• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුව තියෙන්නේ තව මාස 6යි! ඊළඟ ජනාධිපති සජිත් කියලා හර්ෂ ඉරාන්වත් ළඟ තියාගෙන ඉඟියකුත් දෙයි! හර්ෂලා ඉරාන්ලා UNP එකට එනකම් උඩ බලාගෙන ඉන්න රංගේ බණ්ඩාර මේක අහලා දුක් වෙනවාද මන්දා! VIDEO I Sri Lanka Latest News

April 17, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් දක්නට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවැසු අතර මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

‘‘ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබුණා.

බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් මෙහෙයුම් කමිටුවේ (Steering Committee) සමාජිකයන් මෙම සාකචඡාවට සහභාගි වුණා සහභාගී වුණා. ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර වල වටිනාකමින් සියයට 50 කට වඩා අයිති පිරිසක් තමයි මෙහෙයුම් කමිටුවේ (Steering Committee) සිටියේ. රජය බලාපොරොත්තු වුණා අප්‍රේල් මාසය වනවිට මෙම සාකච්ඡා අවසන් කරලා එකඟතාවයකට පැමිණෙන්න. ඩොලර් බිලියන එකොළහක මුදල සහ ණය නොගෙවපු කාලයේ එකතු වුණ ඩොලර් බිලියන 1.7 එකතු කරලා ඩොලර් බිලියන දොළහ හමාරක පමණ ප්‍රමාණයක ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න එකඟතාවයකට එන්න බලාපොරොත්තු වුණා.

2040 වන තුරු ශ්‍රී ලංකාව බැඳීමකට ලක්වෙන බවක් තමයි ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පෙනෙන්නට තිබෙන්නේ. අවුරුදු ගණනාවකට ඉදිරියේදී තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න එකඟතාවයකට පැමිණෙන්න වර්තමාන රජය බලාපොරොත්තු වෙන්නේ. නමුත් වර්තමාන අණ්ඩුව තිබෙන්නේ තව මාස 6 ක කාලයක. ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න ආණ්ඩුව 2040 දී එකඟතාවයකට එනවා නම් ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් එහාට ගිහිල්ලා විපක්ෂයේ මතයත් එකතු කරගන්න.

මැයි මාසයේ අග වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණිලා ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් එම එකඟතාවය දිගටම අරගෙන යන්න ඕන.

2022 අප්‍රේල් මාසයේ 12 කිව්වා වගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවුණේ නැ කියලා කියන්න බෑ. සංශෝධනය කරන්න ඕන කියලා කියන්නත් බෑ. එහෙම වුණොත් දෙවැනි වතාවටත් ණය පැහැරහැරිය රටක් බවට පත් වෙනවා.

1975 2020 දක්වා සිදුකළ සියලු ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ රටවල් වලින් රටවල් සියයට 60 ක් පළමු වතාවේ අසාර්ථක වෙලා තිබෙනවා. නමුත් ඒ රටවල් නැවත නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලි සඳහා ගොස් තිබෙනවා. එවැනි අවස්ථාවල රටවල් අස්ථාවර වෙනවා. රටවල් කඩාගෙන වැටෙනවා. ආයෝජකයෝ රටට පැමිණෙන්නේ නෑ. විශාල අගාධවලට රටවල් ගමන් කරනවා. ඒ නිසා ණය පැහැර හරින්න ලංකාවට හැකියාවක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොල ගැන අවබෝධයක් තිබෙන පිරිසට ඒ බව තේරුම් ගන්න පුලුවන්.

සමහර දේශපාලන පක්ෂ වල පිරිස් කියනවා සියලු ණය විගණනයක් කරනවා කියලා. විගණනය කරලා කොතරම් ණය හොරකම් කළාද කවුද ණය හොරකම් කළේ කියන දේවල් හොයනවා. පසුව නැවත ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කරලා ගෙවන්න පුලුවන් කාලයේදී ණය ගෙවනවා කියලා සමහර දේශපාලන පක්ෂ සඳහන් කරනවා. ලෝකයේ මුල්‍ය වෙළඳපොල එහෙම වැඩ කරන්නේ නෑ. ණය ගත්තානම් ඒ ණය ගෙවන්න ඕන. ඒ ණය හොරකම් කරලා තිබෙනවානම් ඒ හොරු අල්ලන්න ඕන.ඒක වෙනම කතාවක්. ණය හොරකම් කරපු පුද්ගලයන් අල්ලන්න සමගි ජනබලවේගය වෙනම වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තිබෙනවා. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් හරහා එම කටයුතු සිදුකරන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් ණය හොරකම් කරපු පුද්ගලයන් සෙවීම සහ ස්වෛරී බැඳම්කර හිමියන් සමඟ තිබෙන එකඟතාවය කාරණා දෙකක්. සමහර දේශපාලන පක්ෂ කියන කතා ලෝකයේ මුල්‍ය වෙළඳපොලත් සමඟ ගැටෙන දේවල්.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලි සිදුකිරිම අත්‍යාවශ්‍ය කාරණයක්. එසේ සිදුකළොත් ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනිමට හැකි රටක් ලෙස ලෝකය පිලිගන්නවා. රටේ කර්මාන්ත වලට ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොල විවෘත වෙනවා. ආයෝජකයන්ට රටට එන්න අවස්ථාවක් ලැබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය රටේ ආර්ථික වර්ධනය සමඟ සම්බන්ධ විය යුතුයි කියන මුලික අදහසට එකඟවෙලා තිබෙන බවක් තමයි ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් පැවැති සාකච්ඡාවෙන් පෙනෙන්න තිබෙන්නේ. නමුත් එය එසේ සිදුවිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය රටේ ආර්ථික වර්ධනය සමඟ සම්බන්ධ කරගත්තාට ප්‍රශ්නයක් නෑ. නමුත් එය සියයට සියක්ම බැඳි තිබිම රජයට සෘණාත්මක බලපෑමක්.

