මෙවර ජනාධිපතිවරණයේදී තමන් ගන්නා තීන්දුව ජනාධිපතිවරණයට සතියක් තියා ප්‍රකාශයට පත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට ඇත.
මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානය තම ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් දකුණේ නායකයන්ට ඉදිරිපත් කර ඇති අතර බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එම ඇතැම් ඉල්ලීම් කිසිසේත්ම ඉටු කළ හැකි ඒවා නොවන බවකි.
මේ ආකාරයට දෙමළ සන්ධානය ඉටු කළ නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ 2005දී මෙන් යළිත් වතාවක් උතුරේ ජන්ද වර්ජනයකට යාමේ සූදානමින් බව දකුණේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.
කෙසේවෙතත් දෙමළ සන්ධානයේ සහාය තම අපේක්ෂකයා වෙත ලබා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවත් යන දෙපාර්ශ්වයම තිරය පිටුපස විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවක්ද දැකගන්නට ඇත.