කිලෝ තුනහමාරක රන් සහ ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන විත් හසුවූ ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා 6 වතාවක් ඩුබායි බලා ගොස් ඇති බව වාර්තා වේ.
මේ සෑම අවස්ථාවකදීම ඒ මහතා ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තය භාවිත කර ඇති බව දැනගන්නට ඇත.
මෙම රත්තරන් යහළුවකුගේ බව කියා සිටියද බලධාරීන් විසින් රහීම් ඩුබායි වෙළෙදසැල්වලින් රන් මිලදී ගත් රිසිට් පත් පවා සොයාගෙන ඇති බව දැනගන්නට ඇත.








