• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුරා රජයේ රෝහල්වල පියයුරු සායන 30ක්! ජනාධිපති මාධ්‍ය අංශයෙන් අලුත් වැඩක්! I Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට පුරා රජයේ රෝහල්වල පියයුරු සායන 30ක්! ජනාධිපති මාධ්‍ය අංශයෙන් අලුත් වැඩක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මුළු දිවයිනම ආවරණය වන පරිදි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කළ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසීය.Sri Lanka Latest News

පියයුරු පිළිකා වැළඳීම වළක්වා ගත නොහැකි වුවත් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළේ පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ‘වන්- ඕ- වන් කතා’ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය එරංග හසරැලි ප්‍රනාන්දු මහත්මිය

ලෝකයේ මෙන්ම , මෙරටද කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. පුර්ෂ පක්ෂයට පියයුරු පිළිකා නොවැළ‍ඳෙන බව එයින් අදහස් වන්නේ නැහැ . නමුත් කාන්තාවක් වීම කියන සාධකය පියයුරු පිළිකාවක් වැළඳීමට ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ අනුව කාන්තාවකට පියයුරු පිළිකාවක් වැළඳීමට, පිරිමි පාර්ශවයට සාපේක්ෂව සිය ගුණයක අවදානමක් තිබෙනවා.

ඒ වගේම 80%කටත් වැඩි ප්‍රමාණයක් පියයුරු පිළිකා වාර්තා වන්නේ අවුරුදු 50 ට වැඩි වයස් කාණ්ඩයෙනුයි. පවුල තුළ පියයුරු පිළිකා ඉතිහාසයක් තිබීමත් මෙහි තවත් එක් සාධකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ජාන විකෘතිතා හරහා පියයුරු පිළිකා වැළඳීමේ 15%ක පමණ අවදානමක් තිබෙනවා . පෙර පියයුරු පිළිකාවක් ඇති වූ අයකුටත් නැවත පියයුරු පිළිකා ඇති වීමටත්, දරුවන් නොමැති මෙන්ම පළමු දරුවා වයස අවුරුදු 30 ට පෙර නොලැබූ කාන්තාවන්ටත් පියයුරු පිළිකා ඇති වීමේ අවදානම තිබෙනවා. එසේම වයස අවුරුදු 11ට පෙර වැඩි වියට පත්වන අය වගේම, ආර්ථවහරණය වයස අවුරුදු 55ට පසු සිදු වීමත් අවදානම් සාධකයක් වෙනවා. මේ කිසිවක් අපට වෙනස් කළ නොහැකියි.

මේ සියළු සාධකවලට හේතු වන්නේ සිරුරේ තිබෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරොන් හෝමෝනයි. එම හෝමෝන සහිත උපත් පාලන පෙති දීර්ඝ කාලීනව ලබා ගැනීමේදී පියයුරු පිළිකා ඇති වීමේ අවදානමක් තිබෙන නමුත් මේ වන විට හෝමෝන මිශ්‍ර කර උපත් පාලන පෙති නිපදවමින් මෙම අවදානම අවම කර තිබෙනවා.
ඉහත සාධක වෙනස් කළ නොහැකි වුවත් ආර්ථවහරණයෙන් පසු ඇති වන අධි බර, ආහාර රටාව , ව්‍යායාම , මත්පැන් සහ දුම්වැටි භාවිතය වැනි වෙනස් කළ හැකි සාධක කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීමට හැකියාව තිබෙනවා.
පියයුරු පිළිකාවක් කල් ඇතුව හඳුනා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් ස්වයං පියයුරු පරීක්ෂාවට යොමු වීමයි. එය සෑම මාසයකම නියමිත දිනයකදී සිදු කළ යුතුයි. සෞඛ්‍ය ආයතන හරහා මේ පිළිබඳව දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කරනවා.

