• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවස්ථාවත් එක වගේමයි! අරමුණත් එක වගේමයි! මේක තමයි දෙවැනි මහබැංකු මංකොල්ලය! ජනාධිපතිවරණෙට සල්ලි හොයාගන්න සැලසුම්සහතගව කරපු වැඩක්! වීසා ලබා දීම VFS සමාගමට පැවරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි! ගනුදෙනුව පසුපස ඇති දැවැන්ත මුදල් මංකොල්ලය ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් රටට හෙළිකරයි!  I Sri Lanka Latest News

May 8, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්පූර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවලියක් බවත්, එය රටේ සිදුවුණ දෙවැනි මහ බැංකු මංකොල්ලය බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය G.L පිරිස් මහතා පැවැසීය.Sri Lanka Latest News

එමෙන්ම ආගම විගමන පනත අනුව ශ්‍රී ලංකාකියන්ගේ විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කටයුතු තෙවැනි පාර්ශ්වයකට ලබාදීමට බලයක් නැති බවත් එසේ සිදුකරනවානම් ආගම විගමන පනත සංශෝධනය කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පී.වී ගුණතිලක මහතා පත්කළ ඇගයීම් කමිටුව පවසා ඇති බවත් මහාචාර්ය G.L පිරිස් මහතා කීය.

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය GBS Technology Services & IVS Global කියන සමාගමට පැවරීම හරහා වාර්ශිකව එම සමාගමට ඩොලර් මිලියන 46 ක් (කෝටි 1350 ක) ලාභයක් ලැබෙන බවත් මහාචාර්ය G.L පිරිස් මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු අමාත්‍ය මහාචාර්ය G.L පිරිස් මහතා මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය G L පිරිස් මහතා මෙසේ පැවැසීය,

‘‘වීසා අර්බුදය ගැන රටපුරාම කතාබහක් ඇතිවෙලා තිබෙනවා.  මේක දෙවැනි මහ බැංකු මංකොල්ලය. අවස්ථාවත් එකවගේමයි. අරමුණත් එකවගේමයි. අවුරුදු 9 කට පෙර 2019 දී යහපාලන රජයේ අගමැති ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා.

මැතිවරණය සඳහා මුදල් සොයා ගැනීම සඳහා තමයි මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවේ. වර්තමානයේ ජනාධිපතිවරණය පැමිණෙනවා. ඒ සඳහා මුදල් සොයාගැනීමට නොයෙක් නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. ඒ මුදල් ප්‍රමාණය ජනතාවගෙන් කොල්ල කෑමට තමයි වීසා අර්බුදය සැලසුම්සහගතව සංවිධානය කරලා තිබුණේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසා නිකුත් කළා. එහිදි කිසිදු ගැටලුවක් ඇතිවුනේ නෑ. ක්‍රමාණුකූලව ඒ වැඩකටයුතු සිදුවුණා. ඒක මුලික වශයෙන් වෙනස් කිරිමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. නමුත් රජය විසින් හදිසියේම වීසා ලබාදෙන වැඩපිළීවෙල වෙනස් කළා. ඊට පස්සේ තමයි විසා අර්බුදය පටන් ගත්තේ.
වීසා සැකසිමේ බලය GBS Technology Services & IVS Global කියන සමාගමට පවරලා දුන්නා. ඒ අනුව විශාල මුදලක් ඒ සමාගමට ගෙවන්න ඕන. සේවා ගාස්තු ලෙස ඩොලර් 18.50 පහසුකම් ගාස්තු ඩොලර් 7.20 ක් ගෙවන්න ඕන. ඒ අනුව සෑම විසාවකටම ගෙවන්න ඕන ඩොලර් 25.70 ක්.

අපේ රටට ඇතුළු විම සඳහි විසා එකක් ඉල්ලන ඕනෑම කෙනෙක්ට මේ අමතර මුදල ඩොලර් 25.70 ක් ගෙවන්න සිදුවෙනවා. මීට පෙර එම මුදල ගෙවන්න සිදුවුණේ නෑ. අලුත් තීරය නිසා රටට එන සංචාරකයන්ට ඩොලර් 25.70 ක් ගෙවන්න සිදුවෙනවා. රජය තක්සේරු කරනවා අවුරුද්දකට සංචාරකයන් මිලියන 2 ක් පැමිණෙයි කියලා. ඒ අනුව ලැබුවාම වාර්ශිකව GBS Technology Services & IVS Global කියන සමාගමට ලැබෙනවා වාර්ශිකව ඩොලර් මිලියන 46 ක්. ලංකාවේ මුදල් වලින් කෝටි 1350 ක්. විදේශීය සමාගමට වාර්ශිකව සල්ලි වරුසාවක් ලැබෙනවා. GBS Technology Services & IVS Globalකියන සමාගමට විශාල ධනස්කන්දයක් ලබාගැනීමට ආණ්ඩුව මාර්ගය සකසා දෙනවා.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් තිබෙනවා කියලා රජය කියනවා. නමුත් සංචාරක ඇමැතිවරයා කියනවා ඒ ගැන දන්නේ නෑ කියලා. කැබිනට් මණ්ඩලය තිරණයක් ගත්තත් ඒ සම්බන්ධයෙන් විනිවිධභාවයක් තිබිය යුතුයි. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඒ සම්බන්ධයෙන් තිබිය යුතුයි. GBS Technology Services & IVS Global කියන සමාගම තවත් රටවල මෙම කටයුත්ත සිදුකරනවා. නමුත් වීසා සකසන එකම සමාගම මොවුන් නෙවෙයි. SLT Mobitel සමාගමේ ඉහළ සුදුසුකම් තිබෙන ඉංජිනේරුවන් 600 කට වඩා සිටිනවා. ඒ සමාගමටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළු වෙන්න අවස්ථාවක් ලබාදෙන්න තිබුණා. අඩු මුදලික් ගුණාත්මක සේවාවක් ලබාදෙන්නේ කවුරුන්ද කියලා ඒ අනුව සොයා බලන්න පුලුවන්. නමුත් එසේ සිදුකළේ නෑ.

