ජාතික චිත්‍රපට සංස්ථාව දිවයින පුරා සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News
වසා දමන ලද සිනමාහල්වලින් රුපියල් කෝටි දාහතරක මුදලක්ද සිනමා ප්‍රදර්ශන මණ්ඩලවලට අයත්ව ක්‍රියාත්මක වන සිනමා ශාලාවලින් කෝටි විසිහතරක මුදලක්ද මෙසේ අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.
සිනමා ශාලා 137 කින් 2020 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු වර්ෂ 19කට වැඩි පැරණි හිඟ මුදල් එකතුව රුපියල් කෝටියකට ආසන්න බව සඳහන් කරන විගණන වාර්තාව මණ්ඩලවලට බෙදීමෙන් පසු 2020 දෙසැම්බර් 31 දක්වා වසා දමන ලද සිනමා ශාලාවලට අදාලව අය විය යුතු හිඟ මුදල්වල වටිනාකම රුපියල් කෝටි දාහතරක් බවද ප්‍රකාශ කරයි.
මේ අතර සංස්ථාවට අයත් තරංගනී සිනමා ශාලාව සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති ප්‍රොජෙක්ටරයට අදාල ලිපි ගොනු විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන ගොස් නොතිබූ ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ප්‍රොජෙක්ටරය සවිකිරීමෙන් පසු අවස්ථා ගණනාවකදීම එය අක්‍රියවී තිබූ බවද වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.










