• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කැලණි පාලම ගාව ගස් වවන්න පටන් ගනී! බලාගැනීම දහම් පාසල් සිසුන්ට පවරයි! I Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුරගේ Clean Sri Lanka සහ ලී ක්වාන් යූගේ Keep Singapore Clean සමානද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.Sri Lanka Latest News

සීමාසහිත කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන “තුරු කැපකරු” ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ වෙමින් අදට (30) යෙදී ඇති ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ සිටියි.

ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.

මෙතෙක් පැවතී සියලු රජයන් විවිධ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කළද එය කෙතරම් දුරට සාර්ථක වුවාද යන්න ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනතා සහභාගීත්වය සහිත වැඩසටහනක් බැවින් මෙම වන වගා ව්‍යාපෘතියද ඉදිරියේදී තිරසර ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව සඳහන් කළේය.

මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ හරිත නගර සංකල්පය සමඟ අද නාගරික වනාන්තර පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති බවයි.

එම අරමුණු යථාවත් කර ගැනීමේදී ජනතාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවට වගකීම් පවරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව පැවසීය.

එසේම අද තිරසර පරිසර පද්ධතියක් වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අනුර කරුණාතිලක මහතාද මීට එක්ව සිටි අතර නාගරීකරණය සමඟ එක් පසෙකින් ජිවිතය පහසු වන විට, අනෙක් පසින් බොහෝ දේ අහිමි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වැනි නාගරීකරණය සමඟ ඇතිවී ඇති අහිතකර ප්‍රතිවිපාකයන්ට අද අපේ රටටද මුහුණ දීමට සිදුව තිබෙන අතර ඊට විසදුම් සෙවීමේදී මෙවන් නාගරික වනාන්තර ව්‍යාපෘති ඉතා වැදගත් බව ඔහු කියා සිටියේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් කලමනාකරු එස්.සී. වීරසේකර සහ ජනාධිති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද උත්සව සභාව ඇමතුහ.

ප්‍රදේශයේ මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් ජයවර්ධන, PE-plus පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් අමරසිංහ යන මහත්වරු සහ කොළඹ නාගරික කොමසාරිස්, පෑලියගොඩ නාගරික කොමසාරිස් ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ යුද හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-03-30

SendShareShare
Previous Post

එදා විපක්ෂයේ ඉද්දී දවස ගානෙ උද්ඝෝෂණ වැඩවර්ජන කළා! අද ඒ අය බලයට ඇවිත් උද්ඝෝෂණවලට පන්න පන්නා ගහනවා! ඔන්න මාලිමා ආණ්ඩුවේ කෙරුවාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මියන්මාරයේ දහස් ගණනක් මියගිය භූකම්පනය අස්සේ ටොංගා රාජ්‍යයේත් දරුණු භූකම්පනයක්! ලෝකෙට මොකද්ද මේ වෙන්න යන්නේ?  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.