වීසා සැකසිමේ බලය GBS Technology Services & IVS Global කියන සමාගමට පැවරිම හරහා අවාසි 4 ක් සිදුවුණා.

වීසා ලබාගැනීමට වැඩිපුර මුදලක් ගෙවන්න සිදුවීම. සංචාරක ක්ශ්‍රේත්‍රයේ තිබෙන්නේ තරඟකාරි තත්ත්වයක්. බොහො කාලයකට පසුව ලංකාවේ සංචාරක කර්මාන්තය නැගී සිටින්න උත්සහ කරන මොහොතක් තිබෙන්නේ. රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න සංචාරක කර්මාන්තය හැකියාවක් ලැබිලා තිබෙනවා. එසේ තිබියදී ලංකාවට එන සංචාරකයන්ගේ වීසා ගාස්තුව වැඩි කරනවානම් ඒකෙන් වෙන්නේ සංචාරක කර්මාන්තයට බාධාවක්.

වීසා ලබාගැනීමේ ව්‍යාකූල සංකීරණ නිසා සංචාරකයන්ට ලංකාවට පැමිණීම දුක්ෂකර වෙනවා. ඒ හරහා සංචාරක කර්මාන්තයට අසීරු තත්ත්වයක් ගොඩනැගෙනවා.

රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුවෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඇගයීම් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව වගකිමක් තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් ඇගයීම් කමිටුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පත් කරලා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පී වී ගුණතිලක විසින් ඇගයීම් කමිටුව පත් කරනු ලැබු කමිටු. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ටී වී ඩී දමයන්ති එස් කරුණාරත්න, ආගමන විගමන පාලන ජනරාල් අයි එස් එච් ජේ ඉලුක්පිටිය, රාජ්‍ය පරිපාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චම්පික රාමවික්‍රම, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම් පී ඩී පී පතිරණ සහ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම් ආර් ජී ඒ මුතුකුඩ යන මහත්ම මහත්මීය එම කමිටුවේ සාමාජිකයෝය. මේ ඇගයිම් කමිටුව පත් කරන්නේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට. වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළින් සංවේදී තොරතුරු විදේශීය සමාගමට ලැබෙන බව මෙම කමිටුවේ නිලධාරින් කියනවා.

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් නීති විරෝධියි. එය ශ්‍රී ලංකා නීතියට පටහැනි වැඩපිළි‍වෙළකට තමයි රජය අවතීර්ණය වෙලා තිබෙන්නේ. ඒ සඳහා ආගම විගමන පනත අනුව ශ්‍රී ලංකාකියන්ගේ විදෙස් ගමන් බලපත්‍රය සැකසිමේ කටයුතු තෙවැනි පාර්ශ්වයකට බලයක් නැති බවත් එසේ සිදුකරනවානම් ආගම විගමන පනත සංශෝධනය කළ යුතු බව ඇගයිම් කමිටුව පවසනවා.

ආණ්ඩුව විදේශීය සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ගිවිසුම අනුව විශාල මුදලක් විදේශීය සමාගමට ගෙවන්න ආණ්ඩුව බැඳි සිටිනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක වන ගිවිසුමක්නම් විදේශීය සමාගමට අයිතිවාසිකමක් ලැබෙනවා. ගිවිසුම වෙනස් කරනවානම් කවුද වන්දි ගෙවන්නේ. කවුද ඒ වන්දිය ගෙවන්නේ. විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය සහ මහජනතාව මැදිහත්වුණ නිසා රජයට මේ මංකොල්ලය කරන්න නොහැකි වුණා.

වීසා ප්‍රශ්නය ගැන රජයේ නිලධාරින් මතයක් ප්‍රකාශ කරනවානම් ඔවුන්ට දඩුවම් කරන බව ආණ්ඩුව කියනවා. බයකරලා මර්දනය කරලා හොරකම් කිරිමේ වැඩපිළිවෙලක් තමයි රජය සකස් කරන්න යන්නේ. මේ මහජන මුදල් මේ ආකාරයට විනාශ කරන රජයේ මගඩිය ගැන රජයේ නිලධාරින් හෙළි කරනවානම් ඒ නිලධාරින් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටිනවා.‘‘

SendShareShare
Previous Post

කොළඹ නගරාධිපති වෙන්න මන්ත්‍රී ධූරය කැප කරපු මුජිබර් රහුමාන්ට ඩයනාගෙන් හිස්වූ ජාතික ලයිස්තු ධූරය දෙන්න තීන්දුයි! I Sri Lanka Latest News

Next Post

අලි ලෙඩකුත් දාගෙන නමත් කැත කරගෙන VFS සමාගම වීසා කේස් එකෙන් ඉවත් වෙන්න තීන්දු කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.