ගත්ත ණය විගණනය කරන්න හැකියාවක් නෑ. ණය අරගෙන තිබෙන්නේ ලංකාවේ නීතියට අනුව නෙවෙයි. නිව්යොත් ප්‍රාන්ත නීතියට අනුව තමයි ණය අරගෙන තිබෙන්නේ. හැමිල්ටන් රිසව් බැංකුව විසින් නිව්යොත් ප්‍රාන්තයේ දැනටමත් නඩුවක් ගොනු කරලා තිබෙනවා. විගණනය කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බෑ. ඒ නිසා තමයි අපි ජාතික ජනබලවේගයට කියන්නේ විවාදයකට එන්න කියලා. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කොහොමද කියලා අපිට විවාදයේදී කතා කරන්න පුලුවන්. ‘‘

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ කීය.

‘‘රටේ තිබෙන සම්පත් විකුණනාවා කියලා විවිධ පාර්ශ්ව පසුගිය සතියේ ප්‍රකාශ කරලා තිබුණා. නමුත් සිදුකළ යුත්තේ රජයේ සම්පත් වලින් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට බෙදා දීමයි. එය රජයේ වගකීමක්. එසේ සිදුකළාම රටේ ජනතාවට දුපපත් වී සිටින්න ඕන නෑ. රජයෙන් යැපෙන්න ඕන නෑ. කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන රජය සතු සම්පත් රැසක් රට තුළ තිබෙනවා. රජය සතු මෙම සම්පත් වලින් රටේ මහ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. ඊට දේශපාලඥයින් වගකිව යුතුයි. රටේ සම්පත් අයිති රටේ ජනතාවට. රජයේ සම්පත් වලින් ප්‍රතිලාභ වැඩි කර ගන්නේ කෙසේද කියලා සොයා බලලා ඒ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙන්න සමගි ජනබලවේග රජයකින් කටයුතු කරනවා.

මැද පෙරදිග තෙල් විකුණලා අද වනවිට විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබෙනවා. ගුවන් සේවාවේ මධ්‍යස්ථානයක් බවට අද මැද පෙරදිග පත්වෙලා තිබෙනව. ඔවුන් අද එවැනි තැනක සිටින්නේ රටේ සම්පත් නිසියාකාරව භාවිතා කරපු නිසයි. රටේ තිබෙන සම්පත් සුදුසු වෙලාවේ භාවිතා නොකළහොත් විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ වටිනාකම පහළට යන්න පුලුවන්. සම්පත් තිබෙන අවස්ථාවේ එම සම්පත් පාවිච්චි කරන්න ඕන. ලංකාවෙත් පොස්පෙට් , ග්‍රැෆීන් , ග්‍රැෆයින් පිළිබඳ පර්යේෂණ සිදුකරලා තිබෙනවා. මේ සම්පත් යොදාගෙන රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනක් සමගි ජනබලවේග රජයක් තුළින් දියත් කරනවා. ඒ වගේම රටක් ගොඩනැගීමේදී දැනුවත් භාවයකින් යුක්තව රටක් ගොඩනැගිය යුතුයි. ඒ වගේම රටක් ගොඩනැගිමට දර්ශනයක් , සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම උපක්‍රම තිබිය යුතුයි. ඒ වගේම රටට විදේශ ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට වැඩපිළි‍වෙළක් තිබෙනවා.

රටේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සමාජ ආරක්ෂණය අවශ්‍යයි. ඒ වගේම සමාජ ආරක්ෂණය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට ලබාදිය යුතුයි ඒ හරහා මන්දපෝෂණය සම්පුර්ණයෙන්ම නැති කළ යුතුයි. මන්දපෝෂණය තුරන් කිරිම අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය කාරණයක්. මේ කොටස් හැමදාම ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මධ්‍යම වයසේ සිටින පිරිසටත් ආරක්ෂාවක් ලබාදිය යුතුයි. ඔවුන්ව ගොඩ ගැනීමට සමෘද්ධිය අස්වැසුම වගේ බොරු දේශපාලන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම නතර කළ යුතුයි. ඔවුන්ව ආරක්ෂා කරන්නේ රජයෙන් යැපෙන සමාජයක් නිර්මාණය කරන්න නෙවෙයි. ඔවුන්ව වෙළඳපොලට එකතු කිරිමට කටයුතු කළ යුතුයි. ඔවුන්ව ව්‍යවසායකයන් කරන්න ඔවුන්ගේ අනාගතය නිර්මාණය කර ගන්න රජය ඔවුන්ට ශක්තියක් විය යුතුයි. මේ ආකාරයට තමයි සමගි ජනබලවේගය සමාජ ආරක්ෂණය සිදුකරන්නේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශ්‍රාම ලැබුවාහම ඔවුන්ට තිබෙන එකම ඉතිරි වන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ තිබෙන මුදල් ප්‍රමාණය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජිවිතයේ ඉතිරි කාලය ජිවත් වෙන්න තිබෙන එකම ඉතිරිය වන්නෙත් සේවක අර්ථ සාධක අරමුදල. මේ වනවිට සේවක අර්ථ සාධක අරමුදලෙන් රජය මුදල් සොරකම් කරලා තිබෙන්නේ. පසුගිය අවුරුද්දේ සේවක අර්ථ සාධක අරමුදලෙන් සියයට 9 ක ප්‍රතිලාභයක් ලබාදුන්නා. ඒ වගේම මහ බැංකුවේ වැඩකරන පිරිසට සේවක අර්ථ සාධක අරමුදලෙන් සියයට 29 ප්‍රතිලාභ ලැබිලා තිබෙනවා.

සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරිමට ස්වාධීන එ්කකයක් හදන්න ඕන කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තිබෙනවා. එසේ සිදුකිරිමෙන් කිසිදු ගැටුමක් ඇතිවෙන්නේ නැති බවත් ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මහ බැංකු බැදුම්කර වංචාවේදීත් සේවක අර්ථ සාධක අරමුදලට විශාල පහරක් වැදුණු බව සඳහන් වුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේදීත් සේවක අර්ථ සාධක අරමුදලට වැඩි පීඩනයක් එල්ල වුණා. සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැර කරන පිරිසගේ ප්‍රතිලාභ ආරක්ෂා කළ යුතුයි. සමගි ජනබලවේග රජයක් තුළින් එය ක්‍රියාත්මක කරනවා. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකමක් වන සේවක අර්ථ සාධක අරමුදල ආරක්ෂා කළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබුණ මුදල බැංකුවක තැන්පත් කරලා ලැබෙන පොලිසියෙන් තමයි ජිවත් වෙන්නේ. ඔවුන් රජයෙන් යැපෙන්නේ නෑ. ඔවුන් ඉතිරිකරගත් මුදල භාවිතා කරලා තමයි ජිවත් වෙන්නේ. ඔවුන්ට ලැබෙන පොලි ප්‍රතිශතය පිළිබඳව ද සොයා බැලිය යුතුයි. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදලක් නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දීමනාවක් හරහා ඔවුන්ව ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙළක් දියත් කරන්න සමගි ජනබලවේග රජයක් යටතේ කටයුතු කරනවා. ‘‘

ගොඩහේවා පෙන්න පෙන්න UNP එකයි JVP එකයි සජබෙ කඩන්න හදන ගේම් එක තවම ඉවර නෑ! කබීර්ට-හර්ෂට-ඉරාන්ට-තලතාට අද රංගේ කියනවා රනිල්ලා-රවීලා ඉන්න UNP එකට එන්න කියලා! මේ හතර දෙනා රංගෙට දෙන උත්තරේ ගැන රටම බලන් ඉන්නවා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අප්‍රේල් 21ට ප්‍රහාරයට අවුරුදු 5 පිරෙනවා! සජබය විතරයි තවමත් අපිට පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන විදිහ මට ලිඛිතවම දැනුම් දීලා තියෙන්නේ! මාලිමාව මගෙන් අපොයින්මන්ට් එකක් ඉල්ලලා තියෙනවා හමුවෙන්න ඕන කියලා.. මම දන්නෙ නෑ ඒ අය මොනවද කරන්න යන්නේ… මගේ අපොයින්මන්ට් එක මොනවටද පාවිච්චි කරන්න යන්නේ කියලා! කාදිනල් හිමි කලකට පසු මාධ්‍ය හමුවකට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උසාවිය දුන්නු තීන්දුවක් විවේචනය කරලා! හිරුණිකා උසාවියට අපහාස කිරීමට එරෙහිව නඩු වැටෙයි! 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින්න නියෝගයක්! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.