මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.Sri Lanka Latest News
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන වැල්ලේ සාරංගෙ මස්සිනා සංවිධානාත්මක අපාරාධකරුවකු බව කියන නිපුනගේ පර්ශයෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පරික්ෂණ සිදු කරන පොලිසිය කියයි.
යුද හමුදාවෙන් පැනගිය සෙබළකු වන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩි තැබිම සදහා යුද හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂණ පැවැත් වූ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙඩික්කරුවකු බව කියන දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා සේවය කරන කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු සේවය කරන මඩකලපුව ප්‍රදේශයේ කදවුරෙන් පැන ගොස් ඇත.
පසුව යුද හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අම්පාර ප්‍රදේශයේ දී සැකකාර සෙබලා මීට සුළු මොහොතකර පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.











