ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත්ගේ පුත් රනුක් ජයසූරිය UK WIMBORNE ක්‍රිකට් සමාජය සමග ගිවිසුම් ගත වී ඇත.
නව ඩෝසෙට් ක්‍රිකට් ලීග් වාරය සති අන්තයේ ක්‍රියාත්මක වන අතර රනුක් ඊට එක්වී තිබේ.
16-හැවිරිදි රනුක් විම්බෝන් හට The Leaze හි ප්‍රිමියර් අංශයේ දී Sherborne ට එරෙහිව කඩුලු 8 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට උදව් විය.
පිතිහරඹය ආරම්භ කළ රනුක් ජයසූරිය පන්දු 60කදී අර්ධ ශතකයක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමට Minstermen කණ්ඩායමට සහය විය.
ඔහු සිය ඉනිමට හතරේ පහර 6ක් එල්ල කර ලකුණු 51කට දැවී ගියේය.










