කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියකගේ නිවසේ තිබූ කෝටි ගානක දේපල තොගයක් සොරා ගත් පුද්ගලයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ නිවසේ තිබී මිල කළ නොහැකි මැණික් දියමන්ති මුතු සහ කෝටි ගණනක රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් මෙසේ සොරා ගෙන ඇත.
අදාල නිලධාරිනිය සහ පවුලේ කිසිවකු නිවසේ නැති අවස්ථාවක සැකකරු ජනේලයකින් නිවසට ඇතුළු වී මෙම දේපළ සොරාගෙන ගොස් තිබේ.
පසුව සිදුකරන ලද පොලිස් විමර්ශන අනුව මෙම සැකකරු රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන ඇත.