ස්වයං පියයුරු පරීක්ෂාව පුරුද්දක් ලෙස සිදු කිරීමේදී වේදනාවක් සහිත හෝ රහිත අලුතින් ඇතිවන ගැටිත්තක්, සමේ ඝන වීමක්, පැහැයේ වෙනස් වීමක්, හැඩයේ වෙනසක් , තන පුඩුවලින් යම්කිසි ශ්‍රාවයක් පිට වීම, තන පුඩුව ගිලී යාම වැනි අලුතින් ඇතිවන වෙනස්කම් පහසුවෙන් හඳුනා ගත හැකියි. ඒ වගේම පියයුරේ පමණක් නෙවෙයි කිහිල්ල ආශ්‍රිතව යම් කිසි ගැටිත්තක් අලුතින් ඇති වී තිබෙනවා නම් ඒ පිළිබඳවත් සැළකිලිමත් විය යුතුයි.
මෙවන් රෝග ලක්ෂණයක් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. මෙහිදී සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා පවත්වා ගෙන යන “සුවනාරී සායන” සඳහා යොමු විය හැකියි. ඊට අමතරව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නා‍රාහේන්පිට, රත්නපුර, මාතර, මඩකලපුව සහ යාපනයේ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන 05ක් ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු යටතේ පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කර තිබෙනවා. මේ ඕනෑම ස්ථානයකට හෝ රෝහලකට වහාම ගොස් අවශ්‍ය පරීක්ෂණ සිදු කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මන්ද පියයුරු පිළිකා වැළඳීම වළක්වා ගත නොහැකි වුවත් කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි.
ශ්‍රී ලංකාවේ වගේම ලෝකය පුරාත් සංඛ්‍යාත්මකව පිළිකා රෝගීන් වැඩි වෙමින් පවතිනවා. 2020 වසරේ මෙරට දත්තයන්ට අනුව නව පිළිකා රෝගීන් 37,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අතරින් 20,000 කට අධික සංඛ්‍යාවක් කාන්තාවන්. මේ අතරින් බහුලම පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි. 2020 වසරේ එම සංඛ්‍යාව පන් දහස ඉක්මවා තිබෙනවා. කාන්තාවන්ගේ පිළිකා අතර 26%ක් පියයුරු පිළිකා බව හඳුනා ගෙන තිබෙනවා. ලෝක තත්ත්වය සැලකීමේදී 2020 වසරේ දී ලොව පුරා පියයුරු පිළිකා රෝගීන් මිලියන 2.2ක් වාර්තා වී තිබෙනවා. පියයුරු පිළිකා හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 6, 85,000ක් වෙනවා. 2019 වසරේ දී ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකා හේතුවෙන් 784 ක් මියගොස් තිබෙනවා. ඒ අතරින් 18 දෙනකු පිරිමි පාර්ශවය බවත් කිව යුතුයි.
අනෙකුත් වළක්වා ගත හැකි පිළිකා තත්ත්වයන්ට බොහෝ සේ හේතු වන්නේ අයහපත් ආහාර රටාවයි. හැකි තාක් ක්ෂණික ආහාරවලින් ඈත් වීම ඊට හොඳම විසඳුමයි. පාන් පිටි පිළිකා කාරකයක් නොවූවත්, එමඟින් සිරුරේ බර වැඩි වීම ඇතැම් පිළිකාවලට හේතුවක් වෙනවා. වැඩිහිටියෙකු නම් දිනකට පැය භාගය බැගින් සතියට දවස් 05ක් හොඳින් දාඩිය දමන තුරු ව්‍යායාම කළ යුතුයි. ඒ වගේම පුවක් සහ දුම්කොළ යන දෙවර්ගයම පිළිකා කාරක බව මතක තබා ගත යුතු වෙනවා. ඒවා භාවිතයෙන් ඉවත් වීම තුළින් පිරිමි පාර්ෂවයට ප්‍රධාන වශයෙන් හට ගන්නා මුඛ හා පෙනහළු පිළිකා වළක්වා ගත හැකියි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-08

SendShareShare
Previous Post

ලයිට් බිල වැඩි කරන්න කංචනට හදිස්සි වුණාට උපයෝගිතා කොමිසම හදිස්සි ‌නොවෙයි! කල් ගන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

ඇල්පිටි ව්‍යාපාරිකයකු මරන්න බයික් එකකින් ආ දෙන්නෙක් පිස්තෝලයත් එක්කම අත්අඩංගුවට ගනී! එකෙක් හමුදාවේ ඉන්න අයෙක්! අනෙකා හමුදාවේ හිටපු එකෙක්! දෙන්නාම රත්ගම විදුරගේ ගෝලයෝලු! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.