කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකම අද (29) රාත්‍රියේ හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවිය.
රත්මලාන, මහරගම, දෙහිවල, නැදිමාල, කැලණිය, කිරිබත්ගොඩ, ඇතුඵ ප්‍රදේශ ගණනාවකම රාත්‍රී 7.50 ට පමණ විදුලිය බිදවැටීම් වාර්තා විය.
මේ අතර කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් සිදුවී තිබේ.
ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීමක් සිදුවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
මහවැලි ජලාශ බලාගාරවලින් විදුලි ජනනය සිදුකිරීමද නතරවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.










