ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ දී ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා ගිය දෙදෙනකු මිලිටර් නමය පිස්තෝලයක් හා හා පතුරම් දහයක් සමග යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.Sri Lanka Latest News
ඔවුන් ඊයේ රාත්‍රී යතුරු පැදියකින් අදාල පුද්ගලයාගේ වෙළෙඳසල ආසන්නයේ රැක සිටින අතරතුර මෙසේ අත්අඩංගුවට පත් වී ඇත.
ඔවුන්ට ඉලක්ක වූ පුද්ගලයා දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකුගෙ හිතවතෙකු බවත් අනාවරණය වී ඇති අතර ඔහුට විදේශගතව සිටින වෙනත් සංවිධානාත්මක අපරාධ කරුවෙකු විසින් දුරකතනයෙන් මරණීය තර්ජනය සිදුකර ඇති බවත් ඒ සම්බන්ධව ඇල්පිටිය පොලීසියේ පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් යුද හමුදාවෙන් ඉවත් වූ අයෙක් සහ අනිත් පුද්ගලයා දැනට සක්‍රිය සේවයේ යෙදෙන යුධ හමුදා සෙබළකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර දෙදෙනා පාතාල නායක රත්ගම විදුරගේ ගෝලයන් දෙදෙනකු බව මේ වන විට අනාවරණයවී ඇති බව ද පොලීසිය කියයි.