• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට ගණන් පෙන්නන, තෙල් ගණන් හදන්නෙ මෙහෙමයි…

July 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අපිට ගණන් පෙන්නන, තෙල් ගණන් හදන්නෙ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

හැම එකකින්ම ලාභයි, හැම වර්ගයකටම රජයෙ බද්දක්, අර වියදම් මේ වියදම් එකතු වෙයි…

මේ ලිපිය ලියන්න පටන් ගන්න මොහොත වෙනකොට මට හොඳටම විශ්වාසයි මට වගේම ඔබටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ තෙල් කවදා එයිද, තෙල් ටිකක් හොයාගන්නෙ කොහොමද කියන එක. අපි මේ ලෝකෙ ඉපදුණු දවසේ ඉඳන් මේ දක්වා මේ අවුරුද්ද වෙනකල් කවදාවත් තෙල් කියන ප්‍රශ්න අපට දැනිලා නෑ. ඔබේ හෝ මගේ පරම්පරාවෙ කිසිවෙක් තෙල් පෝලිම්වල දවස් ගණන් රැය පහන් කරලා නෑ. මේ ශිෂ්ටාචාරයෙ සොඳුරුතම යුගය 2020න් පස්සෙ උදාවෙයි කියලා හිතාගෙන පුංචි කාලෙ අහසින් එන කාර් එහෙම ඇඳලා රොබෝවරුත් එක්ක පාරේ ඇවිදින්න හිතාගෙන හිටපු අපිට අද අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ හුළු අතු පත්තු කරගෙන පයින් යන්න.

