මේ දිනවල ස්වාධීනව සිටින පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා අලුත් දේශපාලන පිම්මකට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, තමන්ට හුරුපුරුදු ගම්පහ අතහැර පුත්තලම දිස්ත්‍රික්කය තෝරා ගැනීමට ලන්සා තීන්දු කර තිබීම හරහාය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ලන්සා පුත්තලමෙන් තරග කිරීමට තීන්දු කර ඇති බවක් දැනගන්නට තිබේ. Sri Lanka Latest News
මෙසේ ලන්සා ගම්පහ අතහැර පුත්තලමට යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා සමග ඇති සමීප දේශපාලන හිතවත්කමය. ඒ අනුව ලන්සාගේ සැලසුම් වී ඇත්තේ ලක්ෂ්මන් යාපාගේ පුත්තලමේ දේශපාලන සබඳතා පාවිච්චි කොට මහමැතිවරණය දිනා පුත්තලමෙන් යළි පාර්ලිමේන්තු පැමිණීමටය.
කෙසේ වෙතත් පුත්තලමෙන් ලන්සාට දේශපාලන වාසියක් ගැනීමට පොහොට්ටුවේ පුත්තලම් ප්‍රබලයා වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉඩ තබනු ඇතිද යන්න සම්බන්ධයෙන් ඇත්තේ විශාල සැකයකි. දැනටමත් ලන්සා හා සනත් නිශාන්ත අතර විශාල දේශපාලන ප්‍රශ්නයක් ගොඩනැගී ඇති බව ප්‍රසිද්ධ රහසකි. පසුගිය කාලයේදී දෙදෙනා දුරකතනයෙන් බැනගත් ආකාරය දැක්වෙන සංවාද මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය විය. ඒ අනුව ඉදිරියේදී ලන්සා, සනත් නිශාන්ත ගැටුම පුත්තලමෙන් යළි කරළියට එනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.










