ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව 11 ක රැස්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ, බොහෝ දේ සාකච්ඡා කර ඒකමතික තීරණයන්ට එළැඹි බවයි.
ඇයි ඒවා ඒ්කත් ඇතුළත් ඒකත් ඇතුලත් තවත් බොහෝ දේවල් ගැන කතා කරලා අපි ඒකමතිකභාවයකට ආවා. බලාගාරයේ ගිවිසුමට විරුද්ධ අය ඉන්නේ.
මෙහිදී මාධ්‍යවේදීන් වාසුදේව නානායක්කාර මහතා වෙත තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කළේ ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය : නමුත් ඒක අත්සන් කරලා ඉවරයි නේද ?
පිළිතුර (වාසුදේව නානායක්කාර) : ඉවර නෑ… කිසිදෙයක් දේශපාලන බලය මතයි මේ සියල්ල ඉවර වෙන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය : එතකොට මේ මොකක්ද ආණ්ඩුවට කියන්න හදන්නේ
පිළිතුර (වාසුදේව නානායක්කාර) : ආණ්ඩුවට මුකුත් කියන්නේ නැහැ. අපි කියන දෙයක් කියන්නේ මේ රටේ මිනිස්සුන්ට.
මාධ්‍යවේදී ප්‍රශ්නය : ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළා නේද ඔබ තුමන්ලා එක්ක තියෙන සාකච්ඡාව
පිළිතුර (වාසුදේව නානායක්කාර) : එතුමා ප්‍රතික්ෂේප කළා නම්, අපිට එතුමා එකක් බලෙන් එතුමා එක්ක සාකච්ඡා කරන්න බැහැ නොවෑ. ඉතින් අපි මහජනයා එක්ක සාකච්ඡා කරනවා.