ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ මූල්‍ය සේවා සපයන්නකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙහි සන්නාම තානාපතිවරුන් ලෙස මෙරට ජනප්‍රිය සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අස්සන් තබන බවට එම සමාගම නිවේදනය කර ඇත.
සමාගමෙහි සේවාවන් පුළුල් පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීම සහ එහි ඉදිරි පැවැත්ම ශක්තිමත් කිරීම මෙමගින් අරමුණු කොටගෙන ඇත.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එක්දින සහ ටෙස්ට් උපනායක ලෙස කටයුතු කරන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ආක්‍රමණශීලී පිතිකරණය සහ ප්‍රබල දඟපන්දු යැවීම සඳහා ප්‍රසිද්ධියට පත් අතර, මෑතකාලීනව කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් අතිශයින් වැදගත් වූ ක්‍රීඩකයකු විය. එසේම සුවිශේෂ පන්දු යවන්නෙක් ලෙස තමාටම ආවේණික නමක් දිනාගත්, එකම ඕවරයකදී දකුණතින් සහ වමතින් පන්දු යැවීමේ සුවිශේෂ හැකියාවක් සහිත කමිඳු මෙන්ඩිස් පන්දු යැවීම වෙනුවෙන් ජාතික කණ්ඩායමට නවතම බලාපොරොත්තුවක් එක් කරයි.
මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර අතිශය පිළිගැනීමට සහ ගෞරවාදරයට පාත්‍රවූ ක්‍රීඩකයන් දෙදෙනකු මෙලෙස පීපල්ස් ලීසිං සමග අත්වැල් බැඳගැනීම වැදගත් පියවරක් වන අතර, සන්නාම තානාපතිවරුන් ලෙස ඔවුන් විවිධ අලෙවිකරණ සහ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු මෙන්ම විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සහ මෙම ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වූ හවුල්කාරිත්වය මෙරට ක්‍රිකට් ප්‍රජාවට පමණක් නොව ඉන් ඔබ්බට ප්‍රබල බලපෑමක් ඇති කරන බව නිසැකය. සන්නාම තානාපතිවරුන්ගේ සහයෝගයද සමගින් සමාගම සිය ගනුදෙනුකරුවන් වෙත නව්‍ය සහ විශ්වසනීය මූල්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයටද දායක වනු ඇත.










