ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය ලබාදෙන බව ජනාධිපතිවරයා විදෙස් තානාපතිවරුන්ට කියා ඇති බව වාර්තා වෙනවා.
ගෝඨාගෝගම සම්බන්ධව මතුකළ ප්‍රශ්න වලදී ජනාධිපතිවරයා කියා ඇත්තේ ආරක්ෂක අංශ විසින් එම ගම ඉවත් කර නොමැති අතර වැරදි සමාජ මාධ්‍ය වාර්තා පළ වන බවයි.
සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීමට මෙම හමුව පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ.










