ජාතිවාදය හෝ ආගම්වාදය නැවත වතාවක් රට ඇතුළේ අවුලුවාලීමට කිසිදු ඉඩක් නොතැබීමට ආණ්ඩුව දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එවැනි අන්දමේ කටයුතු කරන පිරිස් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරලීමටද ආණ්ඩුව තීන්දු කොට තිබේ.
පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රාජාසන කතාව පාර්ලිමේන්තුවේදී සිදු කරමින් කියා සිටියේ නැවත කිසිදු අවස්ථාවක රට ඇතුළේ ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවාලීමට කිසිවකුටත් ඉඩ නොතබන බවකි.
උතුරේ පැවැති මහවිරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකළ තිදෙනකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය අවුස්සන සුළු පුවත් ප්‍රචාරය කර ඇති බවට වූ චෝදනාව යටතේය.










