• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පියා අහක බලද්දී දියණියන්ට පියෙක් වූ අලුත්ගම OIC I Sri Lanka Latest News

March 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
පියා අහක බලද්දී දියණියන්ට පියෙක් වූ අලුත්ගම OIC I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕනෑම දරුවෙක්ගේ ජීවිතේ විශාල කඩඉමක් තමයි සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ. ඉතින් ඒ කඩඉමට මුහුණ දෙන්න තමන්ගේ දරුවා යන මොහොතේ ආදරය ශක්තිය මවුපියන්ගෙන් ලැබෙන්න ඕනෙ. මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයත් සමග ගම් නගර හැම තැනකම පෙනෙන්නේ එකම දසුනක්. සිසු දරුවන් තම මවුපියන් සමග සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න යන අයුරු ද කින්න ලැබෙනවා. ‘බයවෙන්න එපා. හොඳින් විභාගය කරන්න’ කියමින් දරුවන්ගේ හීනවලට ශක්තියක් දෙන මවුපියන් අපිට ඕනෑ තරම් දකින්න ලැබෙනවා. දුවෙකුගේ ජීවිතයේ වීරයා තාත්තායි. ඒ දුව විභාග ශාලාවට ඇරලවමින් ඇගේ අත අල්ලාගෙන යන ඒ තාත්තා, දුවෙකුගේ හදවත තුළ සදා රැඳෙන මතකයක් වෙනවා. නමුත් සෑම දුවකටම එවැනි ආදරයක් හිමි වෙන්නේ නැහැ.Sri Lanka Latest News

පසුගිය 22 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී නිවසට පැමිණි දර්ගා නගරයේ සිසුවියක් හා ඇගේ නැගණිය සම්බන්ධයෙන් ඉතා කනගාටුදායක පුවතක් වාර්තා වුණා. විභාගයෙන් පසු ඔවුන් අසල්වැසි නිවසකට ගොස් යළි නිවසට පැමිණීමට ප්‍රමාද වී තිබුණා. ඔවුන් නිවසේ සිටින බව බලාපොරොත්තු වූ පියා දරුවන් නොමැති බව දැනගත් මොහොතේ සිට කෝපයෙන් පිරී ගියා. ඔවුන් යළි නිවසට පැමිණි විට ආදරයෙන් විමසිය යුතු ප්‍රශ්න වෙනුවට දැඩි පහරවල් මේ පියා විසින් එල්ල කරනු ලැබුවා.
ආදරයෙන් සෙනෙහසින් රැකගතයුතු දියණියන් දෙදෙනාව ඒ පියා විසින්ම වධ හිංසනයට ලක්කර තිබුණා. විභාගයේ ආතතියෙන් බරව තිබුණු ඒ හදවත්වලට තවත් බරක් එක් කළා. අවසානයේ තමන්ට සිදුවූ අසාධාරණය ඉවසා දරාගත නොහැකි වූ දියණිවරු දෙදෙනා අලුත්ගම පොලිසිය වෙත ගියේ තමන්ට සිදුවූ හිංසනය ගැන පැමිණිලි කිරීමටයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අලුත්ගම පොලිසිය සහ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිසුවියන් දෙදෙනා අලුත්ගම රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කළුතර නාගොඩ රෝහල වෙත මාරුකර යැවූ බවද දැනගන්නට ලැබුණා.

තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ මේ දියණිවරු දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති සම්පත් සංජීව මහතා හමුවේ පවසා සිටියා. ඒ මොහොතේ ඔහු ක්‍රියා කළේ පොලිස් නිලධාරියෙකු ලෙස නොව ආදරණීය පියෙකු ලෙසයි. එවැනි නිලධාරීන්ට අප හිස නමා ආචාර කළ යුතුයි.