ජීවිතේ කොයි තරම් අසීරු වුණත් මේ මනරම් පුරයේ මේ මනරම් දේශයේ සියලු දුක් කම්කටොලු විඳ දරාගෙන ඉන්න අදාරණීය සහෘදයනි. මේ වතාවේ ලියන්න තීරණය කළේ ඔබයි මමයි හොයන ඒ අරුම පුදුම වස්තුව කොහොමද මේ මිල වෙලා තියෙන්නෙ කියලා බලන්න. දැන් ඔබ දන්නවා තෙල් මිල හිතුවක්කාර විදියට ඉහළ නංවලා ඉවරයි. ලංකාවෙ ප්‍රථම වතාවට රුපියල් 500කට වැඩි මිලක් තෙල් පොම්පයක සඳහන් වෙන දවස උදාවුණා. ඒ තමයි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 550ක් වීම, ඒ වගේම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 520ක් බවට පත්වීම. මේ දෙකත් එක්ක දැන් අපි ඉන්නේ අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. දැන් අපි බලමු කොහොමද මේ තෙල් මිල හැදෙන්නේ කියන එක.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල තමයි අපි මුලින්ම හොයන්න ඕනෙ. මේ මිල පිළිබඳ සූත්‍රයක් මංගල සමරවීර මහත්තයා ජීවතුන් අතර හිටපු කාලෙ ඉදිරිපත් කළා. ඒ සූත්‍රයට හිනාවෙච්ච කට්ටිය දැන් අලුත් සූත්‍රයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ අපි කියන්න යන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල තීරණය වීම ගැන. සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් වරායට පැමිණෙන මිල ලෙස සඳහන් වෙන්නේ රුපියල් 363.51ක් විදියට. මේ විදියට රුපියල් 363.51කට වරායට තෙල් ලීටරයක් ආවට පස්සේ මේකට සැකසුම් පිරිවැය විදියට, ඒ කියන්නේ සැකසීමේ කටයුතු සඳහා ඔවුන් වැය කරන මුදල විදියට සඳහන් කරන්නේ රුපියල් 20.91ක්. ඉන් පස්සේ වෙනත් පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය විදියට රුපියල් 10.75ක මුදලක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිලට අනුව සටහන් වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ මුදල කීයද කියලා. මේ ගණන් ටික එකතු වුණාට පස්සේ හැදෙන මුදල රුපියල් 395.17ක්. ඒ කියන්නේ රුපියල් 395.17ක මිලක් තමයි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ලෙස සඳහන් වෙන්නේ. අද වෙනකොට රුපියල් 470කට අපි මිලදී ගන්න මේ ලීටරයකට වරායේදී වෙන් කරන මුදල සහ සැකසුම් පිරිවැය, වෙනත් පරිපාලන සහ මෙහෙයුම් ගාස්තු ඇතුළු සියලු වියදම් ගත්තට පස්සේ මේ 395.17ක මුදල සඳහන් වෙනවා. එහෙම නම් මේ ඇමැතිවරු මොනවා කිව්වත් ඉතිරි සියලු මුදල් අපි ගෙවන්නෙ රජයේ බදුවලට යටත්ව. ඒ සියල්ල රජයට ඇති ලාභ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇති ලාභ නොවන නමුත්, මෙහි අපි ඉතා පහසුවෙන් තේරුම්ගත යුතු කාරණාව වෙන්නේ රජයට ඇති ලාභ විදියට. දැන් මේ මුදලට ඔබ දන්නවද දන්නෙ නෑ රජයේ බදු මුදල විදියට රුපියල් 59.26ක මුදලක් අය වෙනවා නිල වශයෙන්. ඒ කියන්නේ අපි ගහන එක තෙල් ලීටරයකින් රුපියල් 59.26ක් වෙන්නේ රජයේ බදු. එතකොට රජයේ බදුත් එකතු වෙලා තමයි මේ තෙල් මිල සඳහන් වෙලා තියෙන්නේ. එතකොට දැන් රජයේ බදුත් එකතු වුණාට පස්සේ තෙල් ලීටරයක මිල රුපියල් 454.43ක් ලෙස සටහන් වෙලා තියෙනවා. හැබැයි විකුණුම් මිල රුපියල් 470යි. ඒ කියන්නේ කවුරු කොහොම කිව්වත් රුපියල් 15.57ක ලාභයක් තෙල් ලීටරයකින් මේ වෙනකොට රජයට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් තෙල් ලීටරයක මිල කුමන මට්ටමෙන් කිව්වත් පාඩු නෑ. රජය බදු වශයෙනුත් වෙනම මුදලක් අයකරලා, ඒකෙ ලාභයක් විදියටත් රුපියල් 15යි ශත ගණනක මුදලක් ලබාගන්නවා අපි නොදැනීම. ඒ කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉන්න මේ යුගයේදිත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 59.26ක් බදු ලෙස අය කරන්න මේ පාලකයන් කටයුතු කරන බව ඔබයි මමයි ඉතා අවධානයෙන් සිහිපත් කරගත යුතු කාරණයක්.

මේ කතන්දරයම තමයි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තීරණ වීමෙදිත් බලපාන්නේ. වරායට එන මිල රුපියල් 367.18යි, සැකසුම් පිරිවැය රුපියල් 24.04යි, වෙනත් පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය විදියට රුපියල් 9.63ක මුදලක් සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිට හිතෙනවා අනේ තෙල්වලට ඔක්ටේන් 95 පෙට්‍රල් ගැහුවට පස්සේ හරි සාධාරණයිනෙ, ටිකක් ගණන් වැඩි වෙන එක. හොඳ තෙල්නෙ කියලා. බලමු ඇත්තටම රජයට සහ වෙනත් අංශවලට නිල වශයෙන්, ගණන් හැදිය හැකි මට්ටමේදී වැයවන වියදම කීයද කියලා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට අදාළව.

ඇත්තටම මේ තෙල් ලීටරක මිල ලෙස සඳහන් වෙන්නේ රුපියල් 400ක වගේ මුදලක්. රුපියල් 400.85ක් තමයි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ලෙස සඳන් වෙන්නේ. එහෙම නම් රුපියල් 400කට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල මේ සියලු වියදම් පියවමින් ලබාදෙන්න හැකියාව තියෙනවා. ඒකෙන් රුපියල් 150ක මුදලක් මේ වෙනකොට රජය ලාභ විදියට උපයාගන්නවා. ඒකෙනුත් රජය බදු විදියට රුපියල් 80.54ක් අය වෙද්දී, රුපියල් 481.39ක් තෙල් සඳහා බදුත් එකතු වෙලා මිල විදියට සඳහන් වෙලා තියෙන්නෙ. නමුත් රජය ඊටත් වැඩියෙන් රුපියල් 68.61ක මුදලක් එක්ක 95 පෙට්‍රල් ලීරයකින් ලාභ විදියට උපයා ගන්නවා.

