එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත් වැඩියාවකට ලක් කොට එය ඔහුගේ නැගණිය වෙත බාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා. Sri Lanka Latest News
එම යෝජනාව සභාවට ඉදිරිපත් කරණ ලද්දේ වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් විසිනි. ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකු වන අතර සෑම වසරකදීම ඔහු ප්‍රභාකරන්ගේ උපන්දිනය දාට එම නිවස ඉදිරිපිට කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරණු ලබනවා.
ඔහු මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීම පිණිස සංරක්ෂණය කරණ නිසා සියලු දෙනාම ප්‍රභාකරන්ගේ නිවස යැයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බවයි.
එම නිවසේ ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත බාර දීම ඉතා උචිත ක්‍රියාවක් බවද එම්.කේ ශිවාජිලිංගම් ප්‍රකාශ කොට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ ඒකමතික කැමැත්ත පල වී තිබෙනවා.