23 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය පැවතුණා. හදවත වේදනාවෙන් පිරී තිබුණත් හීනය අතහැර දැමීමට ඇය කැමැති වුණේ නැහැ. පොලිස් ජීප් රථයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනකුගේ ආරක්ෂාව යටතේ ඇය විභාග ශාලාව වෙත ගියා. විභාගය පැවැත්වුණේ අලුත්ගම මාලේවන ශ්‍රී ඥානිස්සර මහා විද්‍යාලය තුළයි. එදින දිවා ආහාරය ඇතුළු දියණියට අවශ්‍ය සියලු දේ ලබාදුන්නේ අලුත්ගම පොලිසියේ නිලධාරීන් විසින්. එය රාජකාරියක් පමණක් පමණක් නොව, මානුෂීය කාර්යයක්ද වුණා. විභාගය අවසන් වූ පසු ඇය නැවත රෝහල වෙත භාරකිරීමට එම නිලධාරීන් පියවර ගත්තා. ඒ අතර ඇගේ නැගණියද ප්‍රතිකාර ලබමින් සිටියා. මෙම දියණියන්ගේ මව ඔවුන් අතහැර ගොස් ඇති බවද දැනගන්නට ලැබුණා. මේ දියණියන් ජීවත්වූයේ පියා සමගයි. පහරදී සැඟව සිටි පියා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දරුවකුගේ හදවතට දැනෙන තුවාලය ශරීරයේ තුවාලයකට වඩා ගැඹුරුයි. විභාගයකට යන දුවෙකුට පුතෙකුට අවශ්‍ය වන්නේ මවුපියන්ගේ ආශීර්වාදයයි. ‘හොඳට විභාගය ලියන්න පුතේ’ කියන වචනයක්. ඒ වචන වෙනුවට ලැබුණේ හද පාරවන පහර කිහිපයක්. නමුත් ඒ පහරවලින් ඇගේ හීනය බිඳී ගියේ නැහැ. ඇය හොඳින් විභාගයට මුහුණ දුන්නා.
නිවසක් කියන්නේ දරුවෙකුට ආරක්ෂාව ලැබෙන තැන. ඒ තැනේදි දරුවෙක් භීතියට පත්වීම කිසිසේත්ම නොවිය යුත්තක්. එහෙත් ඒ නිවස දරුවන්ට බියකරු ස්ථානයක් බවට පත්වන විට ඒ ගැන සමාජයේම අවධානය යොමුවිය යුතුයි.

විභාගයක් යනු දරුවකුගේ අනාගතය විවෘත වන දොරටුවක්. ඒ දොරටුව ඉදිරියේ ඔවුන්ට අවශ්‍ය වන්නේ විශ්වාසය, ධෛර්යය සහ ආදරයයි. පියෙක් කෝපයෙන් දැවෙමින් එක මොහොතක ගත් තීරණයක් නිසා අහිංසක දරුවකුගේ ජීවිතයට සුව නොවන මානසික කැළලක් ඇතිවිය හැකියි. අද අප සියලු දෙනාම අපෙන්ම ප්‍රශ්නයක් ඇසිය යුතුයි. ඒ ප්‍රශ්නය තමයි, දරුවන්ට අපි උරුම කරන්නේ බියද නැතිනම් ශක්තියක්ද කියන එක.

අද සමාජයට මේ කතාව කියා දෙන්නේ එකම පණිවුඩයක්. දරුවන්ට විනය අවශ්‍යයි. නමුත් ඊට වඩා දරුවන්ගේ පෞරුෂ වර්ධනයට අවශ්‍ය වන්නේ මවුපියන්ගේ ආදරය, කරුණාව සහ සෙනෙහසයි. පොලිස් නිලධාරීන් පියකුගේ භූමිකාව හරි ආකාරව ඉෂ්ට කළා. එයින් අපට මතක් කරදෙන්නේ දරුවකුගේ හීනය කවදාවත් පහරකින් මැරෙන්නේ නැති බවයි. දරුවන්ගේ අහිංසක හීන බිඳ නොදමන්න. ඒ හීනවලට ආදරයෙන් පියාපත් උරුම කරදීම සෑම මවකගේම පියෙකුගේම වගකීමකි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අනුර ඉන්දියාවේ ඉඳන් ලංකාවට එද්දී යානය පදවපු ගුවන් නියමුවා එළියට ඇවිත් අනුරට කවුරුත් දන්නෙ නැති මාර කතාවක් කියලා! I Sri Lanka Latest News

Next Post

පිරිමි ළමයිගෙන් මට හොඳ ප්‍රතිචාර තියෙනවා…! වෙනස් දේවල් කරලා මගේ උපරිමය දෙනවා…! ඒක වෙනස් අත්දැකීමක්…! නිම්මි මනෝහාරි I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.