වැට් බද්ද 18% දක්වා ඉහළ නංවනවාට විරෝධය පළ කරමින් හෙට (11) දිනයේදීත් පොහොට්ටුවේ අතිබහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවාරයට නොපැමිණීමට තීන්දු කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
අද දිනයේදී මෙම වැට් බදු වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණත් පොහොට්ටුවේ මැතිඇමැතිවරුන් 20ක්වත් පාර්ලිමේන්තුවේ නොසිටීම හේතුවෙන් සභාව හෙට දිනය දක්වා කල් තැබීමට පියවර ගෙන තිබිණ.
නමුත් හෙට දිනයේදීද පොහොට්ටු මන්ත්‍රීවරුන් සභා ගැබට නොපැමිණීමට තීන්දු කොට ඇති බවක් දැනගන්නට ඇත.