වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම සදහා අද පාර්ලීමේන්තුව විශේෂයෙන් රැස් කළද ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු ඇතුලුව සභාවේ මන්ත්‍රීවරු 20 දෙනෙක් හෝ නොමැති වීම හේතුවෙන් සභාව හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කර තිබිණ.Sri Lanka Latest News
මෙහිදී ආණ්ඩුව යෝජනාව ඉදිරිපත් කළද සුලු මොහොතක් ගතවෙද්දී ආණ්ඩුව පැත්තේ මැතිඇමැතිවරු බොහෝ දෙනෙක් නොමැති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙනී යාමත් සමග සභා ගැබ ඇතුළතදීම ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් කෙටි සාකච්ඡාවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයම තීන්දුකොට ඇත්තේ සභා ගැබෙන් ඉවත්ව ගොස් වැට් බද්ද 18% දක්වා ඉහළ නංවන ආණ්ඩුවේ යෝජනාවට විරෝධය පළ කිරීමටය.
පසුව විපක්ෂය සභාවෙන් ඉවත් වූ පසු ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු 20ක් හෝ නොසිටීම හේතුවෙන් නියෝජ්‍ය කතානායකවරයා අවශ්‍ය ඝණ පූරණය සොයා ගැනීමට දෙවරක් සීනුව නාද කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ඒ අනුව සභාව හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා පියවර ගත්තේය.