සිදු නොකරන සුවිශේෂ යමක් සිදුකොට තිබිණි. ඒ, ශ්‍රී ලංකන් ගුවන් යානයේ දොරටුව අසලටම ආරක්ෂකයන් රැගත් විශේෂ රථ පෙළක් ජනාධිපතිවරයා රැගෙන යෑම සඳහා එවා තිබීමය. එමෙන්ම නවදිල්ලි ගුවන් තොටුපළ ඇතුළත ජනාධිපතිවරයා වෙනුවෙන්ම සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද දියත් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා ඉන්දියාවට ගොඩබැසීමේදී පමණක් නොව, යළිත් ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානයට පැමිණෙද්දීද ඒ ආකාරයටම ජනාධිපතිවරයා රැගත් නිල රථ පෙළ ගුවන් යානය අසලටම රැගෙන ඒමට කටයුතු යොදා තිබිණි. සාමාන්‍යයෙන් ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයකුට ඉන්දියාවෙන් එවැනි ආකාරයේ පිළිගැනීමක් මීට පෙර ලැබී නොතිබීම විශේෂිතය.Sri Lanka Latest News

මෙය හොඳටම පැහැදිලි වූයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් යානයේ නැග නැවත ලංකාවට පැමිණෙමින් සිටියදීය. ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ගුවන්ගත වී මොහොතකට පසු ප්‍රධාන ගුවන් නියමුවා යානයේ පාලනය සෙසු පිරිසට භාරදී නියමු කුටියෙන් එළියට පැමිණ ජනාධිපතිවරයා සමග සුහද සාකච්ඡාවක නිරත වීමට පියවර ගත්තේය. එහිදී ගුවන් නියමුවා කිසිවකුත් නොදැන සිටි විශේෂ කතාවක් ජනාධිපතිවරයාට දැනුම දීමට පියවර ගත්තේය.

‘සර් මට හරි ආඩම්බරයි. මේ වගේ විශේෂ සැලකීමක් අපේ රටේ ජනාධිපතිවරයකුට ඉන්දියාවෙන් ලැබිම ගැන. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් යානයකටත් මේ විදිහේ විශේෂ සැලකීමක් ලැබිච්ච පළමුවැනි අවස්ථාව මේක. මීට කලින් මම ජනාධිපතිවරු හයදෙනෙක් අරගෙන ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවක අපේ කිසිම ජනාධිපතිවරයකුට මේ වගේ විශේෂ පිළිගැනීමක් ඉන්දියාවෙන් ලැබුණේ නෑ…’ යැයි කී ශ්‍රී ලංකන් යානයේ ගුවන් නියමුවා ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාද ගුවන් නියමුවාගේ සුබ පැතුම් පිළිගත්තේ ‘ආ… ඇත්තද…?’ යැයි කියමින් මද සිනහවකින් යුක්තවයි.

මෝදිගේ ඉල්ලීම

මීට අමතරව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ප්‍රසිද්ධියේ දැකගන්නට තිබුණාට වඩා බොහෝ දේවල් අප්‍රසිද්ධියේ සිදුව තිබිණි. ඉන් එක් සුවිශේෂ සිදුවීමක් වූයේ ජනාධිපතිවරයාත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියාවාත් අතර පැවැති විශේෂ සාකච්ඡාවය. ප්‍රධාන න්‍යායපත්‍රයට අමතරව මෙම විශේෂ සාකච්ඡාව සංවිධාන කිරීමට මෝදි කටයුතු කර තිබීම නිසා ඊට විශේෂ අවධානයක් යොමුව තිබුණේ නැත. එහිදී ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා වෙනුවෙන් මෝදි මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගෙන් කවුරුත් නොසිතන විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට පියවර ගත්තේය.

‘මම මෙහෙම ඉල්ලීමක් කවදාවත් කරලා නෑ. මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පත්වෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උදව් උපකාර කරන්න ඕනේ….’ යනුවෙන් කියමින් එහිදී මෝදි ජෝජියාවාගෙන් ඉල්ලා සිටිද්දී ජනාධිපතිවරයාද පුදුමයට පත්ව එදෙස බලා සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෝදි වැනි ප්‍රබල නායකයකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒ ආකාරයේ ඉල්ලීමක් කිරීම ජනාධිපතිවරයාත්, ලංකාවත් සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ලබාදුන් සහතිකයක් හා සමානය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී ජෝජියාවා විසින්ද ජනාධිපතිවරයා වෙත විශේෂ කාරණාවක් දැනුම් දී සිටියාය. එහිදී ඇය කියා සිටියේ ලබන මාර්තු මාසයේ මූල්‍ය අරමුදලේ තවත් විශේෂ කණ්ඩායමක් ලංකාවට එවීමට කටයතු කරන බවත්, දැනට අත්හිටුවා ඇති පස්වැනි ණය වාරිකය සහ හයවැනි ණය වාරිකය ලංකාවට හැකි ඉක්මනින් ලබාදීමට සාකච්ඡා අරඹන බවත්ය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

අලු ගසා දමමින් පෙරටුගාමීන් සමග වම ආයෙත් නැගිටියි! මේ දැන් සිද්ධ වෙන දේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පියා අහක බලද්දී දියණියන්ට පියෙක් වූ අලුත්ගම OIC I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.