කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ‘අංක 04’ ස්වාධීන කණ්ඩායම තුල මතභේදයත් ඇති වී තිබේ.Sri Lanka Latest News
එම නගර සභාවට තරග කල ස්වාධීන කණ්ඩායම් අංක හතර අපේක්‍ෂකයන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ඔවුන් ආණ්ඩුවට සහය දීමට තීන්දුව ගැනීම සම්බන්ධයෙන් තම කණ්ඩායම සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවයි.
ඔවුන් හැර එම ස්වාධීන කණ්ඩායමේ සියලු දෙනාම ජාතික ජාතික ජන බලවේගයට සහාය ලබා දීමට විරෝධය පළ කරන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවේ ඔවුන් පැවසූහ.
ඔවුන් දෙදෙනාද ආණ්ඩුවට සහාය දීමට එක් වූයේ මුදල් ලබාගෙන දැයි සැකයක් මතුව තිබෙන බවත් එම මාධ්‍ය හමුවේදී ඔවුන් අදහස් පළ කළහ.










