ජනතා ප්‍රශ්න යට ගැසීම සදහා අද ආණ්ඩුව විවිධ නාට්‍යය පෙන්වමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රීලනිපය අද ආණ්ඩුවෙන් යන බව කියන බවත්, පොහොට්ටුව ඔවුන්ට පලයව් කියා කියන බවත්ය.
නමුත් මෙය රගපෑමක් බවත්, ආණ්ඩුවෙන් යන හෝ යවන කිසිවෙකුත් නැති බවත්, ඊට නොරැවටෙන ලෙසත් බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.