ඩීසල්වල කතන්දරයත් මේ විදියම තමයි. ඩීසල් ලීටරයක මිල විදියට සඳහන් වෙන්නේ වරායට එන මිල රුපියල් 403.65යි. රජයේ බදු විදියට රුපියල් 36.27ක් ඔවුන් ඒකට එකතු කරනවා. සැකසුම් පිරිවැය රුපියල් 18.29ක් වෙද්දී, වෙනත් පරිපාලන සහ මෙහෙයුම් වියදම් විදියට රුපියල් 10.30ක මුදලක් එකතු වෙලා තියෙනවා. එතකොට ඔටෝ ඩීසල් සැකසුම් මිල රුපියල් 468.51යි, රජය රුපියල් 08ක් පාඩු ලබනවා විකුණුම් මිල විදියට රුපියල් 460 පවත්වාගෙන යද්දී සාමාන්‍ය ඩීසල් ලීටරයකට. නමුත් මතක තබාගත යුතුයි මේ රුපියල් 08 පාඩුව රජයේ බදු විදියට අය කරන රුපියල් 36.27න් අඩු කරලා ගත්තොත් රුපියල් 28ක ලාභයක් රජය ලබාගන්නවා ඩීසල්වලින්. ඔවුන් කොහොම කිව්වත් ඩීසල්වලින් පාඩු බව, නෑ ඩීසල්වලින් රුපියල් 28ක ලාභයක් රජයට තියෙනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල තීරණය වෙන්නේ වරායට එන මිල රුපියල් 408.25ක් වෙද්දී සැකසුම් පිරිවැය විදියට රුපියල් 20.23ක් ඒකට එකතු වෙලා. වෙනත් පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය රුපියල් 12.63යි. මේ සියල්ලට අමතරව රජයේ බදු විදියට රුපියල් 58.62ක මුදලක් සපර් ඩීසල් ලීටරයක මිල තීරණය වීමේදී ගණන් හැදෙනවා. ඒ වෙනකොට මිල විදියට රුපියල් 499.73ක් විදියටයි සුපර් ඩීසල් ලීටරයක මිල සඳහන් වෙන්නේ. නමුත් රුපියල් 520කට සුපර් ඩීසල් ලීටරයක මිල සඳහන් කිරීමත් එක්ක සුපර් ඩීසල් ලීටරයකින් සාමාන්‍යයෙන් රුපියල් 20.27ක ලාභයක් රජයට ලැබෙනවා. ඒ විදියට ගත්තම කවුරු හරි කියනවා නම් තෙල්වලින් පාඩුයි කියලා අන්න ඒ කෙනාට මේ ලිපිය පෙන්නන්න. මේ ලිපිය පෙන්නලා ඔබට අවශ්‍ය ආකාරයෙන් ගණන් හදාගන්න සාමාන්‍යයෙන් බවුසරයකින් කොයි තරම් මුදලක් රජයට ලාභ විදියට ලැබෙනවද කියන එක ඔබට ඒ හරහා හඳුනාගන්න පුළුවන් වෙයි.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨා-රනිල් දුර්දාන්ත පාලනය එළවන්න සජිත් පක්ෂ පාට නොබලා සියලු පක්ෂවලට ආරාධනා කරයි! ආරක්ෂක අංශවලිනුත් විශේෂ ඉල්ලීමක් කරයි! අපි සූදානම්! ජනතාවත් සූදානම් වෙන්න! ජය ශ්‍රී! (VIDEO)

Next Post

ගෝඨා-රනිල් එළවන ජනතා සුනාමිය ළඟදීම කොළඹට එනවා! (VIDEO)

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.