ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමත් සමග ජනතා විමුක්ති පෙරමුණ කිසිදු සන්ධානයකට නොයන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඩලස් කණ්ඩායම කෙටි කාලයක් තිස්සේ සාකච්ඡාවක් සදහා තම පක්ෂයෙන් වේලාව ඉල්ලා සිටි බවත්, ඊට අනුව වේලාව ලබා දුන් බවත් දිසානායක මහතා කියා සිටියේය.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණය හෝ ඊට අදාළව පෙරමුණක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියේ නම් කෙසේවත් අලහප්පෙරුම මහතාට වෙලාවක් ලබා නොදෙන බවය.
එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ සහ මැතිවරණ නොපවත්වා සිටීම සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම සාකච්ඡා පැවැත්වීම යනු ඔවුන් සමග ලැගීමක් නොවන බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ සහ ජනතා නිදහස සභාව අතර පසුගියදා ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවිය.