මෙරට වැඩිහිටි හා විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ ගණනක් සිටින බවත් ඔවුන් ඉතා අමාරුවෙන් ඔවුන්ගේ ඉපැයීම් ඉතුරු කර තැන්පතුවලට දමා 15% පොළී අනුපාතයක් ලබා ඉන් ජීවත් වූ වුවත් මෙම පොළි අනුපාතය 8%, 7% අඩු කිරිම නිසා ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් මේ නිසා ඔවුන්ට හරියට ජීවත් විය නොහැකි නිසා නැවතත් 15%ක තැන්පතු පොළිය ලබා දෙන්න ඉල්ලා සිටින බවත් මෙම ගැටලුව අවස්ථා කිහිපයකදීම යොමු කළ අවස්ථාවේ දී රජයේ අවධානය යොමු කරනවා කිව්වත් තවමත් යොමු නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. (Sri Lanka Latest News)
පසුගිය ආණ්ඩු මෙම පොලී අනුපාත ලබා දීම සඳහා බැංකු පද්ධතියට මුදල් ප්‍රතිපූර්ණය කළ බවත් ඒ තුළින් ස්ථාවර 15%ක පොළියක් ලැබුණු නිසා මෙම පොලී අනුපාතය වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලබා දිය යුතු බවත් මේ පොලිය නොමැති නිසා ඔවුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. එසේම මෙය ක්‍රියාවට නංවන දිනය අද හෙටම පාර්ලිමේන්තුවට සහ රටට හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.